සුනිල් සර්.... කවුරැත් වගේ දන්න මහාචාර්ය සුනිල් ආරියරත්න දවසම හරි ඉඳලා යන්න වරෙල්ලා ගෙදරට කියලා කට්ටටියකට ආරාධනාත්මක ලියුම් එවලා තිබ්බේ බොල්ගොඩ ගඟ මායිම් වෙන්න පිහිටි සුන්දර ගෙවත්තේ අසිරිය බලාපල්ලා ඒ අසිරිය විඳගන්න ගමන් තෙලට මිරිසට සාරසුබාවට සප්පායම් වෙලත් පලයල්ලා කියන අරමුණින්ම නෙවෙයි.
සුනිල් සර් අතගැසුව අලි කතාව ගැන දෙසාබාන්නට තිබ්බ වුවමනාවත් ආරාධනාව පිටිපස්සේ හේතු ප්‍රස්තුත විදිහට ඇමිනිලා තිබුණා. ලෙටීෂියා බොතේජු ලියූ අනුෂ සහ රජ කුමරැ යොවුන් නවකතාවෙන් හදපු සුනිල් සර්ගේ ඊළඟ අලි පිම්ම තමා අලි කතාව. සුනිල් සර්ගේ ඊළඟ චිත්‍රපට කෙරිල්ල, අලි කතාව කරන්න ගිහින් ෙවච්චි අලිකලංචියක් වෙච්ච අලකලංචිය ගැන තමා අපි රත්තරන් අව් රැල්ලේ රුස්කකා අහන් උන්නේ. අලින්ටත් සෙනසුරැ ලබපු, අලි අයිතිකාරයින්ටත් සෙනසුරැ ඒරාෂ්ඨකෙයි ජන්ම ඒරාෂ්ඨකෙයි දෙකම ලබලා ඒරාෂ්ඨකය ඩබල් වෙලා තිබ්බ අලි කරදර කාලෙක අලි කතාවේ අලි පුංචා හින්දා සුනිල් සර්ටත් අලි කරදර ගොඩාක් වුණාලු. ලංකාවේ අලියන්ගෙයි අලි අයිතිකාරයන්ගෙයි අපල ගෙවෙනකම් බලා ඉන්ෙන ගියොත් අලි කතාව අල කතාවක් වෙයි කියලා හිතුව සුනිල් සර් අන්තිමට අලි කතාවට අලි පැටියෙක් ගේන්න තායිලන්තයේ චොක් චායි ඇත්හලටම ගියාලු.
ඔන්න ඔහොම ගිය කතාවේ තව කතා ගොඩයි. කොහොම වුණත් අලි කතා අලි කලංචි මැද්දේ අලි වැඩ අලවෙද්දී, අලවෙලා දෙල්වෙද්දී සුනිල් සර් හීන් නූලෙන් තවත් අලි පිටපතක් ලිව්වා වෙන අතකට යන්න ගිය මිලියන එකසිය පනහක් අලි කතාවේ වැඩේට ඇද ගන්න. ඒ තිරපිටපතත් අති සාර්ථක වුණා. මහරජ ගැමුණු හදපු ගුණපාල මලලසේකර (සිෆ්වින් ෆිල්ම්ස්) අන්තිමට මිලියන එකසිය පනහක් අරන් සුනිල් සර් ළඟට ආවේ අර කීව පිටපතේ අති සාර්ථකත්වය හින්දා. මේ ඔක්කොම අස්සේ මරණයට නියම වෙච්චි හරක් පැටියෙක් නිදහස් කරලත් සුනිල් සර් ලොකු පිංකමක් කරගත්තා. ලැටීෂියා බොතේජුගේ පොත වෙනුවෙන් සල්ලි එපා කීව ඇගේ උතුම් හිතක් තිබූ පුතණ්ඩියා අම්මා වෙනුවෙන් මෙහෙම පිනක් කරන්න කීව ඉල්ලීම අනුව නන්දා මාලිනියි තව දෙන්නෙක් හරක් නිදහස් කරන්න එකතු කරපු කැට තුනකින් දුන්න සල්ලිත් දාලා තමා මේ හරක් පැටියා නිදහස් කරලා තියෙන්නේ.
චන්දන වික්‍රමසිංහගේ අලංකාරයත් එක්ක විනයක් තිබෙන නැටුම් කලාවෙන් විචිත්‍රවත් වෙච්ච චන්න දේශප්‍රියගේ අමුතු ඇහැක් ඇති තෙවැනි ඇසින් දසුන් මැවුණු අලි කතාවේ කට්ටිය ගොඩයි. රවින්ද්‍ර රන්දෙණිය, ගිරිරාජ් කෞෂල්‍ය, කුමාර තිරිමාදුර, රොඩ්නි වර්ණකුල මෙන්න මේ වගේ සිනමාවේ අලි චරිත අලි කතාවට පණදුන්නා. හැබැයි අලි කතාවේ ලොක්කා ඒ කියන්නේ Main Character කරන්නේ මේ කවුරැත් නෙවෙයි රාජු. රාජු කියන සද්දන්ත කුලේ අලි පුංචා.
අලි කතාව ගැන මීට වඩා කතා කියන්න කල් වැඩියි. මොකද අලි කතාව අපේ ඇස් ඉස්සරහට එන්න තව කල් තියනවාලු. ඒ කල් ළංවෙද්දී අපි ආයෙත් අලි කතාව ගැන කතා කරමු. නැත්තම් අලි කතාව අලි රසයක් වෙනුවට අලි වාතයක් වෙන්න පුළුවන්.
සේයාරෑ / සුමුදු
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අලි කතාවේ අල කතා