වනජීවී දෙපාර්තුමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව සැක සහිත අලින් දෙදෙනකුගේ බලපත්‍ර පරික්ෂා කිරීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් පිරිසක් කැගල්ල ප්‍රදේශයේ එම අලින් රදවා සිටි ස්ථානයට යැවු බව වනජීවි දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ඡෙනරාල් එච්.ජී.රත්නායක මහතා පැවසිය.
එම ස්ථානයට යන විට එක් අලියකු පෙරහරක් සඳහා යවා ඇති බව එම අලියාගේ හිමිකරුවන් පවසා ඇති අතර අනිත් අලියාගේ බලපත්‍ර මින් පෙර අවස්ථාවකදීද මෙම හදිසි වැටලීම් ඒකකයේ නිලධාරියා සෝදිසි කළ අලියාම බව වනජීවී නිලධරයෝ කියති.
එම අලියාගේ බලපත්‍ර සම්බන්ධව අභියාචනාධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින බවත් ඒ සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවෙන්ද සොයා බලා ඇති බවත් වනජීවි දෙපාර්තුමේන්තුවෙන්ද විමර්ෂණයක් සිදුවන බවත් අධ්‍යක්ෂ වරයා පැවසීය.
වනජීවි දෙපාර්තමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් බලපත්‍ර නිරික්ෂණයේදී එහි තොරතුරු අනුව බලපත්‍රයේ වයස හා එම අලියාව නිරීක්ෂණය කිරීමේදි වයස් ගැලපෙන බවද ගැටලුවක් වි ඇත්තේ මෙම අලියාගේ බලපත්‍ර අංකයේ 230 හා 229 යන අංක දෙකක වෙනස් වීමක් බවත් 229 අංකයට තවත් ලියාපදිංචි බලපත්‍ර හිමි අලියෙකුද ඇති නිසා එකම බලපත්‍ර අංකයකට අලි දෙදෙනෙකු සිටිය නොහැකි නිසා ඒ ගැනද මේ වන විට විමර්ෂණ සිදු කරන බවත් කියයි.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලි දෙන්නටම එක අංකයයි
ෆැන්සිස් Thursday, 09 April 2015 09:40 AM
මේකත් අර දේශපාලනඥයින්ගේ උප්පැන්න සහතික,පාස්පෝර්ට් සිද්ධීය වගේ දෙයක් වෙන්න ඇති (දිල්)
කිරි ගමරාල Thursday, 09 April 2015 04:22 AM
ඕක මනාප ලයිස්තුවේ අංක යෙදීම පිලිබඳ මුලික ගැටළුවක්. (ස)
සත්‍යපාල Thursday, 09 April 2015 04:48 AM
නිවුන්නු වෙන්න ඇති !(බ)
කුරුවිට Thursday, 09 April 2015 06:19 AM
මේක අලි වලියක් වෙලානේ (දිල්)