IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අර්ජුනත් අත් අඩංගුවට?

(රෝෂන් තුෂාර)

හිටපු අමාත්‍යය අර්ජුන රණතුංග මහතා සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්තාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද පැවසීය.

රටට අවශ්‍ය ඛනිජ තෙල් මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියට අත්තනෝමතිකව මැදිහත් වෙමින් රුපියල් මිලියන 800ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග මහතාට එරෙහිව පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම මෙම කරුණු ඉදිරිපත් කළේය.

සභාපති ධම්මික රණතුංග මහතා පළමු සැකකරු ලෙසත්,දෙවැනි සැකකරු ලෙස අර්ජුන රනතුංග මහතා නම් කරන බවත් අල්ලස් කොමිසම වැඩිදුරටත් දන්වා සිටියේය.

අර්ජුන රණතුංග මහතා විදේශගතව ඇති බැවින් අද දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවත් දන්වා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට කරුණු දක්වමින් විමර්ශනයන්ට සහාය දක්වන සිය සේවා දායකයා ඇප පනත ප්‍රකාරව මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට තරයේ අවවාද කළේය. සැකකරු ද්ත්ව පුරවැසියකු බැවින් විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.

 



අදහස් (2)

අර්ජුනත් අත් අඩංගුවට?

ගමේ එකාලා Monday, 15 December 2025 05:34 PM

පව්ලේ ඔක්කොම දේශපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු අය කියලා දන්නෝ හොන්දාකාරවම දන්නවා.

:       6       3

ගුණරත්න Monday, 15 December 2025 06:18 PM

රන්වල ජවනිකා යටගහන්න තමයි ආණ්ඩුව මේවා උඩට අදින්නේ. මුනුත් කළින් ආණ්ඩු වගේම කිසිම වැඩපිළිවෙලක් නැති ගොබ්බම ආණ්ඩුවක්. මිනිස්සු දැන් ඔය නාට්‍ය වලට රැවටෙන්නේ නැහැ.

:       9       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 787 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site