කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියකුට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි නොතීසි මත අධිකරණයේ පෙනී සිටි වරාය සභාපති ධම්මික රණතුංග රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
‘‘ජනතා මුදලින් නඩත්තුවන තමන් වැනි පුද්ගලයකු අධිකරණ පරිශ්‍රයේදී ගැසිරෙන්නේ මෙසේ නම් වරාය අධිකාරියේ හැසිරෙන ආකාරය අධිකරණය සිතා ගත හැකියි.‘‘ යැයි පිලපිටිය මහතා සැකකාර සභාපති අමතමින් කීවේය.
මාර්තු 17 වැනි දා කෙසෙල්වත්ත පොලිසියට පැමිණ සටහන් තබා ප්‍රකාශයක් ලබා නොදී යැවීම සම්බන්ධයෙන් ඔහුට විශේෂ වරප්‍රසාදයක් දැක්වූයේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කළේය.
‘තමුන්ගේ සහෝදරයා මේ පත්වීම ලබා දීලා තියෙන්නේ. සහෝදරයාගේ ගෞරවය ආරක්ෂාවන පරිදි කටයුතු කරන්න.‘ යැයි ද ඔහුට අවවාද කරමින් මහේස්ත්‍රාත් පැවසීය.
සැකකාර රණතුංග උසාවි පරිශ්‍රයේදී මාධ්‍යවේදියා පටිගත කළ බව කියන ඔහුගේ ජංගම දුරකතනය පොලිසියට බාර දෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් වැඩිදුර විභාගය ජූලි 28 වැනි දාට කල් තැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුනගේ වැඩ නිසා මෙවැනි දේ වෙන්නේ පවුල් රකින්න යනවා (බ)
අයියගේ ගෞරවය නැති වෙලා ගොඩක් කල් (බ)
දහම් දන්න දයක් කතා කරන්න (බ)
ලෝකයේ දියුණු රටවල අධ්‍යාපනයට විශාල මුදලක් වැය කරනවා තවද මුදල් ගෙවා ඉගෙන ගත හැකි පුද්ගලික විශ්ව විද්‍යාල එහි තිබෙනවා එම නිසා එම රටවල ජනතාව සමස්තයක් වශයේ ගත්තම උගත්කමෙන් වැඩි , ඔවුන් ඡන්දය දෙන්න කලින් ඡන්ද අපේක්ෂකයාගේ අවංක භාවය , උගත්කම වැනි සාධක සැලකිල්ලට ගනිති , වරාය සභාපති වැනි තනතුරු වලට පත්වෙන්නේ එය පිළිබඳ දැනුමක් ඇති සුදුසු කෙනෙකි , එම නිසා එම රටවල් දියුණු වී ඇත අපේ රටේ තත්වය වෙනස්ය (බ)
සභාපති කෙනෙකුගේ පෙනුමට වැඩිය පාතාලයෙකුගේ පෙණුමක් තමයි තියෙන්නේ. පිලපිටිය මහත්තයා නියමෙට කියලා දිලා තියෙන්නේ 'ජනතා මුදලින් නඩත්තු වන තමන් වගේ පුද්ගලයන් කියලා.පොලොව පලාගෙන යන්න හිතෙන්න ඇති . (බ)
පවුලම එකම බෝට්ටුවේ. (බ)
කිංස්ලි මහත්තයෝ ලොකු තනතුරු දරන අයගේ ලජ්ජා නහර කපලනේ (බ)
ඇමති වෙනස්වුණ පළියට ලංකාවේ ආයතනවල නිලධාරීන් වෙනස් වෙන්නේ කොහොමද? ඉතින් රටක් දියුණු වෙයිද? අර සමහරු කියන විදියට හරියට බැලුවොත් අපි මේ රටේ ඉපදුනේ කරුමෙකට තමයි. සියල්ල දේශපාලනීකරණය වෙලා. (නි)
වරාය සභාපතිට සාමාන්‍ය පෙළත් නෑ. උප සභාපති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය වරයෙක්. (අ)
අර්ජුන වෙනුවෙන් අපේ හිතේ එදා තිබුණු ගෞරවය දැන් නැතිවී හමාරයි. (නි)
ඇයි අර්ජුන කියන්නේ ලොකු ගෞරවයක් තියන කෙනෙක්ද. එහෙම ගෞරවයක් තියනවනම් කිසිම සුදුසුකමක් නැති අයියව සබාපතිකමට දමාවිද. අනේ රටකට ගිය කලක් (බ)
අමුතු පෙනුමක් තියෙන්නේ. (බ)
වරයා අධිකාරිය විතරක් නොවෙයි රජයේ සියලු ආයතන වල ඉහළ තනතුරු වලට පුද්ගලයන් පත්කරනකොට ජනතාවාදී පුහුණුවක් දීල වගකීම් අවබෝධ කරල දීල ජනතාවට සාමිවරු සැලකිය යුතු ආකාරය උගන්නල පත් කරන්න ඕනේ. මේක තමි හොදම වෙලාව වුනේ එහෙම සංස්කෘතියක් බිහි කරන්න. එ්ත් එහෙම කරන්න මේ ආණ්ඩුවත් අපොහොසත් උනානේ. ඉතින් මෙහෙම පත්කලාම වෙන මොනාද බලාපොරොත්තු වෙන්න ඕනේ? මතකයි නේද ලෝකකුසලානේ දිනපු කණ්ඩායම් නායකයාගේ වත්තට බෝලයක් වැටුන කියල, පාසල් ළමුන්ට සලකපු සැලකිල්ල. රෙජි තාත්ත හිටියනම් වතාවල් කීයක් මිය යයිද මේවා දැකල. (බ)
ලංකාවේ පවතින ක්‍රමය ගැන හොඳට බලාගත හැකිවෙන්නේ නීතිගරුක රටකට ආවිටය (නි)
නඩුකාර තුමාට මගේ ගෞරවය (බ)
අයියා විසින්ම දාගත් මල්ලිනේ. ඉතින් නම කෑවට කමක් නැතුව ඇති. (නි)
රාජපක්ෂලාගෙන් නම් රට බේරාගත්තා. දැන් රණතුංගලා! (නි)
ශ්‍රී ල නි පෙ පවුල් වාදය මත පදනම් වුණ පක්ෂයකි , ඉස්සෙලා බණ්ඩාරනායක පවුල , රාජපක්ෂ පවුල , දැන් රණතුංග පවුල ක්‍රම ක්‍රමයෙන් කරලියට එන්න වලිකති , කණගාටුවට කරුණ නමි ශ්‍රී ල නි ප පාක්ෂිකයන් නිතරම මනාපේ ගහන්නේ ප්‍රසිද්ධ පවුලක සාමාජිකයෙක් නම් හෝ වෙනයම් ක්‍රමයකට ප්‍රසිද්ධ නම් පමණි (බ)
මෙයාට ජොබ් එකක් තිබුනේ නැහැ ඇමරිකාවේ. අයියාගේ පිනට ලංකාවේ දී ලැබුණා (බ)
ලජ්ජා නැතිව තව විරිත්තනවා (බ)
මගේ අම්මෝ ...මේ මනුස්සයා නේද දැන් අවුරුද්දකට කලින් ලොස් අන්ජල්ස් වල, මානසික රෝහලෙන් පැනලා ගිහින් තියෙන්නේ..බලන්නකෝ පලවෙනි ෆොටෝ එකේ ඉන්න හැටි..(අ)
දැන් ඉතින් වස්ත්‍රය උනාදමන ඒක තමයි හොඳ! (බ)
සියට සියයක් නිවැරදි පුද්ගලයන් රටේ නොමැත පුද්ගලයින් අතින් වැරදී සිදුවේ ඉස්සරනම් දේශපාලනඥයකුගේ හිතවතකු වැරදි කළවිට ,මාධ්‍යවේදියකුට කතා කිරීමට හෝ අඩුම වශයෙන් කාටුනයක් ඇඳීමට හෝ නිදහස් නැති නමුත් දැන් අධිකරණය දක්වා යාමට නිදහස ඇත. එයට ගරු කළ යුතුය(බ)
දැන් අර්ජුනගේ නම කාලා ඉවරයි. චණ්ඩි වෙන්න ගිහින් ප්‍රසිද්ධියේ නිකන් බොරුවට සවුත්තු වුණා (නි)
මාධ්‍යවේදීන්ට නියවපු විදියට මම නම් හිතන්නේ අංගොඩ පැත්තේ වෛද්‍ය සායනයකට යවන එක තමයි සුදුසුම දේ. (බ)
දැන් ඕන සෙල්ලමක් දාන්න පුළුවන් ...සුදු වැන් නෑ.....(බ)
යහපාලනය සහ ලබාගත් වෙනසෙන් , මෙවැනි තක්කඩියන් චන්ඩින් සොරුන් මැරයන් පාතාලය , ඉමහත් නිදහසක් ලබා , ඔවුන්ගේ පැතුම් ඉටු කරගන්නවා , සැපද වෙනස ? (අ)
තිලක් මහත්මයා මෙහේ ඇති යහපාලනයක් නෑ. ඉඟුරුදීලා මිරිස් අරන් වගේ තමයි දැන් තියෙන්නේ (අ)
ඔය පෙන්නන්නේ අපේ අනාගතයට මග පෙන්වන මහා නායකයෝ! හැබැයි එයාගේ එක අතක් අපේ සාක්කුවේ! ලැජ්ජයි. (අ)
මුහුණ හදවතේ කැඩපත කියල කිවේ නිකන්ද ? (ර)
අර්ජුන රණතුංග ලෝක කුසලානය දිනපු අසහාය නායකයා මැරිලා දැන් හුඟාක් කල් නේ. (අ)
මේ වගේ අය තමයි දැන් අපේ රටේ ලොකු ලොක්කෝ වෙලා උගත් අපිව පාලනය කරන්නේ. එ්කට හේතුව නූගත් ඡන්දදායකයොයි. මින් පසුවවත් උගත් දක්ෂයින් පාලකයෝ කරමු (නි)
කටුස්සට රන් මාලයක් දැම්මා වාගේ. (ර)
කිංග්ස්ලි පෙරේරා.ඔබගේ අදහස 100% නිවැරදියි. (ර)
පහුගිය යුගය පසු කරලා යහපාලනය ගෙනත් අපි මොන තරම් සතුටු වුනාද? දැන් නැවතත්... (ර)
1996 වල්ඩ් කප් එක රටට ගෙනත් දීලා ක්‍රීඩාවට සේවයක් කරගෙන හිටියානම් නමක් තියෙනවා රටේ. (ර)
සුදුසු නැති කෙනෙකුට මෙවැනි තනතුරු ලබාදීම තමා පළමු වරද ? දුන් අවවාදයට මහේස්ත්‍රාත් තුමාට ගෞරව කරමි.! (ර)
රණතුංග නම දැන් කුජීතයි (බ)
යහපාලනයෙන් පවුල් වල කට්ටිය තනතුරු වලට ගන්නේ නැහැ කිවුවනේ. එතකොට මේ මොනවද වෙන්නේ? (නි)
ඔලුව ඉදිමිලා ඒකයි මහේස්ත්‍රාත් තුමනි,එයාල හිතාගන ඉන්නේ ඔක්කොම එයාලගේ යටත් වැසියෝ කියලයි. (බ)
අඩු කලේ දිය සෙලවේ. (ර)
එයාගේ නම තව මොනවා කන්නද ? (බ)
සහෝදර සමාගම් දැන්නම් රටටම එපාවෙලා (නි)
ජනතා මුදල් වලින් පඩි අරගෙන, මෙහෙමද හැසිරෙන්නේ. (ර)
තමන්ගේ තනතුරු හීනමානයෙන් ඉදිමුනවිට මෙහෙම දේවල් වීම ස්වාභාවිකයි (නි)
අනේ මොකටද මගේ කට? (නි)
මේක පවුල් පාලනයක් එහෙම නෙමෙයි දැන් ඒවා නැහැ (බ)
පස්සේ ප්ලැන් කරලා වැඩක් දෙයි ගම්ම්පහ ඉස්සර ඉඳන් ගණන් ගෙනිච්චේ මෙයාල ගේ සමහර පවුල්වල අය තමා. (බ)
අන්න එ්ක තමයි වෙනස. !!! ශෝක් නේද? (බ)
මේ පුද්ගලයා හැසිරෙන අන්දම හොදින් පරික්ෂා කරනකොට යම්කිසි මානසික අබාධයකින් පෙලෙන බව පෙනී යනවා (බ)
මේ වගේ අය ඉහල තනතුරු දරන ලංකාවට අබ සරණයි (බ)
අර්ජුනට නමක් තියෙනවද කන්න ..(බ)
මට නම් අයියලා මල්ලිලා කවුරුත් එකයි දැන්. ඉස්සර මහ ලොකුවට පවුල් පාලනය ගැන කියෙවුව අය දැන් මොකද කරන්නේ? (නි)
මෙයා ඇමරිකාවේ නෝන්ඩි වුන කෙනෙක්. කෙසේ වෙතත් ඇමරිකාවේ නෝන්ඩි වන අයට ලංකාවේ ඉන්න අයියලා ලක්සෙට කොඩි දාගන්න උදව් කරන බව නම් අපි අහලා තියෙනවා. (බ)
බොහෝ දෙනා අදහස් දක්වා තිබෙන්නේ වෛරයෙන් . වැරදි කා අතිනුත් සිද්ද වෙනවා . මේ බොහෝ දෙනා කවදා කිසිම වරදක් නොකළ අකාරයෙන් ලියන්නේ (බ)
ඔය නම ගැන මොන රෙස්පෙක්ට් ද මිනිසාට හරි යන්නේ දෙමටගොඩ හරක් මඩුවේ රස්සාවක් බලපල්ලා මුනේ අවලස්සන විශ්ව විද්‍යාලයක් දැකලවත් නැතිව ඇති . ගරු කටයුතු රස්සාව බල්ලට ගිහිල්ල. (බ)
අයියාගේ ගෞරවය ආරක්ෂාවන පරිදි කටයුතු කරන්න අයියාට ගෞරවයක් තිබේද ? (බ)
අර්ජුනත් තමුන්ගේ ගරුත්වය නැතිකරගෙන ඉවර බව රටම දන්නවා .(බ)
රටේ උගතුන්ගෙන් වැඩ ගන්නේ නැතුව මෙවැනි සමාජයේ හැසිරීමට හෝ සුදුසුකම් නැති පුද්ගලයින් ලොකු තනතුරු වල තබාගෙනද රට හදන ගමන යන්නේ? අපට පෙනෙන මේ දේවල් වගකිවයුත්තන්ට පෙනෙන්නේ නැද්ද? (නි)