IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අරුණගේ විශ්වාසභංගය: ලේකම්වරුන්ගෙන් වාර්තාව කතානායකට

(සුජිත් හේවාජුලිගේ)

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල්  අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග  යෝජනාව සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු ලේකම්වරුන්ගේ මතය ඇතුළත් වාර්තාව  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ඊයේ ( 4) බාරදී ඇත.

කෙසේ වෙතත් ලේකම්වරුන් එම යෝජනාව සම්බන්ධයෙන්  ස්ථිර  තීරණයක් ප්‍රකාශ   කර නැත.

යෝජනාව විවාදයට ගන්නවා නම් ඒ සඳහා යොදාගත හැකි කරුණුද විවාදයට නොගන්නවා නම් ඒ සඳහා යොදාගත හැකි කරුණුද ඇතුළත් කර මෙම වාර්තාව  පිළියෙල  කර බාරදී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනා  ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය මෙන්ම මීට  පෙර විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කර ඇති අය සම්බන්ධයෙන්ද   විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් මෙරට  සහ  විදේශයන්හි  භාවිතයන් සහ ලේඛනගත කරුණු යනාදියද  මෙම වාර්තාවෙන් කරැණු  ඉදිරිපත් කර ඇතැයි   වැඩිදුරටත් දැනගන්නට ඇත.

එසේම මෙම වාර්තාව යෝජනාව සම්බන්ධයෙන් අවසාන  තීරණය ගැනීමට කතානායකවරයාට ඉඩ ලැබෙන පරිදි  ඉදිරිපත් කර ඇත.

මේ අනුව කතානායකවරයා විසින් ඒ පිළිබඳ තීන්දුවක් ගෙන පාර්ලිමේන්තුවට  ලබන 9 වැනිදා දැනුම් දෙනු ඇත.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල්  අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව  විවාදයට ගත හැකිද නොහැකිද යන්න සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කරන්නැයි කතානායකවරයා පසුගිය දා ලේකම් මණ්ඩලයෙන් ඉල්ලීමක් කළේය. මෙම වාර්තාව බාරදෙනු ලැබුවේ ඒ අනුවය.

පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර, නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල  ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න  යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව මෙම වාර්තාව පිළියෙල කර ඇත



අදහස් (0)

අරුණගේ විශ්වාසභංගය: ලේකම්වරුන්ගෙන් වාර්තාව කතානායකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site