අරුගම්බේ වෙරළේ ඉදිකැර තිබූ බකිංහැම් මාළිගය වැනි නිවාඩු නිකේතන සංකීර්ණයක් සොයාගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය. අමැතිවරයා මේ බව ප්‍රාකාශ කළේ අද ගාල්ලේ පැවති ජන හමුවක් අමතමිනි.අගමැතිවරයා පවසන්නේ පසුගිය රජයේ මාළිගා තොගයට මේ නිවාස ද එක්වන බවයි. අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘ මේ නිවාඩු නිකේතන සාදා තිබෙන්නේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකට කියා කියනවා. අපිනම් දන්නේ නැහැ එතැන සිදුකළ ජාත්‍යන්තර සම්බන්ධීකරණය මොකක් ද කියා. නමුත් එතැන ප්‍රභූ නිවාඩු නිකේතන තුනක් තිබුණා. මුහුදට අඩි සීයක් දුරින් මේ නිවාඩු නිකේතන තුන වෙනුවෙන් පිහිනුම් තටාක තුනක් හදලා. එක් කාමරයක් සහිත නිවාඩු නිකේතන 18ක් තිබුණා. කාමර දෙකක් සහිත නිවාඩු නිකේතන 22 ක් ප්‍රභු නිවාස තුන අතුළුව සුපිරි යැයි කියන නිවාඩු නිකේතන 14ක් තිබුණා. මෙතැන ප්‍රභූ නිවාස 54ක් තිබෙනවා.
අගමැතිවරයා පවසන්නේ මේ නිවාඩු නිකේතන සෑදීමේ දී අරුගම්බේ තෝරාගැනීමට හේතුව නොදන්නා බවයි. අරුගම්බේවලට වී සිදුකරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ගැන ද තමන් නොදන්නා බව හෙතෙම කීවේය.
‘‘මේ වෙනුවෙන් පසුගිය රජයේ ජනාධිපතිවරයාගේ අරමුදල්වලින් මුදල් වෙන්කරලා තිබෙනවා. ඒ සඳහා කැබිනට් අනුමැතිය හෝ වෙනත් අවසරයක් අරගෙන නැහැ. ඒ විතරක් නොවෙයි මා ඇහුවා මේවාට හිටපු අගමැතිවරයා එනවා ද කියා. අගමැතිවරයා එන්නේ නැහැ කීවා. ඉන් පසු ඇහුවා හිටපු ජනාධිතිවරයා එනවාද කියා. ඒතුමා අවුරුද්දකට එක දවසක් පමණ ඇවිත් යනවාලු. එහෙනම් කාගෙද මේ නිවාස කියා අපි සිතිය යුතුයි. කාගේ වුවමනාවට ද කාට ඉන්නද මේවා හැදුවේ. “
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා රජයට අයිති නිසා මහජනයාට විවෘත කරන්න.මුදලක් අයකරලා මේවා දේශීය සහ විදේශීය සංචාරකන්ට ලබාදෙන්න. (දිල්)
අහන්නකො මෙයා, ලොකු බේබිගෙන් (නදී)
මේවා රජයේ ගොඩනැගිලි මිස පුද්ගලික දේපල නොවෙයි. ජනාදිපති කවුරු උනත් රජයේ දේපලක්. ජනාදිපති කියන්නේ තනතුරක් මිස පුද්ගලයෙක් නොවෙයි. හොරබඩු වෙන්නේ කවුරු හරි මේක ගෙදර අරන් ගියොත් හරි අයිති කරගත්තොත් හරි. ඔය කියන විදියට ගුවන් තොටුපොල, වරාය, මහා මාර්ග ඔක්කොම හොර බඩු වෙන්න ඕනා. මේවා හොර බඩුනම් මාධ්‍ය සන්දර්සන නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න (නදී)
කොච්චර හොදද ! සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න.රටකට මෙවැනි දේවල් අවශ්‍යයි. ඒනිසා දැන් මේවා මහජනයාට විවෘත කරමු.(දිල්)
එක දවසක් හරි බකිංහම් මාලිගාව බලන්න එක්ක යමුද කට්ටියවම (දිල්)
රටේ මිනිසුන්ට මොළයක් නැහැ මේ අනවශ්‍ය දේවලටයි සල්ලි නාස්තිකරන්නේ කියලා. (නි)
හරි හරි ඉතින් වැරදි වැඩක් කවුරුහරි කරලා තිබෙනවා නම් කෝ ගෙන්වන්නකෝ නීතිය ඉදිරියට, මුළු රටටම බලාගන්න (නි)
මෙතන ප්‍රශ්නය වෙන්නේ හිටපු රජයේ අය ගෙදර ගෙනගියාද නැද්ද කියන එක නොවේ. රජයේ මුදල් නිරපරාදේ සුළුතරයකගේ පරිශීලනය සදහා යොදාගෙන තිබීමයි. මේ මුදල් යොදවා පාසලක්, රෝහලක්,නිවාස වගේ දෙයක් කරන්න තිබුනා. (නි)
අනුමැතියකින් තොරනම් නීතිය ක්‍රියාත්මක කරන්න. අසාධාරනයකට ලක්වූ අයට වන්දි දෙන්න. ගොඩනැගිලි රජයේ ආදායම් වලට යොදාගන්න. දේශපාලකයන් සඳහා පමණක් යොදානොගෙන මුළු මහජනයා සඳහාම නිවාඩු නිකේතනයක් කරන්න. (නි)
මේ මාළිගාවලට ගත් අහිංසක මිනිසුන්ගේ වගාබිම් නැවත ඒ අයට ලබාදිය යුතුයි. (නි)
ඔය වගේ කියපු දේවල් ගැන සොයල බැලුවම මොකවත් නෑ.දැන් මේවා අහලම ඇතිවෙලා.මාධ්‍ය සංදර්ශන(දිල්)
කියලා තියෙන බොරු වලට මොනවා වෙයිද (දිල්)
දවස් සීයක් මදි වෙයි මේ වැඩ කරන්න. කෝ තවම පටන් අරගෙනත් නෑනේ (දිල්)
මේගොල්ල දැන් හැමදේම වැරැදි විදියටනේ දකින්නේ (දිල්)
මේවා හොයා ගත්තට වැඩක් නෑ. කෝ කවුරුත් උසාවියට ගෙනාවේ නෑනේ . අපි යහ පාලනයෙන් බලාපොරොත්තු වෙන්නේ එක. (දිල්)
මේවා කටත් හදන්න පුළුවන් නමුත් ගොඩක් සල්ලි ඕන (දිල්)
මන් හිතුවේ රනිල් කියන්නේ දැනුම් තේරුම් ඇති පරිපුර්ණ දේශපාලකයෙක් කියලා. දැන් බැලුවම මෙයාගෙයි රන්ජන්ලගෙයි කිසි වෙනසක් පේන්න නැහැනේ. (නදී)
මේවා මාධ්‍යට කීමෙන් අගමැති තුමා බලාපොරොතු වන්නේ පවතී රජයට මඩ ගැසීමයි. නීති විරෝදී වැඩනම් ජනතාවට කියල වැඩක් වෙන්නේ නැහැ .. ඔබතුමාට පුළුවන් මේවා අධිකරණයට යොමුකරන්න. ජන 08 දින සිට මේ දක්වා හෙලිකල කිසිම දෙයකට අදිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඔබගේ රජය අපොහොසත් වී තිබෙනවා. නීති මගට නොගොස් ජනතාවට මේවා කීමෙන් ඔබලාගේ යටි අදහස ඉස්මතු වෙනවා. එය තමා. ඉදිරියේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණය.(නදී)
මහින්ද මහත්තයා කළදේවල් අපි දන්නවා. ඔබ කළ දේවලුත් අපි දන්නවා.දැන් වැරදි හෙවුවා ඇති. දින 100 කරලා පෙන්වන්න (නි)
මේක මුලින් ගොඩ නැගුවේ ප්‍රේමදාස මහත්තයා. ඊලග මහත්තය වර්දනය කොරලා. මේකේ කිසි වරදක් නැහැ.(නදී)
මේවා ගැන ඔය උලුප්පලා කතා කෙරුවට මෙයත් කැමතියි ඔය වගේ ඒවාට. බලේ නැති කාලේ හරියට වැරදි දැක්කා. බලේ ලැබුනට පසු මෙයාලගේ වෙනස් වීම් සහ හැසිරීම් හොදට පේනවා. අපිත් බලාගෙන ඉන්නේ මෙයාල කියපුව කොරනවාද කියලා. (නදී)
මොකෝ පටන් අරන් නැත්තේ ඇසළ ? ඔයගොල්ලන්ගේ ලොක්කෝ ටිකට චූන් එකේ බබාලා ටික වගේ ගෙදරට වෙලා ඉන්න ඉඩ සලස්සපු එකම මදැයි. වෙන මිනිස්සුන්ව නම් ඇදන් ගිහින් ආණ්ඩුවේ බෝඩිමට දාල මෙලහකට (නදි)
මගේ හිතේ ඉස්සර රනිල් මහත්තය ගැන තිබුනේ වැදගත් උගත් මහත්තයෙක් කියල ගෞරවයක්. පාලු ගෙයි වලන් බිඳින එක වැරදියි. මොනවා උනත් ඔය තරමටම මහින්ද මහත්තයට මඩ ගහන එකට මම හිතන්නේ නෑ උගත් බුද්ධිය තියෙන යු.එන්.පී පාක්ෂිකයෙක් උනත් කැමති වෙන එකක් නෑ. මහින්ද මහත්තය මොනවා උනත් මේ රටට වැඩක් කලා කියන එක ඔයාල මොනවා කිව්වත් සමහර මිනිස්සුන්ට අමතක නෑ. (නදී)
මේවා මහජනතාවගේ මුදල් නේද (දිල්)
කිංස්ලි, ඔබ හරි, මේක වන්-ෂොට් දෙවන කොටස වගේ (අ)
අනවශ්‍ය දේට ප්‍රමුඛතාව දුන්නම ජනතාව දුක් විදිද්දී තමයි තෙරෙන්නේ මේවා වැඩක් නෑ කියලා(දිල්)
තව කොහේ කොහේ ඇද්ද දන්නෙ නැහැ (නි)
මේක අයිති නාවික හමුදාවට .(අ)
මේකේ නම ලගූන් කබානා නාවික හමුදාවේ හෝටෙල්ස් තියෙන මාලිමාව කියන වෙබ් එකෙන් බලන්න පුළුවන්.(නදී)
ඇමෙරිකාවේ එකයි,මෙහෙ එකයි.බකිංහම් මාලිගා තුනයි.මන් හිතන්නේ පහු ගිය රජයේ අයට ගෙදර ගෙනියන්න බැරුව දාලා ගිය එකක් වෙන්න ඇති.රජයේ දේපළ රජයේ.මාස තුනේ ආණ්ඩුවෙන් පස්සේ මහින්ද මහත්තය ඇවිත් ඔය වැඩ සම්පුර්ණ කරලා කරන්න හදපු වැඩේ කරවී.මාස තුනේ අගමැති හැටියට ඔබ තුමා ඉතිහාස ගත වේවි.18 වෙනිදට නුගේගොඩට එන්න කියල අපි ඔබ තුමාටත් ආරාධනා කරනවා.(දිල්)
මේ සංකීර්ණය හෝටල් සංකීර්ණයක් කියල කලින් ඉඳලම හැමෝම දන්නා දෙයක්. ජනාධිපතිට ඉන්න හදපු මාලිගාවක් නෙමෙයි. (අ)
පිවිතුරු යහපාල බකිංහම් මාලිගාව තියෙන්නේ එංගලන්තේ ඇමරිකාවේ නෙමේ (නදී)
මේ හෝටලය අන්තර්ජාල ඔස්සේ ගොඩක් කල් සිට ජනතාවට විවෘර්ත වෙලා තිබුනා (නදී)
බකිංහම් මාලිගාව දැකලත් නැද්ද කොහෙද ? (නදී)
රනිල්, චම්පික සහ රාජිතගේ මහින්ද භීතිකාව දැන් හොඳින් ප්‍රදර්ශනය වෙනවා. 1977 දි සිරිමාවෝට ජේආර් කළ දේ 2015 දි මහින්දටත් කිරීම සඳහා පෙරහුරු හා ප්‍රකාශ තියනවා. මහත්මා දේශපාලනය කියන්නේ විරුද්ධවාදීන් කළ සියළුම දේ විවේචනය කිරීම නොවෙයි. හොඳ දේ අගය කර වැරදි දේ විවේචනය කිරීමයි. මහින්දගේ පාලනයේ හොඳ නරක දෙකම තිබුණා. ඉන් වඩාත් නරක දේ තිබුණේ ඇමති මණ්ඩලයට. ජනතාවට හොඳ උනත් ඇමතිමණ්ඩලයට නරක් වීම මත මහින්ද තමාගේම පක්ෂය වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට පරාජය උනා. (නදී)
රටේ මුදල් වලින් නැතුව ගෙදරින් මුදල් ගෙනත් රටට වැඩ කරන්නේ කොහොමද? (නදී)
පුදුමයි ..මංගලි ඒකවත් දන්නේ නැහැ..ඇමෙරිකාවෙත් එකක් තියෙනවා..ජනාධිපති තුමාගෙන් අහන්න සැකනම්.. (අ)
මේකේ සමහර අය දාල තියෙන ප්‍රතිචාර දැක්කම ඇත්තටම හිතෙනවා පුනක්කු කන මිනිස්සු තවම රටේ ඉන්නවා කියල ,මේවා ගෙදර ගෙන නොගියට අපේ දරුවන්ගේ අනාගතය උගස් තියල ණය අරගෙන කරපුව ,එක වේලක් කාල ඉන්න මිනිස්සු මේ රටේ කොච්චර ඉන්නවද ,(අ)
බැකිම්හැම් මාලිගාව තියෙනේ ඇමරිකාවේද ? (අ)
අයියෝ මේ නාවික හමුදාවේ නිවාඩු නිකෙතන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත (අ)