‘සේවක අර්ථසාධක අරමුදල පිළිබඳ අයිතියක් නැති සේවකයන් එළියට බැස උද්ඝෝෂණය කරන විට වෙඩි තබා මැරූ ආණ්ඩුවක් අද විශ්‍රාම වැටුප ගැන කිඹුල් කඳුළු හෙළනවා.අපි සේවක අර්ථසාධක අරමුදලේ සුරක්ෂිත භාවය වෙනුවෙන් සේවකයන් එක්ක කතාකරලා කටයුතු කරනවා.‘
යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (18) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති රජයේ මුද්‍රණාලීය රාජ්‍ය සේවා ජාතික මුද්‍රණ සේවක සමිතියේ 48 වැනි සංවත්සර උත්සවයේදී පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් අයට පුළුවන් කලින් ආණ්ඩුව ගැන කතා කර කර ඉන්නයි තමුන්ගේ මඩිය පුරවාගන්නයි විතරයි. මොනම වැඩක්වත් කරන්නේ නැහැ. (නි)
රූපසිංහ, රටට වැඩදායක කියලා කියන්නේ ඔයාලට සහන දෙන එකද? 19 සංශෝධනය සහ ඉන් ලැබුණු දේවලින් ඔයාලගේ බඩ පිරෙන්නෙ නැති වුණාට එය තමයි රටටකල ලොකුම වෙනස. දින 100 අයවැයෙන් දුන් සහනත් අමතකවෙලා. ලංකාවේ මිනිසුන්ට රට හදන්න ඕනෑ නැහැ. කන්න බොන්න තිබුනොත් ඇති. (නි)
අර්ථසාධකය දැන් තිබෙන විදියට තිබුණුදෙන්. (නි)
අශාන්, කියනවද බලන්න කළ සංවර්ධන වැඩ ගැන පොඩ්ඩක් (නි)
කතාකරනකොට පුද්ගලයා අඳුනාගන්න පුළුවන්. ඉන්දික, පත්වෙලා මාස ගණනකින් සංවර්ධන වැඩ කළ කිසිම රජයක් ලෝකේ කොහෙවත් නැහැ. විශේෂයෙන් කකුලෙන් අදින විපක්ෂයක් ඉන්න ලංකාවේ. අපි ඉන්න රටවල ඡන්දෙන් පස්සේ විපක්ෂයත් එකතුවෙලා සංවර්ධන වැඩ කරනවා. ඒකයි මේ රටවල් දියුණු. (නි)
අර්ථසාධයකට අත තිබ්බොත් නම් අපිත් නිකන් ඉන්නේ නැහැ (නි)
දැන් කතා ඇති මහත්තයෝ (නි)
එයාලගේ ඒ වැරදි නිසා තමයි එයාලා ගෙදර ගියේ (නි)
එතකොට නරකයි, දැන් හොඳයිද? (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
අශාන් කියන කතාව හරි (නි)
සමහරු හිතාගෙන ඇති අද ඉන්න ඔක්කොම ඉපදුනේ 1994 න් පස්සෙ කියලා. (නි)
ඔයාලත් ඒ දවස්වල කියපුවා අපිට මතකනේ (නි)
ඔබ කිසි කෙනෙකුට කියන්න බැහැ අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා. ඒ නිසා වැඩ කරන්න. ආණ්ඩුව පත්වුණු දවසේ සිට මොනවාද කළේ රටට ජාතියට වැදගත් වන දෙයක්? මම කිවුවේ මට පෙනෙන දේ. අපට පක්ෂ බේද වැඩක් නැහැ. අපි පාලකයන් පත්කරවා ගන්නේ රටේ ඉදිරි දියුණුව පතා මිස අපි අපි මිනීමරාගන්න නොවේ. (නි)