සෑම පුර පසොළොස්වක පොහොය දිනකම මේ වන තෙක් අරලියගහමන්දිරයේ පැවැති ධර්ම දේශනාව මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුජනීය ස්ථානයන් මුල් කර පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
පොහෝ දින සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් විශාල පිරිසකට ධර්මය ශ්‍රවණය කිරීමට හැකි වන ලෙස එම ධර්ම දේශනාව රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමටත් ,එය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවී ලෙස විකාශනය කිරීමටත් පියවර ගෙන තිබේ.
මේ අනුව පෙබරවාරී මස 3 වැනි දිනට යෙදෙන වප් පුර පසොළොස්වක පොහෝ දිනයේ ප්‍රථම ධර්ම දේශනාව පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී චෛත්‍ය රාජයා ඉදිරියේ පුර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්දාගම බොරු ශෝබන දහමක් නොවේ. පෝයට සිල්ගන්න ඕනෙම නම් ගමේ පන්සලට ගිහිල්ල සිල් අරගෙන බන අහල එන්න පුළුවන්. රජය මැදිහත් වෙන්න ඕනේ පන්සල් යන මිනිස්සු වැඩි කරන්න. ලංකාවේම පන්සල් වල පහසුකම් වැඩි කරන්න. නැතිව එක තැනක් තෝරාගෙන බොරුවට ප්‍රචාරය කරන එකනේවි. අරලියගහ මන්දිරය තියෙන්නේ රට අගමැති ට ඉන්න සහ රට පාලනය කරන්න අවශ්‍ය තීරණ ගන්න. මිනිස්සු සේරම පටලවාගෙන. (නදී)
සිංහල බෞද්ධ කම නමට සීමා කරගෙන දෙපැත්තට වෙලා කඹ අදපල්ලා. අන්තිමට මහා ජාතියට ආගමට උන දේ ගැන හිතල ..හුල්ලනකොට වෙන්න ඕන දෙය වෙලා ඉවරයි (නදී)
ඒක හොඳයි . වැඩි දෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් නම් ලොකු පිනක්. (හේ)
බොහොම හොද අගය කළ යුතු දෙයක්.(හේ)
සෑම පුර පසොළොස්වක පොහොය දිනකම හැම ගමකම පන්සලේ හාමුදුරුවෝ ධර්ම දේශනාවක් පවත්වනවා. ඔය අරලිය ගහමන්දිරයේ බන කියන්න ගත්තේ මහින්ද මහත්තයාගේ තියෙන ශ්‍රද්ධාව වැඩිකම නිසා රටේම මිනිසුන් එතනට ගෙන්වාගැනීමටයි. මේ අරලියගහ යට බන කියන එක නැවත්වීමට ආණ්ඩුව බිය වන්න ඕනේ නැහැ. ලොකුවට තීරණ ගන්න දෙයක් මෙහි නැහැ කියල තමයි හින්තෙන්නේ. ගමේ මිනිස්සු ගමේ හාමුදුරුවන්ගේ බන අහල ඕක කර ගනීවි. (නදී)
බොහොම හොද කාර්යයක්. පූර්ණ ආශීර්වාදය. පෙබරවාරි පෝය "වප්" නෙවෙයි "නවම්". (නදී)
හොඳ වැඩක්. ජනාධිපති තුමා බුද්දාගම ප්‍රචාරයට බැඳිලා නෑ. ඉස්සරත් ජාතික රූපවාහිනියේ සවනක් රැස් වැඩසටහන තිබුනා. (නදී)
කලින් සැරේ බුදු පිළිමය ඉවත් කළා කියල ප්‍රචාරය වුනා. මේ සැරේ බන කියන එක නැවැත්තුවා. හෙට අනිද්දා වෙන කොට බුදු පිළිමයත් ඉවත් කරයි ද දන්නේ නැහැ. (නදී)
දැන් අරලියගහ මන්දිරයේ බන අහන්න මිනිස්සු නැහැනේ, ඉතින් බන මොකටද ? (නදී)
පහුගිය ජනාදිපති තුමා කියපු බන හොදටම ඇති. (නදී) .
අරලිය බන අහලා , අරලිය දන්සල වැදලා දැන් මිනිස්සු ඔක්කොම රහත් වෙලා ....තවත් රහත් නොවී ඉන්න අයට මැදමුලනට ගියාම බන අහන්න පුළුවන් .(හේ)
පුද බිම්වල හැමදාමත් බන කිව්වනේ නමුත් රජගෙදර බන කියන එක නැවැත්තුවේ මොකද කියලා අපිට හිතාගන්න පුළුවන්.(හේ)
ඒ වැඩේ හොදයි.ඒකෙන් රටේ සියලුම ජනතාවට මේ සඳහා සහභාගී විය හැකියි.(හේ)
වෙනසක් කරලා පෙන්නන එක ඒ තරම් අමාරු නැහැ , තියෙන දේ වෙනස් කලාම හරි , අටුව කඩා පුටුව හැදීම වගේ .(හේ)
බණ අහන තැන නෙමෙයි වැදගත් ඒවා හරියට ක්‍රියාත්මක වෙන එකයි වැදගත්.. ඒ නිසා මේවා ගැන වද වෙන්න ඕන නෑ..(නදී)
පුදුම වෙනසක්නේ කරලා තිබෙන්නේ. (දිල්)
සාදු...සාදු...සාදු රාගය, ද්වේශය මෝහය දුරුවී සියලු සත්වයා මේ ගිනිගත් සසරින් මිදේවා!(හේ)
ධර්ම දේශනා පැවැත්වීම නොවෙයි ගැටලුව. ඒ සදහා දරන වියදම් . අරලිය මැදුරට යන එකත් ලේසි නෑ. පෞද්ගලිකවම සහභාගි වුවෙක් මම. අනවශ්‍ය වියදමක්. යටි අරමුණත් පැහැදිලි වෙනවා එහනට ගිහින් වෙන දේවල් දිහා බැලුවහම. බොදු බැතිය තිබිය යුතුයි. නමුත් එමගින් තම ප්‍රතිරුප නැගීම අරමුණු කරනම් එය පිනක්ද යන්නත් මතුවන ගැටළුවක්.(හේ)
කල්හාරි ඔබට මගේ ප්‍රණාමය , ඔබ යථාර්තය දකිනවා නිවැරදිව.(හේ)
කලින් අය කළේ කෝටි ගනන් සල්ලි වැය වන වෙනස්විම්. එතකොට කොමිස් එහෙමත් ලැබෙනවනේ. මේ අය කරන්නේ සල්ලි යන්නේ නැති රට දැය හදන ප්‍රතිපත්තිමය වෙනස්විම්. ඒකයි වෙනස. (හේ)
ආගමයි දේශපාලනයයි පටලවා නොගැනිම ඉතා හොඳ පූර්වා දර්ශයක්.(හේ)
කුමාරිට ඕනේ කෝටි ගනන් සල්ලි වැයවන වෙනස්විම් විතරද? (හේ)
සෑහෙන වියදම් කරලා, අරලිය ගහ මැදුරේ ලොකු ලොක්කෝ බණ අහනව ටිවි එකෙන් බල බලා ඉන්නද සමහරු කැමති කියලා හිතෙනවා සමහර කමෙන්ට්ස් දැක්කම. (ර)
කලින් අය නොකලෙත් සල්ලි වැය නොවන වෙනස්විම්. අපි හැමදාමත් හිතුවේ ඇයි මේ ලේසියෙන් කරන්න පුළුවන් නිති වෙනස් කිරිම, ප්‍රතිපත්තිමය වෙනස් කම් නොකරනේ කියලා. දැන් ඒවා කරන කොට ඒවටත් බනින අය ඉනනවනේ.? (ර)
අනුන්ගේ සල්ලි වලින් දන්සල් දෙන්න තියනවා නම්, අපි දවස ගානේ වුනත් දන්සල් දෙන්නම්කෝ..(හේ)
අරලිය ගහ යට බණ නවත්වපු එක නම් ඉතාමත් වටිනවා. මොකද අපේ ගමේ උපාසක උපාසිකාවන් පිරිසක් පහුගිය පොහොය දිනෙක මේ පළාතේ මන්ත්‍රීතුමා එවපු බස් රියකින් අරලිය බණ අහන්න එක්ක ගියා. ඒගොල්ලන් බණ අහල ගමට ඇවිත් කිව්වේ බණ ගැන නොවෙයි. වටේට ලයිට් අල්ලන කට්ටියයි, කැමරාකරණ කට්ටියගෙයි, ඒක බලාගෙන උපදෙස් දෙන මහත්වරුන් කඩියෝ වගේ එහෙට මෙහෙට දුවල පැනල කරන වැඩ ගැනයි. මේ කට්ටිය බණ අහනවට වඩා වටපිට ඇති දේවල් ගැන සහ එතන සිදුවෙන දේවල් වලටයි වැඩි අවධානය යොමු කරලා තියෙන්නේ. දහවල් හොඳට කාල ආවා කියපු එක විතරයි අන්තිමට එම බණේ සාරාංශය ලෙස කිය වුනේ. (නදී)
අවන්ති, ජයසේකර, අශාන් ඔයාලගේ අදහස් ප්‍රසංසනීයයි. (නදී)
අගය කළ යුතු දෙයක් ජනාධිපති තුමාව පත්කරන්න අපිලගේ ජනතාව ගොඩක් මහන්සිවුනා.. ඒ නිසා ජනපති තුමාව, අගමැති තුමාව අපිටත් අයිතියි.. ඉතින් එයාලා කරන්න ඕනා රටේ හැමදෙනාම එකගවෙන දේවල් .(හේ)
අරලියගහ මැදුර බේෟද්ධ කටුතුවලට නුසුදුසු තැනක් කියල සිතෙන්න ඇති. නැතිනම් අනවශ්‍ය වියදම් කපාහරලා ඒ පිළිවෙත් එහිම කරන්න තිබුණා. උදාහරණයක් ලෙස මේසේ කකුල් හතර උඩ අතට තියල කරන වෙනස වෙනුවට අරුත්බර වෙනසක් තමයි අපට අවශ්‍ය. (නදී)
බුදු බණ සවනට ඇහෙනෙවනම් ඒක අරලිය ගහ මැදුරේද කොතනද කියල වෙනසක් නැහැ. හිටපු ජනපති තුමා කරපු හැම දෙයක්ම වැරදි විදිහට සහ ද්වේශ සහගතව බලන්න එපා. අරලිය ගහ මැදුරේ සෑම පෝය දිනකම විකාශය වුන එම වැඩ සටහන සෑම දෙනාටම ප්‍රයෝජනවත් එකක්ම වුනා. මොකද බණ දේශනා කලේ හාමුදුරු නමක් මිසක් ජනාධිපති තුමන් නෙවෙයි (නදී)
හිටපු ජනාධිපති මහින්ද තුමා බණ අහන්න කැමතියි.. මේ ව්‍යාපෘතිය එයාට බාරදුන්න නම් හොදයි. සමහරවිට එයාට ඒකෙන්ම ගොඩ එන්න පුළුවන් වේවි..(නදී)