ව්‍යාජ ලිපි ලේඛන යටතේ ලියාපදිංචි කර අලින් ළඟ තබාගෙන සිටින දේශපාලකයින්, ස්වාමින් වහන්සේලා හා ව්‍යාපාරිකයින් සතු අලි 13 දෙනකු වනජීවී භාරයට ගෙන අධිකරණ කටයුතු නිම වෙන තෙක් උඩවලව ඇත් අතුරු සෙවණේ ආරක්ෂිතව රඳවා තබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ට නියෝග කළේය.
එම අලින් වන ජීවි භාරයට ගෙන අලි පශූ වෛද්‍යවරයකුගේ අධික්ෂණය යටතේ තබා ගන්නා ලෙසට අධිකරණය දැනුම් දුන්නේය.
මෝසමක් මගින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය සෑහිමකට පත්විය නොහැකි තොරතුරු මෙම අලින් 13 දෙනා සඳහා ඇති බැවින් විමර්ශන අවසන් කර නැවත වාර්තාවක් ලබාගන්නා තෙක් එම අලි වනජීවි භාරයට ගෙන ආරක්ෂිතව තබා ගන්නා ලෙස වනජීවි අධ්‍යක්ෂ වරයාට නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අචිර, හොරට තියාගෙන ඉන්න අලින් පෙරහැරක නොගියාට කමක් නැහැ. මේ අලින්ට ලියකියවිලි නැහැ කියන්නේ, ඇතින්න මරාදාලා කැලෙන් අල්ලාගත්තා කියන එකයි. (නි)
අචිර, පෙරහැර වල් වලට ගන්න ඕනෑ නීත්‍යානුකූලව හිමිකරුවන් ළඟ ඉන්න හීලෑ අලි. පාරේ ගේට්ටූ ළඟ දාලා යන අලි ගත්තහම අලි කුලප්පු වෙලා පෙරහැරේ කලබල කරන බව දන්නෙ නැද්ද? (නි)
උඩවලවේ වැනි වන පෙදෙස් අලි ඇතුන්ගේ නිජබිම බැවින් මෙම අලි 13 දෙනා උඩවලවේ තම වන දහනේ ඉන්න ඉඩදී අනවසරයෙන් උන් රඳවාගෙන ඉන්න අයද එය අසළම පදිංචි කළොත් නරකද? (නි)
මොකද අලි විතරක්? අලි තියාගෙන හිටපු අයට නීතිය කොහෙද? අර ලේ තැවරුණු දළ තොගය වගේ මෙම අලි පැටවුනුත් ලේ තැවරුනු අලි. බොහෝවිට මව මරා අල්ලාගත් අය. (නි)
අලි ඉන්නේ පෙරහරේ ගෙනියන්න නෙමෙයි. මේ සතුන්ට නිදහසේ ඔවුන්ගේ භුමි වල ජීවත්වෙන්න දෙන්න. (නි)
මෙහම ගියෙත් පෙරහකට අලි ඇතුන් නැතිවේවි (බ)