විල්පත්තුවේ අලි ඇත්තුද බුද්ධංගල අලි ඇත්තු ද අද (15) ඔවුන්ගේ බල පුළුවන්කාරකම් පෙන්වුහ.
පුත්තලම කුරුණෑගල ප්‍රධාන පාරේ කල්අඩිය හතරේ කණුව ප්‍රදේශය ද වල් අලි රංචුවක් ඔවුන්ගේ ග්‍රහණයට ගත්හ.
තිස් පස් දෙනකුගෙන් පමණ අලි රංචුව පැය බාගයක් පුරා වාහන නවතාගෙන සිටියහ.
අම්පාරේ බුද්ධංගල සිට දීඝවාපියට පැමිණි වල්අලි 60ක පමණ රංචුව දීඝවාපි උළු කම්හල පෙදෙස ටික වේලාවක් ඔවුන්ගේ රාජධානිය කැරගෙන සිටියහ.
රෝවන් පෙරේරා
වසන්ත චන්ද්‍රපාල














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ඇත්තු ඔවුන්ගේ රාජ්‍යය ඉල්ලුවට ඉතින්, මිනිස්සු දෙන්නේ නැත්නම් මොනවා කරන්නද? (නි)
අලින්ට යන-එන මං නැතුව අතරමංවෙලා වගෙයි (නි)
මට නම් පෙනෙන්නේ බන්දුල බයවෙලා ඉන්නේ අලින්ට නෙමෙයි. අලි වෙඩි ගහලාවත් පන්නන්න බැරි බයනැති බවලුතුන් මේ සභාවේ ඉන්න බව අත්දැකීමෙන් බන්දුල දන්නවා (නි)
මේකත් හරියට මත්තල ගුවන් තොටුපළ පාර වගේනේ. එහෙත් අලින්ගේ අයිතියට අභියෝග එල්ලවෙලා තියෙනවානේ! (නි)
දැන් අලින්ගේ කාලය ඇවිල්ලා වගෙයි (නි)
කාපට් පාර පමණක් දියුණුව නොවේ. සියලු ජීවීන්ටත් මිනිසාටත් ඇති ජීවත්වීමේ අයිතිය රැකීම රටක දියුණුවයි. (නි)
හරිම ලස්සනයි සොබාදහම අපි රැක ගත යුතුයි.(අ)
අලින්ට සලකනවා හොදටම මදි. දැන් නම් කාලේ හරි. (අ)
පාරවල් හදන්න කලින් මේ පැත්තම අපින්ගේ.(හේ)
දැන් අලින්ටත් යන්න තැනක් නැතුව ඉන්නේ.(හේ)
කොහොමත් අලින්ගේ රාජ්ජේ තමයි ඉස්සරහට එන්නේ. (දිල්)
භයානක වුණත් හරිම ලස්සනයි. ලංකාදීපයට අපෙන් තුති! (නි)
මොන තරම් සුන්දර දර්ශනයක් වුවත් මේ සතුන් රැක ගන්න ඕනේ.(හේ)
අලි ඇතුන් සිටින අපේ මවුබිම වේ සිරිලංකා.(හේ)
ජාතියේ උරුමයක් වූ අලි , ඇත් පරපුර තව දුරටත් රැක ගැනීම සඳහා වන ජීවී දෙපාර්තමේන්තුව යටතේ ලංකාවේ සියලුම වන උද්‍යාන තුළ ක්‍රමානුකුලව අලි පැට්ටි බෝකිරීම ට කඩිනමින් පියවරක් ගත යුතුයි.(හේ)
අලි ඇත්තු දිනයිද බලමු.... (නි)
අලි බලන්න පින්නවලම යන්න ඕනෑ නැහැනේ දැන්... විල්පත්තු, පුත්තලම,අම්පාරට ගියා නම් හොඳට අලි දැකගන්න පුළුවන්. කොහොමද කාපට් පාර? අලිත් මේ පාරේ යන්න ආසා ඇති (නි)
අලින්ගේ ඉවසීමේ සීමාව පනින එක නම් බොහොම භයානකයි (නි)
අලියා කියන්නේ බොහොම බුද්ධිමත් සත්වයෙක් (නි)
සුන්දර බව පෙනෙයි පස්සෙන් එළවාගෙන ආවා නම්... අලිවෙඩි ගහලා කැලෑවට පැන්නුවා නම් හරි (නි)