(අංජුල මහික වීරරත්න)
විධිමත් ක්‍රමවේදයක් සකස් කර අයිසිස් ත්‍රස්තවාදය නැවත ඇති නොවන ලෙස ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාතරදී අද (21) පැවැසීය.
පාස්කු ප්‍රහාරයට මාස තුනක් පිරෙන දිනයේ යළිත් මෙවැනි භීතියක් ඇති නොවීම සඳහා වග බලා ගැනීම සැමගේ ප්‍රාර්ථනාව බව කී අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවද සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියළුදෙනා මියගොස් හෝ අත්අඩංගුවේ පසුවෙන බවද රජයේ දෙවන පියවර වන්නේ නැවත ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇති නොවීමට වග බලා ගන්නා බවද කීය.
ඒ වෙනුවෙන් නව නීති පද්ධතියක් අවශ්‍යවන්නේ යැයිද එංගලන්තය වැනි රට වල කෙටි කලක් ඇතුළත පහළොස් වතාවක් ත්රස්තවාදයට සම්බන්ධ නීති සංශෝධනය කර තිබෙන්නේ යැයිද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ බුද්ධි සේවය තවත් ව්‍යාප්ත කළ යුතු අතර අනාගතයේදී මෙවැනි සිද්ධියක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා පිරිස් බලය අවශ්‍ය බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ඇමරිකා දැනුම එපා යැයි ඇතැමුන් කෑගසන නමුත් තොරතුරු හුවමාරුව මෙන්ම විදේශ රට වල තාක්ෂනය අයි එස් ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
97 වන ජාත්‍යන්තර සමුපකාර දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. ජාතික සමුපකාර ප්‍රතිපත්තිය එළි දැක්වීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සමුපකාර සංවර්ධන අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ සහභාගිත්වයෙන් මෙහිදී සිදු කෙරිණි. මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ දී මෙම උත්සවය පැවැත්විණි.



(ඡායාරූප -චතුර එස් කොඩිකාර )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අස්සයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමට තැත් කිරීම.
ලෝකයේ හුඟාක් රටවල් මුස්ලිම් ත්රස්තවාදීන් ජයගත්තා. ඒත් ලංකාවේ එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි.
ඔව් ඔව් අපි මැරිලා ඉපදුනේ නැහැ නොවැ
නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැති රටේ කොහොමද මෙවැනි දෙයක් කරන්නේ. තවමත් තියෙන්නේ ආදී කාලේ දඩුවම් දෙන නීති පොත්. ඔය පොත් පුච්චලා මේ දියුණු වෙන ලෝකෙත් සමග කරට කර යන්න.
ඒ කියන්නේ ඔක්කොම ඇල්ලුවා, දැන් එක්කෙනෙක්වත් නැහැ කිව්වේ විහිළුවටද?
අයිඑස් අයිඑස් ත්‍රස්තවාදය අවසන් කිරීම පිළිබඳව අදහස හොදයි! ඒ සමගම දෙමළ කොටි ත්‍රස්තවාදය නැවතත් හිස ඔසවන බව නොපෙනේ ද? විජයකලා මහේස්වරන්ගෙන් පටන් ගත් මෙය දැන් දැන් ටීඑන්ඒ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන් විසින් වේලුපිල්ලේ ප්රභාකරන් තම එකම දෙමළ නායකයා බව ප්‍රකාශ කිරීම තුලින් දෙමළ කොටි ත්‍රස්තවාදය නැවත ප්‍රවර්ධනය කරමින් දෙමළ ජනතාව කොටි ත්‍රස්තවාදය දෙසට තල්ලු කරමින් සිටී. මෙය රටේ අනාගතය අදුරට හෙලමින් සිටී. නැවතත් හිස ඔසවන දෙමළ කොටි ත්‍රස්තවාදය පිළිබඳව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය සහ රටේ ආරක්ෂක අංශ කඩිනම් ලෙස ක්‍රියා මාරග ගන්නා බවක් නොපෙනේ. සියලු දෙනා විසින් රටේ නීතිය අරාජික කරමින් සිටින බව පැහැදිලය. අගරදගුරු කාදිනල්තුමාගේ අදහස් දැක්වීම අස්වැසිලි දායකය.
අයිඑස් අයිඑස් මුලිනුපුටා දැමීම කෙසේ වෙතත් මේ කට්ටිය ලංකාවේ ඉන්න අහිංසක මිනිසුන් ටික නම් ඉතා ඉක්මනින්ම මුලිනුපුටා දමාවි
හරියට වැඩක් කරන වැඩකාරයෝ කියා කියා ඉන්නේ නෑ. සද්ද බද්ද නැතිව වැඩේ දෙනවා. සද්දේ දාන බක්කන්ගේ සද්දේ විතරයි වැඩ නෑ.
එතකොට ලෝකේ පුරා ඇවිද්දේ "අපි මාසයක් ඇතුලත සම්පුර්නෙන් ම ඒ ප්‍රශ්නේ ඉවර කළා " කියලා ? එතකොට ආයෙමත් තුන් මාසේ දානෙට කොහොමද මුල් ගලවන්නේ?
කවුරු හරි රටට ආදරය කරන බොරුවෙන් , කපටි කමින් ,වංගු දැමිල්ලෙන් තොර නායකයෙක් ඇවිත් අපේ පණවැනි මාතෘ භූමිය බේර ගනීවි.
ජාතියනම් මුලිනුපුටා දමාවි..
ඡන්දෙ ලඟ නිසා ඔය පොරොන්දු එච්චර ආකර්ෂණීය නැහැ . වෙන එකක් හොයා ගන්න...... ඕවට රැවටෙන කාලේ ගියා.....
මෙයා හැමදෙයකටම තව කල් එල්ලනවනේ. මේ එකටත් අපි තව අවුරුදු 50ක් විතර කල්දෙමු...