IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අයස්කාන්ත දසුන් මැදින් බඹර ඇල්ලේ සංචාරය

20160317_BabaraKanda3

20160317_BabaraKanda1මේ දිනවල තදින්ම දැනෙන උෂ්ණ දේශගුණයෙන් මිදී සීත දේශගුණය පිළිගැනීමට බදුල්ල පුරවරවරයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ඔබට, සංචාරය අතරතුරදී හමුවන සොඳුරු දසුනක් පිළිබඳ මංසලකුණු ගෙන එන්නයි මේ සූදානම.

කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙලිහුල්ඔය පසුකරමින් මඳ දුරක් ගමන්කළ පසු හමුවන හල්දුම්මුල්ල ගම්මානයට නුදුරින් කළුපහන හන්දිය හමුවේ. එතැන් සිට වැටී තිබෙන අතුරු මාර්ගයේ කිලෝමීටර් 5 ක් පමණ ගමන් ගත්විට සොඳුරු ඉසව්වක පිහිටි, සිරිලක උසින් වැඩිම දිය ඇල්ල වන බඹර කන්ද ඔබට හමුවේවි.

අතීතයේදී දුල්තොට ඇල්ල ලෙසින්ද ප්‍රචලිත මෙම ඇල්ලට බඹර කන්ද යන නම පටබැඳී ඇත්තේ ඒ අවට ප්‍ර‘දේශයේ ගල්වල විශාල වශයෙන් බඹර වද බැඳ තිබූ නිසා බව එම ගම්මානයේ පැරන්නනෝ පවසති.

උසින් මීටර් 240 ක් එනම්, අඩි 790 ක් වන මෙම ඇල්ල ලෝකයේ 48 වැනි උසම දිය ඇල්ලද වේ. බඹර කන්ද සහ වැලිහේන කඳු දෙක අතරින් ගලා බසින මෙම දිය පහරට ජලය ගලා එන්නේ හෝර්ටන් තැන්නේ සිටය.

දිය ඇල්ල දක්වා ගමන් කළ යුත්තේ ෆයිනස් යායක් මැදිනි. එය තරමක් අපහසු වුවත් එවැනි සුන්දර පරිසරයක ගමන් කරන විට එම දුෂ්කරතාව අපට නොහැඟේ. ගමන කොතරම් දුෂ්කර වුවත් දිය ඇල්ල අසලට පැමිණි විට ගතේ සියලු විඩාවන් නිවී මහත් ආස්වාදයක් ගෙන දෙයි.

ඇල්ලෙන් විසිරෙන පිනිවරුසාව ගතට ඉමහත් සිසිල් බවක් ගෙනදෙයි. දිය දහරාව ගලා හැළෙන ස්ථානයට පවා යන්නට හැකියාව ඇතත් එය තරමක් අනතුරුදායකය. දිය ඇල්ලේ ජලය වැටී සෑදී ඇති පොකුණේ පතුල පවා පෙනෙන තරමට එය නොගැ‍ඹුරුය. වර්ෂාකාලයට මෙම පොකුණු තරමක් ගැඹුරුය.

ඔබ දුරින් සිට බඹර කන්ද දකින විට මෙය ලංකාවේ උසම ඇල්ලද යන්න ඔබට සිතෙනු ඇත. දිය ඇල්ලක සුන්දරත්වය විඳින්නට නම් එය අසලටම යා යුතුය. ඇල්ල ආරම්භයේ සිට කිසිදු තැනක නොරැඳි පොළව සිපගන්නා බඹර කන්ද, සෞන්දර්යාත්මක චාරිකාවකට සුදුසුම තැනකි.

සටහන හා ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර

20160317_BabaraKanda2 20160317_BabaraKanda4



අදහස් (0)

අයස්කාන්ත දසුන් මැදින් බඹර ඇල්ලේ සංචාරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 655 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site