අර්ජුන් මහේන්ද්‍රන් නැවත වරක් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරයට පත් නොකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නිර්දේශ කර ඇතැයි විශේෂ කර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා කොළඹ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අද (16) පැවසීය.
මහ බැංකු අධිපතිවරයා පිළිබඳ රටේ සියලු පාර්ශවයන් අතර සැකයක් හෙයින් ඔහු නැවතත් මහ බැංකු අධිපති ධූරයට පත් කිරීම සුදුසු නොවන බව අමුණුගම මහතා සඳහන් කළේය.
මේ අතර පෞද්ගලික අංශය සිදුකරන වෛද්‍ය පරීක්ෂණ සඳහා දැනට අය කරන වැට් බද්ද අත්හිටුවන ලෙස රජයේ ආර්ථික කමිටුව නිර්දේශ කර ඇතැයි ද ඉදිරියේ දී සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය හා මත්පැන් සඳහා ද වැට් බද්ද අයකිරීමට නිර්දේශ කර ඇතැයි ද ඇමැතිවරයා කීය.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ඉදිරියේ දී ආණ්ඩුවට එකතුවනු ඇතැයි ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ආණ්ඩුවේ ප්‍රභලයින්ගේ මොළය පෑදිය යුතුයි. මෙහිදී ප්‍රශ්නය වන්නේ අර්ජුන මහේන්ද්‍ර කවුද කියන එක නොව ඔහුව මෙහාට ගේන්න මුල්වුණ අදෘශ්‍යමාන හස්තය කවුද කියා පාලකයින් තේරුම් ගන්න එකයි. මේක තේරුම් ගන්න බැරි මිනිස්සු දේශපාලනයට සුදුසු නැතිබවයි මගේ හැඟීම. (නි)
මොන පිස්සුද? මෙතුමා වරදක් කරලා නැහැ. ඉතා හදිසිව තිබූ නොකරම බැරි දෙයක් ආපු ගමන්ම කළේ ඒකයි. ඒ දේ නොකළා නම් රට මෙලහකට ඉවරයි. අනික මේ තනතුරට සුදුසු අය මෙරට තව ඉන්නවාද සැකයි. (නි)
ජයම්පති සමග මාත් එකඟයි. කට්ටියක් මෙයාව තියාගන්න ඕන කියනවා. කට්ටියක් එපා කියල නිර්දේශ පවා කරලා තියෙනවා. ජනාධිපතිතුමාට නිවැරදි එඩිතර තීරණයක් ගන්න වෙනවා. (බ)
ජනාධිපතිතුමනි, නිවැරදි අභීත තීරණයක් ගන්න ඔබට හොඳ අවස්තාවක්. (ර)
මේ වෙලාවේ රටට හිතකර විසදුමක් ගත යුතුයි. (ර)
සමහරු තර්ක කරලා තිබුනා චෝදනා එල්ල කලාට වැරදි කාරයෙක් වෙලා නැහැනේ. ඒ හින්ද ආයෙත් පත් කරනවා කියලා. ඇත්ත වෙන්න පුළුවන්. නමුත් ගින්නක් නැතුව දුමක් නොනගින බව අපි විශ්වාස කරන නිසා දුම් ගහපු නැති කෙනෙක් නේද වඩා හොඳ? (ර)
ජනාධිපතිතුමා වෙනුවෙන් ජනතාව ඉදිරියේ පෙනී සිටින ජනතා නියෝජිතයන්ට ඉඩ සලසා දීම ජනාධිපති තුමාගේ වගකීමකි. කාගෙත් නිර්දෝෂිභාවය දැක ගැනීමටද හොඳ මොහොතකි. (ර)
මෙයාට විරුද්ධව චෝදනා තිබෙනවානම් වහාම ඉදිරිපත් කරලා නඩු දාන්න. ආණ්ඩු මාරු වෙනකල් බලා ඉන්න එපා. සමහර 'ක්ලීන්' කියපු නායකයෝ ගැන දැන් නම් හිරිකිතක් දැනෙනවා. (බ)
ඔන්න ඔහේ නැතිවෙන්න දෙයක් නැති එකේ සුන්නද්දුලි වෙන්න දීලම දාන්න. තව මොනවා ඇතිවෙන්නද (බ)
ඔක්කොටම වැඩිය මට බය අන්තිමට තියෙන ඒකාබද්ධ විපක්ෂය ගැන කතාවට (නි)
මොහු ඉවත්කිරීම සිදුකළ යුතුම දෙයක් (නි)
එ්කටත් අහවලා බලපෑම් කරාවිද දන්නෙ නැහැ. (නි)
ජයම්පති මොනවද මේ කියන්නේ? (නි)