වනජීවී දෙපාර්තමේන්තුවේ තිබූ අලි තෝම්බුව හෙවත් අලි පොත අද පරීක්ෂා කළ බවත් එහි ලියාපදිංචි ඇතැම් අලි සම්බන්ධ විස්තර විකෘත්ති කැර ඇතැයි පැහැදිලිව පෙනෙන බවත් සාංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසයි. අලි පොත විකෘත්ති කළ නිලධාරින්ට මෙන් ම බලපත්‍ර නොමැතිව හෝ ව්‍යාජ බලපත්‍ර සහිතව අලි ළඟ තබාගත් පුද්ගලයන්ට දේශපාලන පක්ෂ හෝ තරාතිරම නොබලා දඬුවම් දෙන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියෝජ්‍ය ඇමතිතුමාගේ උනන්දුව හොඳයි. අපි රූපවාහිනියෙනුත් දැක්කා. ඵලදායී යමක් සිදුවේයැයි අපි සිතනවා (නි)
කවදාවත් ඔය කිසිවෙකුට දඬුවම් ලැබෙන්නේ නැතිවෙයි. අපේ රටේ හැටියට එහෙම වෙන්නේ නැහැ. දඬුවම් කළත් ඇත්ගොවුවන්ට දඬුවම් කරයි සමහරවිට, නීතිවිරෝධී අලි බලාගත්තා කියලා. අනෙක ඔය හැමෝම බලවත් අය (නි)
වසන්ත මහත්මයෝ, කරන වැඩක් ඉක්මනට. (නි)
ඇත්තම කියනවා නම් ඔය අලි තෝම්බුව හොයනවාට වඩා වැඩ තියෙනවා මේ කාලේ කරනවා නම් කරන්න. මහාපරිමාණ හොරු අල්ලන්න, දැනටත් රාජ්‍ය ආයතන වල වෙන දූෂණ නවත්වන්න ක්‍රමයක් හදන්න බලන්න. රටට හරි ආදායමක් හොයන්න පුළුවන් දෙයක් කරන්න බලන්න. ඊටපස්සෙ බැරියැ අලි තෝම්බුව හොයන්න. රටේ සම්පත් ප්‍රමුඛතාවය අනුවයි වියදම් කරන්න ඕනෑ. (නි)
ඇයි මේ තවම අලි තෝම්බුවක් නඩත්තු කරන්නේ? දැන් කාලයට ඔබින පරිදි පරිගණකගත කළා නම් එම දත්ත සුරක්ෂිත කරගැනීමට පහසු වෙනවා නොවේද? එය කිසිදිනක නොවෙනස්ව පවත්වා ගැනීමද, තොරතුරු විනාශවීමද, ඔය කියන හොරුන්ගෙන් ආරක්ෂා කරගැනීමද පහසු වෙනවා නොවේද? එමෙන්ම මෙය පරිගණකගත කර ගැනීමෙන් එම විස්තර එදිනෙදාට අනුව යාවත්කාලීන කර ගැනීමද ඉතාමත් පහසු වෙනවා. (නි)
කියෙව්වට මුකුත් වෙන්නේ නෑනේ (දිල්)
අර නීතිය ආරක්ෂා කරන ආයතනයක එක්කෙනෙක් ලඟත් ඉන්නවා කියා දැනගන්න ලැබුනා (නදී)