අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරය දැරීමට නුසුදුසු පුද්ගලයකු බවට ප්‍රකාශ කරමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම අද (14) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගත්තේය.
කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කැරුණු මෙම පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විජිත මලල්ගොඩ මහතා හමුවේ කැඳවු අවස්ථවේදි පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ වගඋත්තර කාර අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විට එම ධූරයේ කටයුතු නොකරන බැවින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවයි.
කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණ පෙත්සම අස්කර ගැනීමට අවසර දෙමින් පෙත්සම නිෂ්ප්‍රභා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන වැරදි / නිවැරදි වුවත් මේ පෙත්සම විභාග කරන්න දැන් බැහැ. ඔහු දැනට එම ධූරය නොදරන නිසා. (නි)
මනෝරම, මේකේ කොහෙවත් නැහැ නිවැරදියි කියලා. කොහොමද එතුමා නිවැරදියි කියල පෙන්නේ.? (ර)
දැන් බොරුවට නඩු දාපු අයට නඩු අයින් කරගන්න වෙලා. මහේන්ද්‍රන් දැන් නිවැරදියි කියලා හොඳටම පේනවා. (නි)
ඇත්ත නේන්නම්. අශ්වයා පැනලා යන්න කලින්නේ දොර වහන්න කියලා ඉල්ලුවේ. (නි)