මූණු මාරුවකින් ජනතා අපේක්ෂාවන් ඉටු කරගැනීමට සිතීම උඳු වපුරා තල නෙලීමට බලාපොරොත්තු වීමක් වැනි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන්ට එක් දිනක් තුළ පුරවැසිභාවය ලබාදුන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා තමාගේ අයදුම්පතට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවද ඔහු පවසයි.
රනිල් - මෛත්‍රී පාලනය පැවසූ ආකාරයට හොරුන්ට, දූෂිතයන්ට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හා ඒවායේ මහ මොළකරුවන්වූ දේශපාළුවන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගැනීමට සමත් වී නැතැයි විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම පිළිබඳ සංවාදය බොඳවී ගොස් එය සංශෝධනය කිරීම දක්වා පසුපසට ගොස් ඇතැයිද ඔහු එම නිවේදනයේ දක්වයි.
‘‘2012 අප්‍රේල් මස 7 වැනිදා රාජපක්ෂ පාලනය විසින් මා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුව වෙත එල්ලවූ තෙරපුම නොවන්නට මේ වන විට මාද අතුරුදන්වූවන්ගේ ලැයිස්තුවේ නමක් වන්නට නියමිතව තිබුණි‘‘ යනුවෙන්ද ඔහු එහි සඳහන් කරයි.
බහුතර ජනතාවගේ ආර්ථික නිදහසත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයත් දිනාගැනීම සඳහා දේශපාලනය සිදුකරන්නන් හට ඒ සඳහා ඇති අයිතිය උදුරාගැනීමට ඉඩදී නිහඬව බලා සිටීමට ජනතාව සූදානම් නැති බවත් ජනතා ප්‍රශ්නවලට සැබෑ විසඳුම් සොයාගත හැක්කේ දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාවගේ සංවිධානාත්මක අරගලයකින් පමණක් බවත් පීඩිත ජනයාට ඒ සඳහා ඇරයුම් කරන බවත් ඔහු එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය හදන්නේ අපේ කොල්ලන්ව ටයර් සෑයවල්වල අරින්නද. එදා විමල් වීරවංස ජවිපේ එකට අපෙ කොල්ලන්ව කඩේ යවල අද මහින්දගේ පස්සේ යනවා. අපි දන්නවා කගෙත් කෙරුවාව. අපේ අහිංසක කොලන්ට කෙල්ලන්ට තියෙන්නේ මෙරට විතරයි.බැසිල් ඇමෙරිකාවට පෙන්න . අනිත් අය ඕසට්‍රේලියාවට පනී . අපේ දරුවන් කොටුවෙයි (අ)
අරගලය කා වෙනුවෙන්ද . (අ)
කරුණාකර ඔබ යන්න. (නි)
සමහර වෙලාවට කුකුල් බෙටිත් බෙහෙතට ඕනෑවෙන්න පුළුවන් කියන කතාව අමතක කරන්න එපා (නි)
මෙහෙ ඉන්න ඔය සමහරුත් අරගෙන එහෙ ගියා නම් හොඳයි නේද? (නි)
මේ වගේ අයට ගැතිකම් දක්වන සිංහලයිනි, මේ වගේ අයගෙන් සිංහලයාට සෙතක් සිදුවන්නේද? (නි)
මෙයා තාමත් ලංකාවේද? බොරුවට ලංකාවේ මිනිස්සු අමාරුවේ දාන්න එපා (නි)
අරගල කරන්න ගිහිල්ලා වැඩේ වැරදුනොතින් ඔයා නම් කිසිම කරදරයක් නැතුව ඕස්ට්‍රේලියාවට පැනගනීවි. අපි තමයි අමාරුවේ වැටෙන්නේ. මහා ලොකු සමාජවාදියෝ ජීවත්වෙන්නේ අධිරාජ්‍යවාදීන්ට ගැති ඕස්ට්‍රේලියාවේ? මේවාට තමා වැදි බණ කියන්නේ. දුප්පත් අපිට ලංකාවට වෙලා, තියෙන දෙයක් කාලා ජීවත්වෙන්න දෙන්න. ඔබතුමා ඕස්ට්‍රේලියාවට ගොස් කරන අරගලයක් කරගන්න (නි)
දැන් එනවා අලුත් සෙල්ලමකට. අපේ ලේ හොල්ලන්නෙ නැතුව ඕස්ට්‍රේලියාවටම ගියොත් නරකද? (නි)
ආයෙත් හිටපු රටකටම ගියා නම් තමයි හොඳ. (නි)
රට හදන කතාව අහලම එපාවෙලා. ඔය පරණ තැටි වලට මුලාවුණ කාලය ඉවරයි. කරුණාකරලා රට කන්න එපා. (නි)
සමහර මිනිස්සු ඉන්නවා, අරගලමයි ඕනෑ. සමාදානයෙන් ප්‍රශ්න විසඳාගන්න දන්නෙම නැහැ. (නි)
උගත්තු නම් පුරවැසිභාවය ඉල්ලනතුරු ඉන්නෙ නැතුව ළඟට ගිහින් දුන්නත් කමක් නැහැ. නමුත් රට වනසලා අනෙක් මිනිස්සු අමාරුවෙ දාලා පිටරට පැනපු අයව මොකටද ආයෙත් මේ සුන්දර රටට ගන්නේ? (නි)
අම්මෝ! අපේ රට හදන්න තියෙන අමාරුවක්? ඕස්ට්‍රේලියාව හදන්න බැලුවා නම් නරකද? පුරවැසිභාවයත් එහේ තියෙන එකේ. අපි අපේ දේවල් බලාගන්නම්. (නි)
රටේ නීතිය ක්‍රියාත්මක නොවීම වැරැද්දක් ලෙසයි මම දකින්නේ. (නි)
ඔබ දේශපාලනය කරන්න සුදුසු පුද්ගලයෙක් නොවෙයි. ඔබ ඕස්ට්‍රේලියා චිත්‍රපටිවල විකට චරිතවලට නම් වඩාත් ගැලපෙනවා. එනිසා කරුණාකර එහාට වෙලා ඉන්න. (බ)
මේ වගේ අය රටේ තියාගන්නවාටත් මම නම් විරුද්ධයි (නි)
රටට බොරු කියලා රට කන්න හදන්න නම් එපා (නි)
විෂයමූල තත්වයන් සහ මනෝමූල තත්වයන් හරියට තේරුම්ගන්න. බලහත්කාරයෙන් විප්ලව කරන්න බැහැ. (නි)
උඳු , තල අස්වැන්න 88-89 මරණයේ අස්වැන්නට වඩා උතුම් (දිල්)
කුමාර් මහත්තයෝ, ඔබතුමාට ඉල්ලපු ගමන් පුරවැසිභාවය දෙන්නේ කොහොමද? අපි දැන් අවුරුදු තුනක වාගේ කාලයක ඉඳන් පෝළිමේ ඉන්නවා. පළමුව අපිට දීලා ,ඔබතුමා ගැන සළකලා බලයි. (නි)
පුළුවන් නම් ඔය කියන අරගලය ඕස්ට්‍රේලියාවේ කරලා පෙන්වන්නකො. (නි)
මෙයා ලංකා පුරවැසියෙක් නොවේ වහාම රටින් පිට කරන්න (අ)
යනවා ඔයි හිටපු රටට අපිට වද දෙන්නේ නැතුව. අපි තල වපුරලා උදු බැරි නම් මුං ඇට හරි ගන්නම්. දැන් යහපලානේ අනිත් පාලන අපිට ඕනේ නැහැ. (අ)
ලංකාවේ නීතිය ගැන නම් කතාකර වැඩක් නැත. (නි)
අනේ මහත්තයෝ 1988 / 89 වගේ තවත් සංහාරයකට එන්නේ නැතුව වධ නොදී ඉන්නවද (අ)
රටින් පිටුවහල් කරපු කෙනෙකුට පුරවැසි භාවය ඉල්ලන්ට පුවන් වුණට එකට අයිති වාසි කමක් තියෙනවද ? . (අ)
ගිහින් ඔස්ට්‍රලියාවට පාවලා බලාගෙන ඉන්න (අ)