ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් මහතා තමාට එරෙහිව ඇති චෝදනාවලට අදාළ සාක්ෂිවල සහ ශ්‍රී ලංකා අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තුවේ පිටපත් ලබා දෙන ලෙස ජාත්‍යන්තර පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක් කර ඇතැයි නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට අද දැනුම් දුන්නාය.
ශ්‍රී ලංකා අධිකරණයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව නිකුත් කර ඇති රතු නිවේදනය සහිත වරෙන්තුවේ සහ ඊට අදාළ සවිස්තර වාර්තාවල පිටපත් එම සැකකරු සිංගප්පූරුවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා ඉල්ලා ඇති බවත් ඒවා ඔහු වෙත ලබාදීම සුදුසුදැයි ජාත්‍යන්තර පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සඳහන් කළාය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය මෙසේ පැවුසවේ පළමුවැනි සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව වරෙන්තුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව මහේස්ත්‍රාත්වරිය කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
මේ සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි නඩු දිනයේ දී අධිකරණයට ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
මෙම සැකකරු උදර්පන නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා අධිකරණයේ පවතින නඩු ගොනුවේ සහතික කළ සම්පූර්ණ පිටපතක් ගාස්තු රහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරිය ඉකුත් අප්‍රේල් මස 27 වැනි දා අධිකරණයේ රෙජිස්ටාර්ට නියෝග කර තිබිණි.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිටිනා බවට නිරීක්ෂණය කරන බව ද නීතිපති දෙපාර්තමේන්තුව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති තමා මේ සේරටමට වගකියන්න ඕනේ !
මෙය තව වතාවක් මහජනතාව රැවටීමක් ද ???
මහේන්ද්‍රන් හිර කූඩුවේ හිටියෙ නැතිවුනාට මානසිකව ඉන්නෙ අපායක. තමන්ගෙ වරදින් දුවගෙ කසාද මනුස්සයා මාස හයක් හිරේ දුක්විදිනව ඒක නිසා දුවගෙනුයි පවුලෙනුයි බැනුම් අහනව. ජ්‍යාතියන්තර ත්‍රස්තවාදියෙකුටවගේ රතු වරෙන්තු නිකුත්වෙනව. මට මෙහෙම වුනනම් හාර්ට් ඇටෑක් එකකින් වලකජ්ජ ගහනව.
යාළුවා ලගදි සින්ගප්පුර් ආවනේ ඉල්ලා ගත්තේ නැද්ද?
ඇලෝසියස් රක්ෂිත බන්දගාරගතවීම, අර්ජුන් සිංගප්පුරුවට පලා යාම, මේ සේරම ඔය කුමන්ත්‍රණයේ කොටස්. මේ සියල්ල කෙසේ අහවර වුවත් පාඩු වුන සල්ලි ආයේ මේ රටේ ජනතාවට ලැබෙන්නේ නෑ. ඇලෝසියස් රක්ෂිත බන්ධනාගාර ගත වීම මායාවක්. අනාගතයේ කුමන රජයක් බලයට පත් වුනත් මේ අය බේරෙනවා. කොහොමත් මේ බැදුම්කර මගඩියේ කුමන්ත්‍රණකාරයා අර්ජුන් මහේන්ද්‍රන් නෙවෙයි.
යාළුවා 2020 ඡන්දෙ ඉල්ලුවොත් දිනලා හමාරයි...
ඔයාගේ මිත්‍රයා රතු වරෙන්තුවේ පිටපතක් රිදී බන්දේසියක තියලා දේවි. මෙහාට එන්න අපි ඔබව ආරක්ෂා කරන්න සැදී පැහැදී ඉන්නවා...
ස්වයං කැමැත්තෙන් හෝ නීතිය මගින් මෙයාව කුදලාගෙන ශ්‍රී ලංකාවට රැගෙන එමට පෙර එයා තමාගේ නඩුවේම "හොර පෙරකදෝරුවෙක්" හෝ "ගොඩ පෙරකදෝරුවෙක්" වීමට දඟලනවා, එයාගේ සංදර්ශන මගින් ! ඔච්චර මහන්සිවෙන්නේ නැතුව ඊළඟ ෆ්ලයිට් එකෙන් කොළඹට ගොඩ බැහැල එයාගේ අබ්බගාත් එක්කම ඔය නඩු විස්තර බලගත්තානම් මීට වඩා හොඳ නැද්ද ????