(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඩී.ජී. සුගතපාල)
ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී අත්අඩංගුවට ගත් කෙහල්බද්දර පද්මේ විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සඳහා රැගෙන ආ බව කියන රුපියල් කෝටි 250 ක් පමණ වටිනා රසායනික ද්‍රව්‍ය තොගයක් මිද්දෙණිය තලාව ප්‍රදේශයේ වත්තක වළඳමා තිබියදී සොයා ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි
පසුගියදා මෙරටට රැගෙනා ආ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් පස්දෙනාගෙන් තිදෙනෙකුවන කෙහෙල් බද්දර පද්මේ, පානදුරට නිලංග හා කොමාන්ඩෝ සලින්ත යන තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේත් බැකෝ සමන්ත සහ ලහිරු මදුසංක නොහොත් තැඹිලි ලහිරු යන දෙදෙනා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.
ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගල මහතාගේ උපදෙස් මත මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා විසින් බැකෝ සමන්ත නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී එලෙස රැගෙන ආ රසායනික ද්‍රවය අඩංගු කන්ටේනර් දෙකක් මිද්දෙණිය ප්‍රදේශයේ සඟවා ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇත
පෑලියගොඩ උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක රෝහන් ඕලුගල මහතාගේ උපදෙස් මත මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි


2025 දෙසැම්බර් මස 04
637
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
435
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අයිස් ෆැක්ට්‍රියේ කෝටි 250ක අමුද්‍රව්‍ය මිද්දෙණියෙන් ගොඩ ගනියි
යෝගා Friday, 05 September 2025 07:24 PM
අර පන්නපු කන්ටේනර් 323න් 2ක් වෙන්න පුළුවන් මේවා.
WicramaFriday, 05 September 2025 09:35 PM
දැන් නම් ඔක්කෝටම කෙදිරි ගෑවෙනවා ඇති.
සමන් Saturday, 06 September 2025 03:25 PM
ඔතන චෙෆ් (කුඩු හදපු කෙනා) ඉක්මනට අල්ලාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. එයාට පුලුවන් ඕනේ තැනක බඩු හදන්න...
Lalla Saturday, 06 September 2025 09:50 PM
නිල් බලකායේ අණ දෙන නිලධාරී නාමල් ගැටය මේවට සම්බන්ධ නැතිය..