‘නත්තල් දරුවන්ට‘ යන තේමාවෙන් අගමැති කාර්යාලය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය එක්ව අද (17) අරලියගහ මන්දිරයේදී නත්තල් ප්‍රසංගයක් පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්වූ අතර දිවයින පුරා පිහිටි කතෝලික දහම් පාසල් දරුවන් මෙන්ම ළමා නිවාසවල වෙසෙන දරුවන්ද විශාල පිරිසක් එහි පැමිණ සිටියහ.
සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග, දක්ෂිණ සංවර්ධන, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක, අගමැති කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක යන මහත්ම මහත්මීහු රැසක් එම අවස්ථාවට එක්වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (නි)
බොහොම හොඳ වැඩක් (නි)
කුඩා දරුවන් සියල්ල හරිම සතුටින් (නි)
හරිම වටිනා වැඩක් (නි)
රනිල් මහත්තයා සංහිඳියාව ඇති කරන්න ලොකු උත්සාහයක් ගන්න බව පෙනෙනවා. (නි)
අරලිය මැදුරට යන්න පුළුවන් අය ගිහින් නත්තල් සමරනවා. කිසිම දෙයක් කරගන්න බැරි අය මොනවද සමරන්නේ. අන්න ඒ අය ගැනනේ මුලින්ම හිතන්න තිබුනේ. (අ)
බ්‍රේස්ලට් දුන්නේ නැද්ද ඈ? (බ)
අරලියගහ මන්දිිරේ දන්සැල ආයිත් පටන් ගත්තද?(ම)
මේ රජය කරන්න පුලුවන් හැමදේම කරලා තිබෙන්නේ බොහෝදුරට (නි)
මේ දරුවන්ගේ සතුට අන් හැමදේටම වැඩිය වටිනවා (නි)
සුබ නත්තලක් දරුවනි! (නි)