වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තමන් භාවිතා කරන නිල රථය සඳහා මැතිවරණ නීතියට අනුව ගෙවිය යුතු මුදල එම අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතාට භාර දුන්නේය.
වත්මන් රජය යටතේ මෙලෙස මැතිවරණ කටයුතු සඳහා භාවිතා කරන රාජ්‍ය දේපල වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවුවත් පසුගිය පාලන සමයේ දී දේශපාලන කටයුතු සඳහා අසීමිත ලෙස රාජ්‍ය සම්පත් යොදාගෙන තිබූ බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙම මුදල් භාරදුන් අවස්ථාවේ දී පැවසීය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී වරාය අධිකාරියේ සේවකයින් 521ක් මැතිවරණ කටයුතු සඳහා යොදවාගෙන ඇතැයිද මැතිවරණ කටයුතුවලට නිදහස් කළ එම සේවකයින්ගේ වැටුප් පමණක් නොව අතිකාල පවා අමාත්‍යාංශයෙන් ගෙවා ඇතැයි ඇතැයි ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නොදන්නා චෙස් (බ)
ව්‍යාපාර කරනකොට මුදල් ආයෝජනය කරන්න වෙනවා. පස්සේ ඉතින් ලාබෙත් එක්කම ඒවා ගන්න පුළුවන්නේ (බ)
ඒකනේ කියන්නේ අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා (නි)
කලින් ඡන්ද වල හිඟ ඒවත් මෙයාලා ගෙවනවද? (නි)
ජයවේවා ඔබට! (නි)
ඉතා හොද වැඩක් රනිල් පටන් ගත්ත දේ මේ විදියට ඉදිරියට ගෙන අා යුතුයි. අපිට වැදගත් පක්ෂය නෙමෙයි ප්‍රතිපත්තිය. මහින්දට නම් මේවා කරනවා තියා හිතන්වත් බැරිවෙයි.(ම)
අර්ජුනට මගේ ආචාරය පුද කරමි. ඒ වගේම ප්‍රසන්න ගේ අදහස මා අගයමි. මහින්දට මේවා කරන්න බැරි ඇයි? ඉන්නේ වටේම හොරු රැලක්. උන් නැතිව මහින්දට වෙන ගමනක් නැහැ (නදී)
අනේ මෙයාගේ අවංකකම ?(ම)
ආදර්ශයට ගත යුතු පුද්ගලයෙක් (බ)
හැබැයි තව අය ඉන්නවා රජයේ වාහන විශාල ප්‍රමාණයක්, ආරක්ෂක බල ඇණි,ගමන් වියදම් භාවිතා කරමින් ජන්දයට කටයුතු කරනවා.(ම)
එක වාහනයකට ගෙවලා තියෙන්නේ. මන් හොඳටම දන්නවා වාහන 2කට වැඩි ප්‍රමාණයක් තිබෙන බව හා යටතේ තියෙන සංස්ථා වලින් තව ඒවා ලබා ගෙන තියෙන බව. ඒ ඔක්කොටම ගෙවන්න පුළුවන් නම් හොඳයි. මොන දේ වුනත් අවංක ඇමැතිවරයෙක්. (බ)
තවත් අවංක ඇමතිවරයෙක් ! හිටපු රජයේත් මෙවැනි අය හිටියා නම්, මහජනතාව වෙනුවෙන් රුපියල් බිලියන කීයක් ඉතිරි කරගන්න තිබුණාද? (නි)
ඔවු ඔවු... පහුගිය දේවල් දිහා බලද්දී අපිට ගොඩක් දේවල් මතක්වෙනවා (නි)
අන්න නියමයි. එහෙම තමයි ඉන්න ඕනෑ (නි)