ව්‍යාජ ලිපි ලේඛන යටතේ ලියාපදිංචි කර අලින් ළඟ තබාගෙන සිටින දේශපාලකයින්, ස්වාමින් වහන්සේලා හා ව්‍යාපාරිකයින් සතු අලි 13 දෙනකු වනජීවී භාරයට ගෙන අධිකරණ කටයුතු නිම වෙන තෙක් උඩවලව ඇත් අතුරු සෙවණේ ආරක්ෂිතව රඳවා තබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කළේය.
එම අලින් වන ජීවි භාරයට ගෙන අලි පශූ වෛද්‍යවරයකුගේ අධික්ෂණය යටතේ තබා ගන්නා ලෙසට අධිකරණය දැනුම් දුන්නේය.
මෝසමක් මගින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය සෑහිමකට පත්විය නොහැකි තොරතුරු මෙම අලින් 13 දෙනා සඳහා ඇති බැවින් විමර්ශන අවසන් කර නැවත වාර්තාවක් ලබාගන්නා තෙක් එම අලි වනජීවි භාරයට ගෙන ආරක්ෂිතව තබා ගන්නා ලෙස වනජීවි අධ්‍යක්ෂ වරයාට නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලි 13ක් වනජීවී භාරයට ගන්න නියෝග
ශ්‍රීමාලි Tuesday, 02 February 2016 04:28 PM
අචිර, හොරට තියාගෙන ඉන්න අලින් පෙරහැරක නොගියාට කමක් නැහැ. මේ අලින්ට ලියකියවිලි නැහැ කියන්නේ, ඇතින්න මරාදාලා කැලෙන් අල්ලාගත්තා කියන එකයි. (නි)
රෝහිනී Tuesday, 02 February 2016 04:56 PM
අචිර, පෙරහැර වල් වලට ගන්න ඕනෑ නීත්‍යානුකූලව හිමිකරුවන් ළඟ ඉන්න හීලෑ අලි. පාරේ ගේට්ටූ ළඟ දාලා යන අලි ගත්තහම අලි කුලප්පු වෙලා පෙරහැරේ කලබල කරන බව දන්නෙ නැද්ද? (නි)
ලියොන් ගුණවර්ධන Tuesday, 02 February 2016 04:56 PM
උඩවලවේ වැනි වන පෙදෙස් අලි ඇතුන්ගේ නිජබිම බැවින් මෙම අලි 13 දෙනා උඩවලවේ තම වන දහනේ ඉන්න ඉඩදී අනවසරයෙන් උන් රඳවාගෙන ඉන්න අයද එය අසළම පදිංචි කළොත් නරකද? (නි)
ඩෙන්සිල් Tuesday, 02 February 2016 09:57 PM
මොකද අලි විතරක්? අලි තියාගෙන හිටපු අයට නීතිය කොහෙද? අර ලේ තැවරුණු දළ තොගය වගේ මෙම අලි පැටවුනුත් ලේ තැවරුනු අලි. බොහෝවිට මව මරා අල්ලාගත් අය. (නි)
මාලක Wednesday, 03 February 2016 01:17 AM
අලි ඉන්නේ පෙරහරේ ගෙනියන්න නෙමෙයි. මේ සතුන්ට නිදහසේ ඔවුන්ගේ භුමි වල ජීවත්වෙන්න දෙන්න. (නි)
අචිර Tuesday, 02 February 2016 03:36 PM
මෙහම ගියෙත් පෙරහකට අලි ඇතුන් නැතිවේවි (බ)