‘මහින්ද රාජපක්ෂ රජයත් සේවක අර්ථසාධක අරමුදලට අත තියා ගෙදර යන්න වුණා. මේ රජයත් ඒ වැඩේ කළොත් මෛත්‍රීටයි රනිල්ටයි කොට්ට පැදුරු අකුලාගෙන ගෙදර යන්න වෙනවාමයි.‘ යි අන්තර් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කොළඹ කොටුවේ අත්පත්‍රිකා බෙදමින් පැවසීය.
සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල එක් කර විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් සකසන බව රජය කියා ඇතත් කම්කරු අයිතිය කප්පාදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ඉඩ නොදෙන බව ද ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැත්නම් ගෙදර යන්න වෙන්නේ නැද්ද.? (ර)
ජනතා විමුක්ති පෙරමුණ පමණයි ජනතාවගේ එකම බලාපොරොත්තුව. (ර)
සමහරු කකුළුවෝ වගේ. කකුල් දෙක දෙපැත්තක, යන්න හදන්නේ කෙළින්. (නි)
කොට්ට මෙට්ට , නිදාගන්න මන්දිර හදලා දුන්නේ ඔහෙලාම නේද. (හේ)
වයසට ගියාම ජීවත්වෙන්න තියන ක්‍රමේ හොදයි . ඔය කොරන්න යන දෙයින් වෙන්නේ විශ්‍රාම යන්න කලින් ණයක් අරන් අන්තිමේට අවසාන කලේ හාමතේ ඉන්න වෙන එක .රජයට යහපතක් වෙන තීරණ නෙමෙයි අපිට යහපතක් වෙන තීරණ ගමු. (රේ)
අරමුදල් නැතුව රට පාලනය කරන්න බැහැ. රටේ නිෂ්පාදන සඳහා විදේශීය වෙළඳ පොළක් සොයනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නොවේ. අනේ මන්දා ..! මේ රටට තිරසාර ආර්ථික ප්‍රතිපත්ති කියලා දෙයක් නැහැ. බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරනවා. එසේ කිරීමෙන් කවදාවත් අපිට ආර්ථික නිදහසක් ඇති ජාතියක් වශයෙන් හිස එසවීමට ලැබෙන්නේ නැහැ. ඒක තමයි අපේ අවාසනාව. (නි)
අනීවා ඕකට අපිත් විරැද්ධයි ඕනම දේකට අපිත් ඉස්සරහින් ඉන්නේ(රේ)
හවස ගෙදර යන අයට රෑට කෑම කාල අත් පිහ දාගන්න අත් පිස්නා බෙදනවා. (රේ)
මිනිස්සු රවටන්න හදනවා රෑට දෙගොල්ල එකට පාටි දානවා දවල්ට මිනිස්සුන්ට පෙනෙන්න බොරුවට කොළ බෙදනවා මේපාර මිනිස්සු රවටන්න අමාරුයි (රේ)
සමන් කිව්වහම මතක් වෙන්නේ මලක් ..එත් බැලුවහම ලියවිල්ල...රට ගොන් .. (රේ).
අනේ අනේ එහෙමද? අපි බලමුකෝ (නි)
රජය එයට වගකියනවා නම් නිකන් බොරුවට දඟලලා තේරුමක් නැහැ (නි)
මහින්ද මහත්තයාගේ ආණ්ඩුව අර්ථසාධකේ ගිලින්න හැදුවේ මහා බලයක් තියාගෙන. එත් අන්තිමේ වුණ දේ දැක්කනේ. දුප්පත් මිනිහට පහර ගහන්න හදන්න එපා. එහෙම වුණොත් කලින් පාර වගේ අවුරුදු 2 ටත් කලින් යන්න වේවි. (නි)
පහුගිය ආණ්ඩුව ඊපීඑෆ් සල්ලි පිල්ලි ගහනතුරු බලාඉඳපු අය දැන් මහා වීරයෝ වෙන්න හදනවා. රාජපක්ෂ ආණ්ඩුව වගේම ජවිපෙ නඩයත් අපි කොට්ට මෙට්ට එක්ක ගෙදර යැව්වා කියලා අමතක කරන්න එපා. (නි)
නියම කතාවක්! (නි)
තිබෙන ගානට තට්ටු කරලා ගියාම රජය කියයි ඕක කළේ කලින් රජයේ හිටි අය කියලා. එතකොට අසරණ මිනිසුන්ට වෙන්නේ උඩ බලාගෙන ඉන්න. (නි)
සේවක අර්ථසාදකය අයිති එයට දායක වන සේවකයන්ට .. (ම)
යුද්ධය තවමත් තිබුණා නම් මේ හුඟක් සටන් පාඨ අවලංගුයි. නේද? (නි)