පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රතිපළ නිකුත් කළ ජනවාරි 09 වැනි දින අරලියගහ මැදුරේ කුමන්ත‍්‍රණයක් ගැන මාධ්‍ය වාර්තා කළත් එවැනි සිදුවීමක් තමා නොදුටු බව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාත්න හඟවත්ත පැරීසියේ ලබුර්ජේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදි පැවසීය.
නිදහස සැමරීම සදහා විහාරාධිපති ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතත හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ ප‍්‍රධාන අමුත්තා වුයේ මහාචාර්යවරයාය.
‘ඡන්ද ප‍්‍රතිපළ නිවැරදිව ඉක්මනින් දැන ගන්න නම් එක්කෝ සිරිකොතට යන්න ඕනෑ. එහෙම නැත්නම් අරලියගහ මැදුරේදි අහන්න ඕනෑ. තානාපති කෙනෙක් ලෙස මට සිරිකොතට යන්න බැහැනේ. ඒක නිසා අරලියගහ මැදුරට ගියා.‘
එදින අලුයම 01.30 ට පමණ මා සමඟ වෙනත් තානාපතිවරුන් කිහිප දෙනෙක් අරලියගහ මැදුරේ ඡන්ද ප‍්‍රතිපල අසමින් හිටපු ජනාධිපති සමග සිටියා. තවත් අය හිටියා. එතුමා ඒ සියලූ දෙනා සමග කථා කරමින්, සාකච්ඡා කරමින් ඇවිදිමින් ප‍්‍රථිපල ඇහැව්වා. ඒ අතරතුර එතුමා අරලියගහ මැදුරේ පහළට බසිමින් කෝපි කෝප්පයක් බොමින් නැවත අප අතරට ඇවිත් අර ආසනය කොහොමද අර දිස්ත‍්‍රිස්ක්කය කොහොමද යැයි අසමින් ප‍්‍රතිපල ඇසුවා.
අලුයම 02 ට 03 ට විතර ප‍්‍රතිපල අනුව ඔහු පරාදවී ඇති බව දැනගෙන ලේකම්ට ලියුමක් ලියන්න කියලා නැවතත් පහලට බැස්සා. ටික වේලාවකින් අපිත් පහළට බැස කෝපි කෝප්යක් බීලා එතුමා සෙව්වා.
එතැන කාමරයක එතුමා සිටින බව දැනගෙන හමුවීමට යන කොට ආරක්ෂකයන් ශාලාවේ කාමරයට ඇතුළුවීමට අවසර දුන්නේ නැහැ. අපි කිව්වා අපි තානාපතිවරුන් බව එතකොට මා සමග තවත් තානාපතිවරුන් කිහිප දෙනෙක් සිටියා. අපිට ජනාධිපතිතුමා හමුවීමට යන්න ඕනෑ බව කීවා.
ජනාධිපතිතුමා රනිල් වික‍්‍රමසිංහ මහත්තයත් සමග සාකච්ඡාවක් ඒක නිසා යන්න දෙන්න බැහැ කිව්වා. ඊට පසු අපි ආවා.
ඒ වේලාවේ එතැන සිටි ජනාධිපති කාර්ය මණ්ඩලයේ සමහර අය අඬන්න ගත්තා. එතකොට එතැනට පැමිණි එතුමා ‘මමවත් අඬන්නේ නැති එකේ ඔයාලා මොකද අඬන්නේ‘ කියලා ඇහැව්වා. ඊට පසු ඔහුට යන්න කොළඹ ගෙයක් නැහැ කිව්වම බය වෙන්න දෙයක් නැහැ ඔබතුමාට නිවසක් හා ආරක්ෂාව දෙන බව එතැන සිටි එජාප ප‍්‍රබලයෙක් පොරොන්දු වුණා.
ඕක තමයි අපි දැක්ක දේ . එහෙම නැතුව එතැන කුමන්ත‍්‍රණයක් සිදුවුණාද ? නැද්ද? කියා අපි දන්නේ නැහැ. සමහර විට අද මෙහි කරන මගේ අවසාන කථාව වෙන්න පුළුවන්. මම 28 වැනිදා යනවා. මගේ පරණ රැකියාව ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයයේ රස්සාව කරගෙන ඉන්නවා.
පැරීසියේ වෙසෙන සුදත් ප‍්‍රනාන්දු ද කතා කළේය. ඔහු කොළඹ සරසවියේ අසූව දශකයේ ශ්‍රීලනීප ශිෂ්‍ය සංගම් ආරම්භක ක‍්‍රියාකාරියෙකි.
එළිපිට කරන දේවල් සාකච්ඡා හා සම්මන්ත‍්‍රණ රහසේ හොරෙන් කරන දේවල් කුමන්ත‍්‍රණ තමයි.
දැන් විදේශ කුමන්ත‍්‍රණ, ඊළම , රට පාවා දෙනවා , විදේශ අත පෙවීම් වගේ කථා කියමින් උතුරේ විවිධ කලබල ඇති වුවහොත් එයට හිටපු ජනාධිපති වග කිවයුතු යැයි පැරීසියේ නිවේදකයෙක් වන ජගත් වික‍්‍රමආරච්චි මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පුර්ණ ඇත්ත. (හේ)
දැන් මොන කුමන්ත්‍රණය කළත් වැඩක් නෑ.(හේ)
ඒ ගැන හොයලා බලන්න.එතකොට එළිවෙයි.(හේ)
චන්ද ප්‍රතිපල ඔක්කොටම කලින් දැනගන්න තියෙන හදිස්සිය. ඉතා වැදගත් ආයෝජන ප්‍රවර්ධනයකටද දන්නේ නැහැ???(හේ)
දී කිරට බළල්ලුත් සාක්කිලු. (හේ)
කුතුල්ගහේ තණකොළ තිබුනේ නෑ නේද සර් ?(හේ)
කුමන්ත්රණ කරන්නෙ හැම එක්කෙනාටම හොරෙන් කියලා මේ ඉගෙන ගෙන වැඩි මහාචාර්යට තේරෙන්නෙ නැද්ද මන්ද?(හේ)
හමුදා කඳඋරුවලින් හමුදා කාණ්ඩ කොලඹ මර්මස්ඨාන සියල්ලම ආවරණය කලේ පොල් ගාන්නද? (නදී)
සියලු පරීක්ෂණ කිරීමට ජෙනේරල් සරත් ෆොන්සේකාට භාර දෙන්න.(හේ)
දවස් 27 ප්‍රජාතන්ත්‍රවාදය හොඳටම පේනවා (නදී)
පළමුව තමාගේ සීමාවන් මොනවද කියා සියළුදෙනා දැනගත යුතුයි (නි)
කුමන්ත්රණ කියන්නේ ඇහැට පේන දේවල් නෙවේ මහාචාර්ය තුමෝ?තානාපති වරු ලංකාවේ මොකද කළේ? රාජකාරිය තියෙන්නේ මෙහෙනේ.(හේ)
ඒක කොහොමද මෙයා කියන්නේ.(හේ)
පොල්තෙල් පහනෙ ලයිට් පත්තු කරලා තියෙන අපූරුව. ඇයි තෙල් ටිකක් දාලා තිරයක් පත්තු කරන්න සල්ලි මදි වෙලාද? (නදී)
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ. එතැන කුමන්ත‍්‍රණයක් සිදුවුණාද ? නැද්ද? කියා අපි දන්නේ නැහැ. ඔන්න කතාව. (නදී)
මෙහි අදහස් දක්වා ඇති බොහෝ කී බෝඩ් විචාරකයන්ට ඇති තදබල හිතේ අමාරුව නම් එදා අරලිය මැදුරේ එවැනි සිද්ධියක් ඇති නොවීමය. එමගින් මහින්ද මහතාට තව තවත් මඩ ගැසීමට නොහැකි වීම පිළිබද ඇති විස්සෝපයයි මෙහිලා ඇති ඔවුන්ගේ අදහස්වලින් පෙනෙන්නේ. (නදී)
මම හිතාගෙන හිටියේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික සේවයේ ඉන්න අය නිර්පාක්ෂිකයි කියලා. ඕනෑම රජයක් යටතේ රටට වැඩකරන්න තමයි ඔය තනතුරු දීලා තියෙන්නේ. දුකට කියන කතා එච්චර ගණන් ගන්න එපා යාලුවනේ. (නි)
මෝඩයෝ මහින්දට ගරහති (නදී)
මඩ ගැහැව්වට ජනතාව ඕවා පිළිගන්නේ නැහැ. මහා මැතිවරනේදී යූ එන් පී එකට දිනන්න බැහැ. නැවත එන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවක්. (නදී)
දී කිරට බලල්ලුත් සාක්කියි. පොඩි පහේ තල්ලුවක් නේද ? (නදී)
අනේ මාගලී, ඔයත් හිටියද එතන? දැක්ක වගේ නේද කතාව? (නි)
මෙතන ප‍්‍රතිචාර දැක්වු සියල්ලම එදා එතන සිටි අය වගේනේ? (නි)
පිස්සු, හොඳටම පිස්සු (නදී)
සුදානම් වෙන්න ආපසු යන්න (නදී)
බත් කන මිනිස්සු මහින්ද අමතක කරන්නේ නෑ (නදී)
දැන් මේකේ කමෙන්ට් දාන ඔක්කොම කුමන්ත්‍රණය ඇහින් දැක්ක වගේනේ කතාව. ඇයි ඉතින් නඩු දාන්නේ නැත්තේ ? (නදී)
ඔය උඩ පනින කට්ටියගේ ඇමතිකම් අගමැතිකම් ඔක්කොම මාස තුනයි. ඊට පස්සේ කොට්ට පැදුරු අකුලාගෙන ආයෙත් විපක්ෂයට තමයි. (නදී)
බත් කන අයටද පුන්නක්කු කන අයද මහින්දව අමතක ? (නදී)
දිය කිරට බළල්ලු සාක්කි දෙනවලු , අපි නොදන්නා තානාපති තුමා, කිසිම විදේශ සේවාවක් ගෙන දන්නේ නෙහැ , පසු ගිය රජයේ හිතවතකු උන නිසා මෙහි අවා (නදී)
ඕවා එකක්වත් ඔප්පු කරගන්න බැහැ. (නි)
එක වතාවක් මිලේනියම් සිටි එකේ කට්ටිය හිටියේ අපිට ගහන්න කියල බුද්දි අංශයම පාවා දුන්නා. දැන් කුමන්ත්‍රණයක් ගැන කියනවා. එය සිදු උනේ නැහැ (නදී)
මහින්ද නැත්නම් අද ලංකාවක් කොහෙද
බෞද්ධයන්ගෙන් කුරගල දුන්න වගේ උතුරත් දුන්නම කොළඹ ඩෝන් ගායි. අම්මේ බයේ බැහැ, ලංකාවට එන්නේ නැහැ. (නදී)
ඇයි ඉන්ටනෙට් වල ඉක්මන් ප්‍රතිපල නැත්ද ? (නදී)
දැන් හංගන්න දෙයක් නෑ.මුලු රටට දැන් මේ ගැන දන්නවා.(හේ)
බත් කන මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය අමතක කරන්නේ නෑ.(හේ)
කුමන්ත්රණ කතා නම් බොරු,මහින්ද මාර 'ප්‍රජාතන්ත්‍රවාදි' ලෙස අරලිය මැදුරෙන් ගියේ.(හේ)
මෙතන ප්‍රතිචාර දාල තියෙන සමහරක් අය කුමන්ත්‍රණය ඇස් දෙකෙන් දැකලා තියෙනවා. මෙයාලව සාක්කියට යොදා ගත්තොත් නරකද? (නදී)
පරාද උනාම යන්නේ නැතිව ඉන්නද තව කියන්නේ. මැර බලෙන් ඉන්න හදල තියෙන්නේ සේරම වැරදුන නිසා දැන් බයිලා කියනවා. අපි නොදන්නා 'ප්‍රජාතන්ත්‍රවාදි' කට්ටිය එ්කනේ පරාද උනේ (නදී)
තානාපතිවරු, ජනාධිපතිවරණය වෙලාවේ ලංකාවේ මොනවාද කලේ කියාත්, ලංකාවට පැමිණීමට ඔබලාගේ ගුවන් ටිකට් පත් වලට හා පැමිණි පසු හිටපු තරු පහේ හෝටල්වල නැවතීම සඳහාත් බිල ගෙව්වේ කවුදැයි කියාත් කරුණාකර අපට කියන්නට පුලුවන්ද? මහජන මුදලින් වැටුප් හා දීමනා ලබන තානාපතිවරයකුට මැතිවරණයකදී අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට හැකිදැයි ඔබගේ මහාචාර්ය මොළයෙන් අපට පැහැදිලි කළ හැකිද ? (නදී)
සංඛ ගේ "පොල්තෙල් පහනෙ ලයිට් පත්තු කරලා තියෙන අපූරුව" කියන දේට පිළිතුරක් දෙන්න හිතුනා. එහෙම ලයිට් දාල තියෙන්නේ පොල්තෙල් නැතිව නොවෙයි. ඒ තැන් වල ගින්දර පාවිච්චි කරන්න දෙන්නේ නෑ. ඒ අය සුළුවෙන් හෝ අනතුරකට ඉඩ තියාගන්නේ නෑ. එහෙම ගින්දර පාවිච්චි කරනවානම් ගිනි නිවන හමුදාව ළඟ ඉන්න ඕනි. (නදී)
තමා හරියට නොදන්නවා නම් මොනවද වුණේ කියලා, මේ වගේ ප්‍රකාශ කිරීම අපි නම් දකින විදියට සුදුසු නැහැ. (නි)
එතුමාට තිබුණ බලයේ හැටියට මොකටද කුමන්ත්‍රණ? එහෙව් එකේ ඇත්තටම කුමන්ත්‍රණයක් තිබුණා නම් මොනවා නම් නොවෙයිද? (නදී)