දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සේවකයෝ පිරිසක් පෙර සේවයේ අර්ථ සාධක අරමුදල් ද මිය ගිය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ද ඉල්ලා හික්කඩුව සීනිගම දෙවොල් දේවාලයේදී පොල් ගසා කන්නලව්වක් කළහ.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සේවකයෝ පිරිසක් පෙර සේවයේ අර්ථ සාධක අරමුදල් ද මිය ගිය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ද ඉල්ලා හික්කඩුව සීනිගම දෙවොල් දේවාලයේදී පොල් ගසා කන්නලව්වක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් ගෙඩියට ඇස් තුනක් තියෙනවානේ. අඬන්න පුලුවන් නම් අඬලා කියයි "මොකද යකුනේ තොපිට වෙලා තියෙන්නේ"කියලා. ආණ්ඩුව කරන්න ඕනෑ දේවල් වලට පොල් ගෙඩිය උස්සගෙන යනවා (නි)
අර්ථ සාධකයේ ප්‍රශ්න වලට විසඳුම සීනිගමද? ඔතන නැතිවුණ පින් පෙට්ටිය හොයාගන්නවත් බැරිකොට තව මොන කතාද? (නි)
මෝඩ වැඩ නොකර හිටපු පාලකයෝ හොරා කාපු දේවල් ඉල්ලාගන්න වැඩ කළා නම් හොඳ නැද්ද? ඒ කාලේ සද්ද නැතුව හිටියේ මොකද? (නි)
අනේ අප්පේ අපේ මිනිසුන්ට ගිය කලක්. ඉදිරි අනාගතේදී ලංකාවේ මානසික රෝහල් වලින් අඩුවක් වෙන එකක් නැහැ මෙහෙම ගියොත්. (නි)
අසරණ මිනිස්සු ජීවත්වෙන්න විදියක් නැතුව දෙවියන්ට කියනවා. ආණ්ඩුව මන්ත්‍රී දීමනා වැඩි කරනවා. මැති ඇමතින්ට තියෙන සැප මදි නිසා වෙන්න ඇති. (නි)
ඔය රට සංවර්ධනය කළා කියලා පපුවට ගහගන්න කට්ටිය බලාගෙන යනකොට අහිංසක සේවකයන්ගේ අර්ථසාධකයවත් ගෙවලා නැහැනේ. (නි)
දිල්ශාන් , දිවි නැගුම නම් ඉතින් අසරණ අය වෙන්න බැහැ.දේශපාලකයෝ පස්සේ වැටිලා කටු සුප්පු කරලා ආණ්ඩුව පෙරලුනහම මෙහෙම වෙනවා. කොන්ද කෙලින් තියාගෙන ඉන්න රටක් වෙනුවෙන් වැඩ කරන්න හිතට ගන්න ඕනේ එකයි. (අ)
අනේ මන්දා අපේ රටේ මිනිසුන්ට මොනවා වෙලාද කියලා. තමන් කරන දේවල් වල තේරුමවත් හරියට නොදැන හිස් ලූ ලූ අත යනවා. (නි)
ඇමරිකාව ඕස්ට්‍රේලියාව වගේ රටවල මෙහෙ වගේ පොල් ඇත්තෙත් නැහැ, පොල් ගහන්නෙත් නැහැ. මෙහෙ වගේ දෙවියෝ අදහන්නෙත් නැහැ. නැකතුත් නැහැ. නමුත් මෙහාට වඩා හුඟක් හොඳට වැඩ කෙරෙනවා. (නි)
මොලේ පැදෙන්න කියලා හිතාගෙන ඔවා ඔලුවේ ගහ ගත්තා නම් වඩා හොඳයි. (ර)