ගල්ගමුව, ඇහැටුවැව අලි මිනිස් ගැටුම උග්‍ර වී ඇත.කැලෑ එළි කිරීම නිසා සිය නිජබිම් අහිමිවු වල් අලි ගම්වදීති, ගෙවල් කඩති.ගෙවතු වනසති.මිනිසුනටද පහර දෙති.
පහර කෑ කිහිපදෙනෙක් මරුමුවටද පත් වුහ.මාකලානේගම ගැමියෝ දිනපතාම වාගේ වල් අලින්ගේ හිරිහැරවලට ලක් වෙති.ඊට විසඳුමක් පතා අද (17) ඔවුහු මහා සංඝරත්නයද සමඟ මහ පාරේ වාඩි වුහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවූද ගස් කපන්නේ, දේශපාලකයෝද? ඔවුන්ට සාප වේවා. අපි සියලුම දෙනා කියමු (නදී)
වල් අලි මර්දන ඇමති පදවියක් වහා පත්කරමු (නි)
පවු අසරණ මිනිස්සු, අලිත් අසරනයි වනජීවී ඇමති වරුන්ගේ සැලැස්මක් නැහැ එකයි මේකට හේතුව!!! (අ)
දුෂ්කර ගම්මාන වල ඔය වගේ තමයි.මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දුන්නා නම් මොකද වෙන්නේ.(හේ)
මේ ප්‍රශ්නයට වහාම පිළිතුරක් ලබා දිය යුතුයි.(හේ)
දැන් එතකොට අර අලි ප්‍රශ්න ගැන කතා කරන්න නේද කොහොන මහතා ඇතුළු කණ්ඩායමක් පිටරට ගියේ ? (නි)
මේ පළාත් වල මිනිස්සු මේ ප්‍රශ්නය නිසා කොච්චර පීඩාවක් විඳිනවා ඇද්ද? (නි)
අලියා මනුස්සයින්ටද ආදර්ශයක් දෙමින් ඉවසිලිමත්ව සහ විනීතව හැසිරන සතෙක් වුවත් මෙසේ හැසිරෙන්නේ ආත්මාර්ථකාමී මිනිසුන් ඔවුන්ගේ නිජබිම් ඔවුන්ට අහිමි කරන නිසා බව නොවැටහේද? ගොවිතැනින් රැකෙන විවිධ දුෂ්කරතා මැද රට ස්වයංපෝෂිත කිරීමට දායකත්වය දෙන මෙම අසරණ රටවැසියන්ගේ මෙම දැවෙන ප්‍රශ්නය වහාම විසඳිය යුතුය. (නි)
මේ අසරණ වැසියන්ට පිහිටක් වෙන්න.(හේ)
අලිංට කැලෑවට යන්න විදියක් හදන්න ඕනෑ.(හේ)
වනජීවී එක කරන්නේ ඉහළින් කියන දේ. රටේම වනාන්තර වලට සැළැස්මක් ඕනෑ. ඉන්දියාවේ වගේ. මේ අලි අතරමංවෙලා ඉන්නේ නිසි සැළැස්මක් නැතිකමයි, නොසැළකිල්ලයි නිසයි. මේවාට උත්තරය මොකක්ද? (නි)
අක්කරපත්තුව, හොරොව්පොතාන , වයඹ උතුර නැගෙනහිර පළාත් වල වෙන ඉඩම් මංකොල්ලය නිසයි මේ වගේ අහිංසක මිනිස්සුයි අලියි මැරෙන්නේ. රටටම ඒකාබද්ධ සැළැස්මක් ඕනෑ (නි)
අලි මිනිස් ගැටුම අද ඊයේ ඉඳලා නෙමෙයිනේ තියෙන්නේ (නි)