සේවක අර්ථසාධක අරමුදල් නීති විරෝධි ලෙස කොටස් වෙළඳපොළේ ආයෝජනය සඳහා යෙදවීම සාපරාධී ක්‍රියාවක් සේ සලසා ඊට එරෙහිව නීතිමය පිවයර ගැනීමට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා වෘත්තීය සමිති 11ක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 31 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, ජාතික සේවක සංගමය, ලංකා ජාතික වතු කම්කරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 11ක් ගොනු කළ එම පෙත්සම අද (15) අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කඳවූ අතර එහිදී පෙත්සම සලකා බැලීම එදිනට කල් තබන ලදී.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හොඳ දේවල් .නිකන් තියෙන සල්ලිවලින් කීයක් හරි රජයටත් හම්බවෙනවනේ (ස)
රිස්වාන් ගේ අදහස වෙන රටකදී නම් හොඳින් ක්‍රියාත්මක වෙන්න තිබුණා. ඒක හොඳ වැඩක් . එහෙත් මේ රටේදී සිදුවන්නේ එක්කෝ දේශපාලන හිතවතුන්ගේ කඩා වැටෙන කොම්පැනි වලට මුක්කුවක් ලෙස මේ මුදල් අත දිග ඇරලා ආයෝජනය කිරීම හෝ නැත්නම් ගඟේ මූදේ දැම්මා වගේ කොහේ හරි තියෙන මිරිඟුවක් වැනි ව්‍යාපෘතියක යොදවා නැතිබංග කරවීමයි. මුදල් මණ්ඩලයේ අවසරයකින් තොරව ග්‍රීසියේ ආයෝජන බැඳුම්කර වලට යටකළ මහජන මුදල් ගැන මොනවද ඔබට හිතෙන්නේ? (ස)
මම හිතන විදියට සවුදියේ ඉන්න රිස්වාන්ට අර්තසාදකයක් නෑ, අර්තසාදකය බයිලා වැඩවලට යොදවන්න මේ හදන්නේ, මහජනයා සහ පුද්ගලික ආයතන වලින් එකතු කරපු මුදල් මැති ඇමතියන්ගේ සුක විහරණයට යෙදවීම ඉතාම වැරදියි (ස)
මට නම් හිතෙන්නේ රජය පැත්තෙන් ඔවුන් හරි (නි)
මට 55 වෙද්දී ගන්න සල්ලි නැතිවෙයිද දන්නෙ නැහැ. (නි)
හුගක් මහන්සි වෙන්න ඈති අනුන්ගෙ සල්ලි ආයෝජනය කරල... (ස)
මාගේ අදහස වන්නේ, නිකම් තිබෙන මුදල් කොටස් වෙළඳපොළේ ආයෝජනය කළාට කමක් නැහැ. එයින් එන ප්‍රතිලාභ වලින් කොටසක් අරමුදල් දායකයන්ට තමාගේ ශේෂයේ ප්‍රතිශතයක් හැටියට ලබා දිය යුතුයි. (නි)
අර්ථසාධක අරමුදල් ආයෝජනය කරාට කමක්නැහැ තමයි.නමුත් මේ අය මේ මුදල් ආයෝජනය කරන්න යන්නෙත්, ආයෝජනය කළෙත් කඩා වැටෙන සමාගම් බේරාගන්න.මේ සමාගම් වල සමහර අයිතිකාරයෝ අන්ථරස්ධාන වෙලා.ආගිය අතක් නැහැ.එවැනි සමාගම් වල කොටස් තමයි මේ අය ගන්න යන්නෙ.ඒ නිසා අධිකරණ තීන්දුවකින් හරි මේ දෙය වලක්වන්න ඕනෙ.ඒක රටටත් හොඳයි,අර්ථසාධක අරමුදලටත් හොඳයි.(නු)
අනේ මන්දා. මට නම් මේවා බරපතල වැඩියි. මට තේරෙන්නේ නැහැ. (නි)
අපි බලාගෙන ඉඳිමු මොකද වෙන්නේ කියලා. (නි)
යම් රටක හරි වැරදි පෙන්වා දීමට ප්‍රභල විපක්ෂයක් තිබිය යුතුයි. එසේ නොමැති වූ විට රජය තමන්ට රිසි දේ කරනු ඇත. (නි)
නඩුව ඉවර වෙනකොට ගිණුමේ සල්ලි ටිකත් හබක් වෙලා තියේවිද දන්නේ නෑ (ස)
රිස්වාන් ලංකාවෙද දන්නෙ නැහැ ඉන්නේ? (නි)