IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අර්සකුලරත්නගේ හලෝව උසාවියේ නාද වෙයි

හිටපු සොලිසිටර් ජනරාල් හා ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ජංගම දුරකතනය ගාල්ල මහාධිකරණයේ දී අද (30) නාද වීයැයි උසාවියේ රාජකාරි කරන පොලිස් නිලධාරියා ඔහුට නඩුවක් ගොනු කළේය.

තමා ඊට නිවැරදිකරු බව අර්ශකුලරත්න මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව මහාධිකරණ විනිසුරු කේ බී කේ හිරිඹුරේගම මහතා ලබන ජනවාරි මාසයට නඩුව කල්තැබීය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා මෙසේ කියයි.

‘මට විරුද්ධව ගත් අනිසි ක්‍රියාමාර්ගය සම්බන්ධව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජෙෆ් අල්ගරත්නම් මහතා දැනුම්වත් කළා.

ඔහු අගවිනිසුරුතුමා සමගද සාකච්ඡා කර තිබෙනවා. මම ශ්‍රී ලංකා නීතීඥ සංගමය හරහා නියමිත ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරනවා.‘‘



අදහස් (0)

අර්සකුලරත්නගේ හලෝව උසාවියේ නාද වෙයි

ඉසුරන්දි Monday, 30 November 2015 01:18 PM

පහු ගිය දවස්වල ඇනුම් අරිය හා හලෝව නාද කල සාමාන්‍ය මිනිසුන්ට එරෙහිව නිතිය ක්‍රියාකළ ආකාරය මට යාන්තම් වගේ මතකයි. ඒ නිසා මෙයත් ඒකට නොදෙවෙනි ප්‍රශ්නයක්නේ. නිතියනම් නිතිය කාටත්. (ර)

:       0       0

කවින්ද Monday, 30 November 2015 01:36 PM

නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

රෝහිත Tuesday, 01 December 2015 06:42 AM

කවුරු වුණත් කමක් නැහැ, නීතිය වඩාත් තදින් ක්‍රියාත්මක කළයුතුයි. මෙතුමාගේ නොසැළකිල්ල නිසා සිදුවුණ දෙයක්නේ. පොඩි මිනිහාට එක නීතියක් මෙයාට තව නීතියක් වෙන්න බැහැනේ. කරුණාකර සියලු දෙනාම අවධානයෙන් ඉන්න අපේ නිතිය ක්‍රියාත්මක කරන ආකාරය දෙස. මෙයාට හරියට නීතිය ක්‍රියාත්මක වුණේ නැත්නම් අපිටත් පුළුවන් වෙයි අපේ ජංගම දුරකතනය උසාවියකට ගිය වෙලාවක ක්‍රියාත්මක කරගෙන ඉන්න. (නි)

:       0       0

ජයනාත් Monday, 30 November 2015 02:56 PM

නීතිවේදීයාද මේ රටේ පුරවැසියෙක්. (නි)

:       0       0

පිටිගල Monday, 30 November 2015 03:49 PM

නැහැ ඉසුරන්දි ඔබට වැරදිලා. අපේ රටේ නීතිය පොඩි මිනිහට වැඩියෙන් බලපානවා. (නි)

:       1       0

ඉන්දික ගාලේවත්ත Monday, 30 November 2015 04:40 PM

නීතිය කාටත් පොදු විය යුතුයි..එයා පැහැදිලිව වැරැද්දක් කරලා තියනවානේ දඩුවම් දෙන්න ඖනේ සාමන්‍ය මනුස්සයෙක් නම් දඩුවම් ලැබිලානේ..(රේ)

:       0       0

ඉන්දික ගාලේවත්ත Monday, 30 November 2015 04:40 PM

නීතිය කාටත් පොදු විය යුතුයි..එයා පැහැදිලිව වැරැද්දක් කරලා තියනවානේ දඩුවම් දෙන්න ඖනේ සාමන්‍ය මනුස්සයෙක් නම් දඩුවම් ලැබිලානේ.. (රේ)

:       0       0

කල්පගේ Tuesday, 01 December 2015 08:24 AM

නීතීඥවරු පළමුවෙන්ම විනයගරුක වියයුතුයි. නීතීඥ සංගමය මේවා සොයා බැලිය යුතුයි. (නි)

:       0       0

කෝසල Monday, 30 November 2015 05:29 PM

ඉසුරන්දි ඔය හරියට හරි. මේකෙන් පෙන්නන්න හදන්නේ පොඩි මිනිහට නීතිය තද බවත් ලොක්කන්ට වැරදි කල හැකි බවත් නේද? ඇනුමක් යැවීම ස්වභාවික සංසිද්දියක්. දුරකථනය ක්‍රියා විරහිත නොකිරීම නොසැලකිල්ල නිසා සිදුවන දෙයක්. නීතිය වඩාත් තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ හරිනම් මෙන්න මේ සිද්දියේදී නේද?. (රේ)

:       0       0

අනුර Monday, 30 November 2015 06:26 PM

නීතිය කාටත් එකයි. වැදගත් විදිහට නීතියට ගරු කළයුතුයි (නි)

:       0       0

සමන්ති Tuesday, 01 December 2015 07:57 PM

සෙල් දුරකතනයේ පියා තමාගේ 1973 වසරේ සොයාගැනීම ගැන මොනවා හිතයිද? (නි)

:       0       0

හේමන්ත Monday, 30 November 2015 11:02 PM

ඈනුම යවපු කෙනා උසාවියේදී වරද පිළිගත්තා. මොකද එයා සාමාන්‍ය මනුස්සයෙක්. නඩු කියන්න, තව නඩු දාගන්න පුළුවන්කමකුත්, නීතිය පිළිබඳ එතරම් දැනීමකුත් නැති නිසා. මෙයා නීතිවේදියෙක්. වැරැද්ද පිළිගත්තේ නැහැ. වැරැද්ද පිළිගන්නේ නැතුව වැරදිකාරයා වුණොත් කලින් කෙනාට මාස 8 නම් මෙයාට අවරුදු 3 ක්වත් දෙන්න ඕනෑ. මොකද වැරැද්ද පිළිගැනීමේදී කිසියම් සුළු සහනයක් හෝ දියයුතු නිසා. තාම නඩුව යනවනේ. බලමුකෝ මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

මල්කාන්ති Sunday, 06 December 2015 09:02 AM

මේ දේ සාමන්‍ය කෙනෙක්ට වුනා නම් මේ වෙන කොට දඩයකුත් ගහලා.(හේ)

:       0       0

ටෙනිසන් Wednesday, 02 December 2015 03:19 AM

නීතිය උගත් නීතිඥයන් උසාවියේ බොරු කිවට වෙනම දඩුවම් කළ යුතුයි. (බ)

:       0       0

මනෝරි Tuesday, 01 December 2015 04:31 AM

පොලිසිය සහ නීතිවේදියෝ යන දෙගොල්ලොම සාමාන්‍ය මිනිසුන්ට ලොකුකම් දාන එකනේ කරන්නේ. (නි)

:       0       0

මනෝරි Tuesday, 01 December 2015 04:44 AM

නඩු කාරයාගේ ෆෝන් එක රින්ග් වුණොත් පොලිසියෙන් එයටත් නඩු දානවද.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 499 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site