
(ළහිරු හර්ෂණ )
නව රජයේ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගිකරණ අමාත්‍යවරයා ලෙස පත්වූ අරුන්දික ප්‍රනාන්දු මහතා සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ඇරඹීම සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී අද(17 ) සිදුකෙරිණ.
ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා නිළ ලිපියකට සිය අත්සන යොදමින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.
එම අවස්ථාවට වැවිලි කැබිනට් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, අමාත්‍යවරයාගේ බිරිද ඇතුළු පවුලේ ඥාතීන් ද අමාත්‍යාංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා සහ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙන් රබර් කියන කොටස අයින් කළා නම් තමයි හරි.