(අංජුල මහික වීරරත්න)
75 වන ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංවිධානය කළ “ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා” චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පොජ් හාර්න්පොල් (Poj Harnpol) මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී විවෘත කෙරිණි.
නවක හා දක්ෂ චිත්‍ර ශිල්පීන් දායක කර ගනිමින් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතා මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
ආර්ට් ඔෆ් ශ්‍රී ලංකා චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්. එස් සරත් මහතා පැවසූයේ බලාපොරොත්තු වූ පරිදි රට පුරා තරුණ මෙන්ම වැඩිහිටි චිත්‍ර ශිල්පීන් විශාල සංඛ්‍යාවක් මෙම චිත්‍ර ප්‍රදර්ශනය සඳහා චිත්‍ර යොමු කළ බවත්, අරගලයේ සිටි තරුණ තරුණයින් පවා චිත්‍ර ප්‍රදර්ශනයට දායක වූ බවත්ය.
පසුගිය 04 වනදා ආරම්භ වූ මෙම චිත්‍ර ප්‍රදර්ශනය පෙබරවාරි 10 වනදා දක්වා පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා කොළඹ 07 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ දී පැවැත්වේ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
අරගලයේ තාරුණ්‍යයත් චිත්‍ර අඳී
Buddika Monday, 06 February 2023 02:46 PM
ඝොටාභය ජනාධිපති උන වෙලාවෙ බිත්ති තාප්ප ගානෙ චිත්‍ර ඇන්දෙත් මෙයාලම නේද?