(නිමන්ති රණසිංහ)
ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් වර්ෂ 2015 වර්ෂයේදී බැදුම්කර නිකුත් කිරීමෙන් අක‍්‍රමිකතාවක් සිදුකර රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාළව ඇප මත සිටින පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් මහතාගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (8) නියෝග කළාය.
මෙම සැකකරු සම්බන්ධයෙන් ති‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණයෙන් විශේෂ ඇප කොන්දේසියක් පනවා නොමැති අතර, නිතිපති දෙපාර්තමේන්තුව ද ඇප ලිහිල් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බැවින් සහ සැකකරු අධිකරණය මඟ නොහැර සිටීමත් ඇප මත සිටියදී මොනයම් හෝ වැරැද්දක් අනාවරණය නොවීමත් යන කරුණු හේතුවෙන් ඇප කොන්දේසි ලිහිල් කරනු ලබන බවට මහේස්ත‍්‍රාත්වරිය සදහන් කළාය.
ඒ අනුව, සෑම ඉරුදිනකම පෙරවරු 9.00ත් - 12.00ත් අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය නියම කර තිබූ ඇප කොන්දේසිය ලිහිල් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරුදින පමණක් එම දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම ප‍්‍රමාණවත් ලෙසට දැනුම් දෙමින් එම ඇප කොන්දේසිය ලිහිල් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාවත් එක්ක එකම පොල් ගෙඩියක් ගෝ අඹ ගෙඩියක්වත් අහුවෙලා නැති නිසා ඇපදීම ගැන විරුද්ධවෙන්න කිසිම හේතුවක් නෑ කියලයි මාත් හිතන්නේ.
මගේ ලොකුම ප්රශ්නය තමයි අර කලින් ලොකුවට කතා ගියානේ මහා බැංකුවට කරපු පාඩුවට සමාන මුදලක් ආණ්ඩුව මේ සමාගමේ තිබූ ගිණුම් වත්කම් ලොක් (on hold) කරලා තියා ගත්තා කියලා. ඉතින් එම මුදල් තවම භාණ්ඩාගාර වෙත ලබා දීලා තියනවද? නැත්නම් අඩුම තරමින් ඒ ගොල්ලන්ගේ දේපළ තවම රාජ සන්තක කරලද? මොකක්ද මෙතැන වෙන්නේ, කොලේ වහලා දාලා ගේම් එකක්ද?
පත්තරවල තිබුණු හැටියට නම් ඔය ඔන් හෝල්ඩ් කරපු සල්ලි ඔක්කොම බැංකුවලින් ණයට ගත්තු අපේම සල්ලි..?