සුළු ජාතින්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් සඳහා වන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රීටා අයිසැක් ලබන 10 වැනිදා සිට ශ්‍රී ලංකාවේ දින 10ක සංචාරයකට පැමිණෙන බව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය කියයි.
ඇය ඉකුත් මාර්තුවේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අප‍්‍රසාදය පළ කර සිටියේය. ඇයගේ එම වාර්තාව සාවද්‍ය නොමඟ යවන සුලු තොරතුරු සහ දත්ත ඇතුළත් බවද රජය විසින් චෝදනා නඟා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මහා ජාතියට ප්‍රශ්න නැද්ද? (නි)
ශ්රී ලංකාවේ සුළුජාතීන් නැත. එමනිසා ඇගේ පැමිණීමෙන් පලක් නැත. (අ)
මෙයාලට දැන් මේ පැත්ත බලන්නේ නැතුව නින්ද යන්නෙත් නැ වගේ..මේවට යන එන අය ගුවන්තොටුපොළේදී හැප්පෙනවා..කෙනෙක් යනවා තව කෙනෙක් එනවා..අපිට තියෙන ආදරේටද මේ?(අ)
අනේ එහෙම කියන්න එපා, එන ඕනි සුද්දෙක් සුද්දියෙක් ඔලුව නමලා දණගහල පිළිගන්න එකනේ ජහ පාලන සිරිත. (අ)
අහනම් එන්න ඉසල්ල නවත්තන (අ)
මෙහෙම් ගියොත් මෙහෙ පදිංචි වෙලාම ඉදියි රට බෙදල දෙනකල්. (බ)
මුන්ට වෙන වැඩක් ඇත්තේම නැ දැන්. පුදුම ආදරයක් තියෙන්නේ අපිට (අ)
කෙසේවුවද අපේ පුංචි රටේ පොළොවේ, මැදපෙරදිග රටවල "කළු රන් දිය" තිබුනා මෙන් අපි නොදන්නා වැදගත්කමක් බටහිරයන් හට තිබෙන බව නම් මෑත ඉතිහාසය දෙස විපරම්ව බැලුවහොත් අවබෝධ වනු ඇත. (නි)
ලංකාව තරම් සුලු ජාතින්ට සලකන වෙන රටක් ලෝකෙම නෑ ඒ නිසානෙ මහාජාතියට යන එන මං නැතිවෙලා තියෙන්නෙ. එක්කෙනෙක් යනකොට තව කෙනෙක් එනවා. සුලු ජාතින් ගැන හොයන්න. මහ ජාතියට වෙලා තියන අගතිය ගැන කවුරුවත් කතා නෑ. කතා කලොත් ජාති වාදෙ ලෙබල් වදිනවා. අපේම රටේ අපි අසරන වෙලා.(අ)
එයාල මෙහෙ එනවා.මෙයාල එහෙ යනවා.අර සම්මුති මේ සම්මුති අත්සන් කරනවා, අතට අත දෙනවා, {ඉඹල පිලි ගන්න දිනය වැඩි ඇතක නොවේ} හැබැයි ඔය කතා සේරම රහස්. මොකද,කවදාවත් ඒවා ගැන ජනතාව දැනුවත් කරලා නැති හින්ද? (අ)
කල්ල දෙන එක හරිද කියල බලන්න වෙන්න ඇති. (අ)
දැන් මේ රට කුමනාකාරයේ රටක්දැයි මට සිතාගත නොහැක (නි)
නිව්ටන් මහත්තයත් එයිද දන්නේ නැහැ (නි)
මොනවද සුළු ජාතීන්ට විතරක් තිබෙන ප්‍රශ්න? (නි)
ඔය කට්ටිය එන්නේ අපිට ආදරේට නෙමෙයි. (නි)
පුදුම අමාරුවක් අපේ රට ගෙන මෙයාලට තියෙන්නේ .පුදුමේ කියන්නේ මෙයාලට සුළු ජාතිය මතක් වෙලා මෙහෙ එන්නේ මහින්ද ගෙදර ගියාට පස්සේ. මොකද වර්තමානයේ බලාපොරොත්තු දෙය කරගන්න ලෙහෙසීනේ. (ම)