බේරුවල මාගල්කන්දේ නිවසක ශිතකරණයේ තබා තිබු රන් පවුම් එකොළහක් සොරකම් කළැයි කියන පෙදරේරුවා ගැන ඉවක් ලබා දීමට කළුතර පොලිස් සුනඛ ග්‍රේරෝ සමත්විය.
රන්බඩු ඔතා තිබු රෙදි කැබැල්ලේ ඉව ඔස්සේ අසල නිවසකට ග්‍රේරෝ ගිය නමුත් පෙදරේරුවා එහි නොසිටි බව කියති.
වැඩි ආරක්ෂාව සඳහා ශිතකරණයේ රන්බඩු තබා ඇතැයිද එහෙත් එක් අසල්වැසියකු පමණක් ඒ බව දැන සිටි බවද නිවස හිමියෝ කියති. මේ අතර පානදුර ප්‍රාදේශිය ලේකම් නිවසට පැන්න බව කියන සොරුන් සෙවීමද ග්‍රේරෝට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළගට ගහ කොළට කන් ඇති මේ කාලේ.. රහසක් නම් කියාවිද කෙනෙකුට මේ තාලේ? බඩු ටික ලැබුනොතින් එය ඔබෙ පින රාලේ. දැන්වත් හිතට ගනු මේ අබුද්දස් කාලේ.. (ර)
මිනිසා සමග වනයේ සිට ඔහු පසුපස පැමිණි සුනඛයා අද ඔහුට පාර කියා දෙනවා. කොතරම් අපූරුද ? අප මේ සතුන්ට කොපමණ ආදරය කළ යුතුද ? කොතරම් ණය ගැතිද ? (නදී)
අන්න වැඩ.(හේ)
මිනිස්සු බලු වැඩ කරන කොට බල්ලා දියුණු වෙච්ච තරමක් ..(හේ)
අනේ, හොරණ පොලිසියේ හිටපු සුන්දර සුරතලා ව ඇයි කළුතරට දුන්නේ? (නදී)
මේකේ වටිනාකම තමා බල්ලා දේශපාලන බලපෑම්වලට යටත් නොවීම. (ස)
ග්‍රේරෝ කැමතිද ජනාධිපති වරණයට ඉදිරිපත් වෙන්න? අපිට ඡන්දෙ දෙන්න කෙනෙක් නැතුව ඉන්නේ. (නදී)
පොලීසියට වඩා මේ ග්‍රේරෝ දක්ෂයිනේ. මේ ග්‍රේරෝ කොච්චර සාර්ථක වැඩ කරලතියන්නේ. (ස)
තියන්න තැනක් නැතුවද අයිස් පෙට්ටියේ තියන්නේ ? අපි නම් වැඩි පරෙස්සමට උගස් කඩේ තමා තියන්නේ.(දී)
සීතල වැඩිවෙලා රත්තරන් දියවුණා කියල ශේප් වෙන්න හිතන්න ඇති ගත්තු හොරා .... (දී)
මිනිස්සු කරන මෙවැනි කැත වැඩ හොයන්න මේ තමයි සුදුසු කෙනා (දිල්)
ඒ කිව්වේ අර අධ්‍යාපන අදීක්ෂණ මන්ත්‍රී ට ද ? (නදී)
පාර්ලිමේන්තුවටත් ග්‍රේරෝලා යවන්න ඕන කලක් දැන්. (නදී)