IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අර්ජිත් සිං සල්මාන්ට ගී ගයයි

2016-08-22-ent-03

"සුල්තාන්" චිත්‍රපටයේ එන ගීතයක් ගැයීමට අකමැත්ත පළ කර පසුගිය කාලයේ මාධ්‍යය තුළින් කතාබහට ලක්වූ ජනප්‍රිය බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායක අර්ජිත් සිං සල්මාන් ඛාන් මේ දිනවල දායකව සිටින කබීර් ඛාන්ගේ "ටියුබ්ලයිට්" චිත්‍රපටයේ එන ගීත කිහිපයක් ගැයීමට කැමැත්ත පළකර ඇති පුවතක් වාර්තා වෙනවා.

"සුල්තාන්" චිත්‍රපටයේ ඇතුළත් වූ "ජග් ගේමියා" ගීතය ගැයීමට ඔහු අකමැත්ත පළකර තිබුණ අතර, ඒ කාරණය නිසාම ඔහු හා සල්මාන් ඛාන් අතර විරසක වීමක්ද හටගෙන තිබුණා. එහෙත්, මේ වනවිට එය සමථයකට පත්ව තිබෙන බව සඳහන් වෙනවා.

කෙසේ වෙතත්, මීට සතියකට පෙර අර්ජිත් සිං එක්තරා වෙබ් අඩවියක් සමග සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදී පවසා තිබුණේ සල්මාන් ඛාන් රංගනයෙන් දායක වෙන කිසිදු චිත්‍රපටයක් සඳහා තමා ගීත ගායනා නොකරන බවයි. අර්ජිත් සිං සිනමා රසික, රසිකාවියන් අතර වඩාත් ජනප්‍රිය වුයේ 2013 වසරේ තිරගත වු "ආෂික්‍යු" දෙවැනි චිත්‍රපටයේ ඇතුළත් වූ "තුම් හි හෝ" ගීතය හරහාය.

 

2016-08-22-ent-05
2016-08-22-ent-04



අදහස් (0)

අර්ජිත් සිං සල්මාන්ට ගී ගයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 393 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site