(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පුද්ගලයකු පැහැර ගෙන ගොස්  තැන තැන රඳවා  අමානුෂික  ලෙස පහරදී  සිහිවිසඥ වීමෙන් පසු  මහමග දමා ගිය  මැර කල්ලියක සාමාජිකයින්  හය දෙනකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.

පහර කෑ පුද්ගලයා  බරපතළ තුවාල ලබා  කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත

ගංජා ජාවාරමේ යෙදෙන පුද්ගලයකු ඇතුළු පිරිසක්   පිළියන්දල ගඟබඩ පාරේ නිවසකට  මීට දින කිහිපයකට ඉහත දී කඩාවැදී  මෙම පුද්ගලයා පැහැර ගෙන කරදියාන ප්‍රදේශයේ බොල්ගොඩ ගඟ අසලට රැගෙන ගොස්  යකඩ පොලු වලින් සහ අතින් පයින් පහරදී  තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයේ කපා තිබු බව පොලිසිය කියයි.   

ගංජා ජාවාරමේ යෙදෙන ප්‍රධාන සැකකරු  පහර කෑ පුද්ගලයා අමතා  ඔහුට අයත් නැති වූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන්  ප්‍රශ්න  කර ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව එම පුද්ගලයාගේ බිරිඳ ද එම ස්ථානයට ගෙන්වාගෙන  ඇය  ඉදිරියේදීද අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් එම පුද්ගලයාට අමානුෂික ලෙස පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත

එම පුද්ගලයාගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්  කරදියාන බොල්ගොඩ ගඟ අසලට යාමේදී  එම ස්ථානයෙන් සැකකරු රැගෙන ගොස් තිබූ මැර කල්ලිය  කරදියාන කුණු කන්දේ සගවා නැවතත් පහර දී තිබූ බව සිදුකළ විමර්ශනවලදී හෙළිවූ බව පොලිස් නිලධාරීහු පැවසූහ.

පසුව එම පුද්ගලයාව  පිලියන්දල ගැඩබුවාන ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් එහි රඳවා ගෙන   රැය පහන්වන තුරු පහර දී පසුදින අලුයම් කාලයේ දී   ගඟබඩ පාරේ නිවස ආසන්නයට දමා මැර පිරිස පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි

පසුව නිවැසියන් විසින් 1990 සුවසැරිය ගිලන් රථයෙන්  රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි

මැරකල්ලි එල්ල කළ ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ පාද දෙකට අත් වලට සහ හිසට බරපතළ තුවාල සිදුවී තිබූ බව පොලිසිය පොලීසිය සඳහන් කරයි

පහර කෑ පුද්ගලයා ද සොරකම් රැසකට සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකි

මැර කල්ලියේ ප්‍රධාන සැකකරු වන  ගංජා ජාවාරම්කරු ඇතුළු අනෙකුත් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

සැකකරුවන් පිරිස කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේශ්  හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.