හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතාගේ සේප්පුවෙන් විදේශ මුදල් හා රන් බඩු සොරා ගැනීම සම්බන්ධයෙන් එම නිවසේ සේවකයන් පස් දෙනකුගේ දුරකතන වාර්තා ලබා දෙන ලෙසත්, ඔවුන්ගේ හැඳුනුම්පත්වලට නිකුත් කර ඇති සිම්පත් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා දුරකතන සේවා සමාගම් පහකට නියෝග කළේය.
මහේස්ත්‍රාත් එම නියෝගය කළේ කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බලමිනි.
අපරාධ ස්ථානයේ වැටී තිබූ කෙස් ගහක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයගේ වගේ කේස් එකක්. රොලෙක්ස් ඔරලෝසු විතරයි අඩු (නදී)
කොහොමද අපේ පොලිසිය ? කෙස් ගහෙන් හොරු අල්ලන්න පරීක්ෂණ කරන්නේ. පොලිසියට නිකම් සවුත්තු කතා කියනවා හෙම නෙවෙයි ඔන්න. (නදී)
බොහොම හොඳ අවස්ථාවක්. පොලිසියට හැකියාව පෙන්නන්න ඉක්මනට හොරු අල්ලන්න (නදී)
්කෙස් ගහෙන්‘ වැඩේ අහු වෙයි වගේ. (නදී)
දේශපාලුවෝ ගෑවිලා නැත්නම් හොරු අල්ලන එක ඒ තරම් ප්‍රශ්නයක් නෙවි. (නදී)