IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අර්ජුන් කමලනාත්ගෙන් චිත්‍රපට දෙකක් ළඟදීම

2016-04-05-ent-48

අර්ජුන් කමලනාත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. "ඉගිල්‍‘ලෙන්න ඇයි දඟලන්නේ" චිත්‍රපටයෙන් අනතුරුව ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය "කුසල්" ළමා චිත්‍රපටයයි. මේ ඒ ගැන කළ විමසුමකි.

"දැන් චිත්‍රපට පෝලීමක් තිබෙනවා. ඒනිසා ජනවාරි මාසය වනවිට මගේ "කුසල්" චිත්‍රපටය ප්‍රදර්ශනය කළහැකිවෙයි. "කුණාටුවේ මාරයා" කියන තවත් චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළා. අමීෂා කාවින්දි, චිලී තිවංක, දෙනුවක සේනාධීර, හර්ෂණ බෙත්මගේ, මේනකා මධුවන්ති, ඉමාෂා ලියනගේ, වොල්ගා, රොහානි වීරසිංහ යන අය රංගන දායකත්වය සැපයුවා. මේ වනවිට එය රූගත කර අවසන්. මෙම සිංහල අවුරුද්දෙන් පස්සෙ එහි සංස්කරණ කටයුතුවලට දායක වෙනවා.

චිත්‍රපට නිර්මාණය කරත්, නිෂ්පාදකයන් සිටියත් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේදී දැවැන්ත අර්බුද තිබෙනවා. මීට පසුගිය ආණ්ඩුව උත්තර දුන්නෙත් නැහැ. පවතින ආණ්ඩුවෙන් ඒ ගැන හිතන්නෙවත් නෑ.

අපි ආණ්ඩුවට බදු ගෙවනවා. නමුත් ‘අපේ නිර්මාණ ප්‍රදර්ශනයට ඉඩක් හදන්න ආණ්ඩුවට පුළුවන් කමක් නෑ. එයට සියලු බලධාරීන් වගකිවයුතුයි. චිත්‍රපට කරලා වසර දෙකක් පෝලිමේ ඉන්න වෙලා. බැංකු පොලී ගෙවන්න වෙනවා. මේක අපේ ව්‍යාපාරය. අපි වෙනුවෙන් වගකීම ඉටුකරන්න රජයට හැකියාවක් නැහැ. අපිට අපේ මේ වෘත්තීය කරන්න චිත්‍රපට පෙන්නන අවකාශයක් හදලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

"අගමැතිතුමාගේ සංකල්පයක් රැකියා දසලක්ෂය. සිනමාව තුළ රැකියා කොතරම් බිහිවෙනවද‍්? චිත්‍රපටයක් වෙනුවෙන් කොතරම් වෙහෙස මහන්සි වෙනවද? රැකියා කීයක් නිර්මාණය වෙනවද? හරියට සිනමා ශාලා, මණ්ඩල හදන ක්‍රමවේදයක් හදන්න ඕන. චිත්‍රපට සංස්ථාව පෞද්ගලීකරණය කරන එක නෙමෙයි විකල්පය. රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් තරගකාරී ලෙස මණ්ඩල ඇති කළ යුතුයි. චිත්‍රපට සංස්ථාව තුළ සභාපතිතුමන් මේ තත්ත්වයට බොහෝ කටයුතු කරනවා. නමුත් චිත්‍රපට සංස්ථාවෙන් පාලනය කළ නොහැකි මාෆියාකාරයෙක් ඉන්නවා. ඒ ප්‍රශ්නය සභාපතිතුමාටත් තිබෙනවා."

 

නිදුක් මදුෂික

 

2016-04-05-ent-49



අදහස් (0)

අර්ජුන් කමලනාත්ගෙන් චිත්‍රපට දෙකක් ළඟදීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site