හිටපු සොලිසිටර් ජනරාල් හා ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ජංගම දුරකතනය ගාල්ල මහාධිකරණයේ දී අද (30) නාද වීයැයි උසාවියේ රාජකාරි කරන පොලිස් නිලධාරියා ඔහුට නඩුවක් ගොනු කළේය.
තමා ඊට නිවැරදිකරු බව අර්ශකුලරත්න මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව මහාධිකරණ විනිසුරු කේ බී කේ හිරිඹුරේගම මහතා ලබන ජනවාරි මාසයට නඩුව කල්තැබීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා මෙසේ කියයි.
‘මට විරුද්ධව ගත් අනිසි ක්‍රියාමාර්ගය සම්බන්ධව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජෙෆ් අල්ගරත්නම් මහතා දැනුම්වත් කළා.
ඔහු අගවිනිසුරුතුමා සමගද සාකච්ඡා කර තිබෙනවා. මම ශ්‍රී ලංකා නීතීඥ සංගමය හරහා නියමිත ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහු ගිය දවස්වල ඇනුම් අරිය හා හලෝව නාද කල සාමාන්‍ය මිනිසුන්ට එරෙහිව නිතිය ක්‍රියාකළ ආකාරය මට යාන්තම් වගේ මතකයි. ඒ නිසා මෙයත් ඒකට නොදෙවෙනි ප්‍රශ්නයක්නේ. නිතියනම් නිතිය කාටත්. (ර)
නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)
කවුරු වුණත් කමක් නැහැ, නීතිය වඩාත් තදින් ක්‍රියාත්මක කළයුතුයි. මෙතුමාගේ නොසැළකිල්ල නිසා සිදුවුණ දෙයක්නේ. පොඩි මිනිහාට එක නීතියක් මෙයාට තව නීතියක් වෙන්න බැහැනේ. කරුණාකර සියලු දෙනාම අවධානයෙන් ඉන්න අපේ නිතිය ක්‍රියාත්මක කරන ආකාරය දෙස. මෙයාට හරියට නීතිය ක්‍රියාත්මක වුණේ නැත්නම් අපිටත් පුළුවන් වෙයි අපේ ජංගම දුරකතනය උසාවියකට ගිය වෙලාවක ක්‍රියාත්මක කරගෙන ඉන්න. (නි)
නීතිවේදීයාද මේ රටේ පුරවැසියෙක්. (නි)
නැහැ ඉසුරන්දි ඔබට වැරදිලා. අපේ රටේ නීතිය පොඩි මිනිහට වැඩියෙන් බලපානවා. (නි)
නීතිය කාටත් පොදු විය යුතුයි..එයා පැහැදිලිව වැරැද්දක් කරලා තියනවානේ දඩුවම් දෙන්න ඖනේ සාමන්‍ය මනුස්සයෙක් නම් දඩුවම් ලැබිලානේ..(රේ)
නීතිය කාටත් පොදු විය යුතුයි..එයා පැහැදිලිව වැරැද්දක් කරලා තියනවානේ දඩුවම් දෙන්න ඖනේ සාමන්‍ය මනුස්සයෙක් නම් දඩුවම් ලැබිලානේ.. (රේ)
නීතීඥවරු පළමුවෙන්ම විනයගරුක වියයුතුයි. නීතීඥ සංගමය මේවා සොයා බැලිය යුතුයි. (නි)
ඉසුරන්දි ඔය හරියට හරි. මේකෙන් පෙන්නන්න හදන්නේ පොඩි මිනිහට නීතිය තද බවත් ලොක්කන්ට වැරදි කල හැකි බවත් නේද? ඇනුමක් යැවීම ස්වභාවික සංසිද්දියක්. දුරකථනය ක්‍රියා විරහිත නොකිරීම නොසැලකිල්ල නිසා සිදුවන දෙයක්. නීතිය වඩාත් තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ හරිනම් මෙන්න මේ සිද්දියේදී නේද?. (රේ)
නීතිය කාටත් එකයි. වැදගත් විදිහට නීතියට ගරු කළයුතුයි (නි)
සෙල් දුරකතනයේ පියා තමාගේ 1973 වසරේ සොයාගැනීම ගැන මොනවා හිතයිද? (නි)
ඈනුම යවපු කෙනා උසාවියේදී වරද පිළිගත්තා. මොකද එයා සාමාන්‍ය මනුස්සයෙක්. නඩු කියන්න, තව නඩු දාගන්න පුළුවන්කමකුත්, නීතිය පිළිබඳ එතරම් දැනීමකුත් නැති නිසා. මෙයා නීතිවේදියෙක්. වැරැද්ද පිළිගත්තේ නැහැ. වැරැද්ද පිළිගන්නේ නැතුව වැරදිකාරයා වුණොත් කලින් කෙනාට මාස 8 නම් මෙයාට අවරුදු 3 ක්වත් දෙන්න ඕනෑ. මොකද වැරැද්ද පිළිගැනීමේදී කිසියම් සුළු සහනයක් හෝ දියයුතු නිසා. තාම නඩුව යනවනේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. (නි)
මේ දේ සාමන්‍ය කෙනෙක්ට වුනා නම් මේ වෙන කොට දඩයකුත් ගහලා.(හේ)
නීතිය උගත් නීතිඥයන් උසාවියේ බොරු කිවට වෙනම දඩුවම් කළ යුතුයි. (බ)
පොලිසිය සහ නීතිවේදියෝ යන දෙගොල්ලොම සාමාන්‍ය මිනිසුන්ට ලොකුකම් දාන එකනේ කරන්නේ. (නි)
නඩු කාරයාගේ ෆෝන් එක රින්ග් වුණොත් පොලිසියෙන් එයටත් නඩු දානවද.(ම)