අරණායක සෞඛ්‍ය වෛද්‍ය කාර්යයාලයේ දැන් පැවැත්වෙන සංවර්ධන කමිටු රැස්වීමට පැමිණි අනුර ප්‍රියදර්ශන යාපා, කබීර් හසීම් ඇතුළු පිරිසගෙන් සහන ඉල්ලමින් අවතැන් වූවෝ පිරිසක් විරෝධයක් ඇරඹූහ.
අමාත්‍යවරුන්ගේ වාහන වලට පිටවීමට ඉඩ නොදෙන බව කියමින් කිහිප දෙනෙක් බිම වාඩි වී විරෝධය පළ කරති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිවරුන්ගේ වාහන අවහිර කළාම සහන ලැබෙනවද? ඒ කට්ටිය ඇවිත් ඉන්නේ සහන දෙන ක්‍රමය ගැන සොයා බලන්න නේද? ඒ වෙලාවේ සාක්කුවෙන් අරන් සහන දීලා යන්න නම් ඒගොල්ලන්ට බැරිවෙයි. බොර දියේ මාළු බෑමක් සිද්ධවෙනවා වගේ පේනවා සටන් පාඨ අතේ තියෙන කට්ටිය දකිනකොට. (නි)
උපාලි, නොදන්නා දේවල් වලට කටදාන්න එපා (නි)
සහන සාක්කුවේ දාගෙන ඉන්නේ,එළියට අරන් දෙන්නනේ තියෙන්නේ, මොකද මෙතන ඉන්න සමහරු අවදානම පෙනී පෙනී අනවසරයෙන් ගෙවල් හදා ගත්තු අය.(බ)
එන පොට හොඳ නැහැ. (ර)
රජයක් වශයෙන් ජනතාවට සේවය කිරීමට බැඳී සිටිනවා, එකට හඬ නගන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඔය එන මැති ඇමතිවරු සහන සැලසීම කරන්න බැරිනම් ඔවුන්ගෙන් පලක් නැහැ. කොහොමත් ලංකවේ ඉන්නේ තමන්ගේ දේවල් කරගෙන ඉතුරු වුනොත් මිනිස්සුන්ට දෙන පාලකයෝනේ. (හේ)
හූ කියලා ප්‍රශ්න විසඳාගන්න පුළුවන් නම් හොඳයි (නි)
මිනිස්සු ඉවසලා ඉවසලා බැරි තැන තමයි මෙහෙම කරන්නේ. (ර)
මට පේන්නේ මේකට සම්පත් පතිරණ සම්බන්ධයි වගේ (බ)
මේ අවස්ථාව තේරුම් නොගැනීම හා දේශපාලන වාසි ලබා ගැනීමට කොටසක් උත්සාහ කිරීම කණගාටුවකට කරුණකි. කෑගහලා උද්ඝෝෂණ කරලා දේශපාලකයන්ගේ පදේට නටලා මේවා විසඳාගන්න බැහැ. ඔය උසිගන්නවන කිසි කෙනෙක් ඔය කිසි කෙනෙකුට සතේක වැඩක් කරලා දෙන්නේ නැහැ. ජනතාව මේක අවබෝධ කරගන්න ඕනෑ (නි)
විරෝධතා කරමින් සහන ඉල්ලන එක නම් හොඳ මදි නේද? කන්ද නාය යැවුවේ රජය නෙමෙයිනේ. මෙයාලාව පදිංචි කළෙත් රජය නොවෙයිනේ. ඉල්ලීම් ඉල්ලන්න ක්‍රම සහ විධි ඕනෑතරම් තියෙනවා. බලහත්කාරයෙන් ඔය විදියට ඉල්ලන එක වැරදියි (නි)
කොහොමත් මේ ආණ්ඩුව දුප්පත් මිනිසුන් දිහා බලන්නේ නැහැ. ගොවියෝ, කම්කරුවෝ, වගා වල නිරතවන්නන් අපහසුතාවට පත්කරපු තවත් ආණ්ඩුවක් පමණි (නි)
ලොකු පටළැවිල්ලක් වගෙයි. (නි)