රජයේ සේවකයන් , විශ්‍රාමික, පෞද්ගලික අංශ සේවකයන්, සරසවි සිසුන්, ගොවි, කම්කරු, ගුරු ඇතුළු බොහෝ පිරිස්වලට සහන සලසමින් මහින්ද රාජපක්ෂ ජනපති අද 10 වැනි අයවැය ලේඛණය ඉදිරිපත් කළේය.
රජයේ සේවකයනට රුපියල් 2200ක ජීවන වියදම් දීමනාවක් දෙන බව පැවසූ ජනපති මහපොළ ශිෂ්‍යයත්වය ද රුපියල් 1500කින් ඉහළ නැංවීය.
පෞද්ගලික අංශයට රුපියල් 500කින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටි ජනපති පෞද්ගලික අංශයේ සේවක අර්ථසාධක අරමුදලට හාම්පුතාගේ දායකත්වය සියයට දෙකකින් වැඩි කරන යෝජනාවක් ද ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් වසර හයක් පුද්ගලික අංශයේ සේවය කරනවා.මැනේජ්මන්ට් ඩිග්රි එකක් කරලා.මා සමග ගැහැණු පිරිමි විශාල පිරිසක් සේවය කරනවා.අපිට ඔය රජයෙන් වැඩිකරන තුට්ටුදෙක ගෙවන්නේනම් නැහැ.නමුත් රජයේ රැකියා හොයාගෙන යන උපාධිධාරීන්ට වඩා ලොකු පඩියක් අපේ කම්කරු සේවා අංශයේ අයත් ගන්නවා.මං හිතන්නේ අවංකව හා කාර්යක්ෂමව සේවය කරනවා නම් රජය කියන හිගන වැටුප් වර්ධක ඕනෙත් නැහැ. රජයෙන් මොකුත් ඉල්ලන්න ඕනෙත් නැහැ.(අ)
සෑම් මහත්මයා අපිට විහිළු කරනවා, ඔය කියන දේවල් වෙනවා නම් අපේ රට දැනට සුරපුරක් නේද? (නදී)
නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බන් කතිරේ (නදී)
කරුණාකර රජයේ සේවකයන්ට බනින්න එපා. (නදී)
රංජිත් මම හැමදාම කියන්නෙත් ඕක තමයි. (ර)
ජනතාවට ඔය මොකුත් දෙන්න ණය වෙන්න එපා. නොමිලේම ඡන්ද ලබන්ට පුළුවන් ඔබතුමා කටක් ඇරලා කියන්න ලංකාවේ නීතියේ ආධිපත්‍යය සුරකිනවා කියලා. පක්ෂ විපක්ෂ ඔක්කොම ඡන්දෙ දෙනවා. (නදී)
විශ්‍රාමිකයට සෑහෙන සාධාරණයක් කරලා තියනවා. 94ට කලින් විශ්‍රාම ගිය අයට හිඟ මුදල ගෙව්වා නම් ගොඩාක් හොදයි. විදේශ ගත ශ්‍රමිකයන්ට බදු රහිත වාහන ගන්න දීලා තියනවා. අපොස (උ.පෙල) සමතුන්ට රජයේ රැකියා ලක්‍ෂයක්. අනිත් අයට පලාත් පාලන ආයතන වලට පහලොස් දාහක්. කිසිම දවසක ඉදිරිපත් නොවුන ආකාරයේ අය වැයක් මේක. මීට කලිනුත් රටේ ඡන්ද තිබුනනේ. ඒත් මේ කරම් සහන දුන්න අය වැයක් නම් තිබුනේ නැහැ. විපක්ෂයේ අපහාස විහිළුවක් වෙනවා විතරයි. (නදී)
මෙදා පාර අයවැයෙන් හැමෝටම සහන දෙන්නේ රටේ ආදායම වැඩිවෙලාද ? අයවැය හිගය රුපියල් බිලියන 500 යි . මෙපමන මුදලක් සොයන්නේ කොහොමද ? පිටරට වල්වලින් නයට අරගෙන දෙන සහන කාව රවට්ටන්නද ? ඉදිරියේදි එන ජනාධිපතිවරනය නිසා තමයි මේ සහන කියල තේරෙනවා. (නදී)
රුපියල් 500 අරගෙන අපිට දවස් බාගයක් ජීවත් වෙන්නත් බැරිබව දන්නේ නැද්ද. මගේ හාම්පුතා මට පඩි වැඩිකරලා දෙන්න හිටපු ගණනවත් ගන්න බැරිවෙනවා මේ බජට් එක හින්ද (අ)
කම් ඕ ගෝ චිකාගෝ කිව්වලු, වන්දා කුදිරේ පෝනා පැදුරේ කිව්වාලු , උලත් එකයි මලත් එකයි කිව්වාලු, (අ)
මගේ පඩිය සවුදි රියාල්600 යි මාසයකට. මම හැම මාසයකම රියාල් 450 ගන්නේ ලංකාවට එව්වා මගේ මහත්තයාගේ බැංකු ගිණුමට අවුරුදු 9 ක් තිස්සේ. හැබැයි මහත්තයාගේ ගිණුමේ දැන් සල්ලි ඉතිරිවෙලා නැහැ. ගෙදර මගේ ළමයින් 3 දෙනාට යි අම්මයි පවුලේ ඔක්කොම 6 දෙනෙකුට ඒ මුදල් වියදම් වෙලා. මට පුලුවන්ද දැන ගන්න මට විශ්‍රාම වැටුපක් ලැබෙනවාද කියල. ඒ එක්කම මට වාහනයක් ගන්න බැරි වුනත් ඒකට පර්මිට් එකක් ගන්න හැකි කමක් තියෙනවද කියල. අඩු ගන්නේ එ්ක විකුණලා හරි කීයක් හරි ලබා ගන්න පුලුවනිනේ. අනේ එහෙමනම් කීයක එකක්ද මට ලැබෙන්නේ. කොහෙන්ද එක ගන්න තියෙන්නේ? විදේශ නියුක්ති කාර්යාලයෙන්ද? මට කවුරු හරි කියල දෙනවනම් පින්. (අ)
නියම පුන්නක්කු ලෝඩ් එකක් නේද? (නදී)
අනේ රුපියල් පන්සීය කුක්කු බොන්නත් මදි. අපේ තාත්තා පුද්ගලික ආයතනයක වැඩ කරන්නේ (නදී)
පෞද්ගලික අංශයට රුපියල් 500කින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා සිටියි .. හික් හික් හික් ..ඕක නෙමෙයි වියයුත්තේ සියලු දෙනාටම සහනයක් වෙන්න ඔය වියදම් කරන සල්ලි වලින් බදු සහ බඩු මිල අඩු කරන එකයි විය යුත්තේ ..මෙතන වෙන්නේ තම රාජකාරිය හරියට නොකරන රජයේ සේවකයාට රුපියල් 2200 ක් දීල තමන්ගේ රාජකාරිය උපරිමයෙන්ම තම ආයතනයට සපයන පුද්ගලික අංශයේ සේවකයාට රුපියල් 500 ක් ක් වැඩි කරන ලෙස වචනෙන් ඉල්ලා සිටීමයි ..බඩු මිලයි , බදු යි අඩු කලානම් සියල්ලන්ටම ඒක සහනයක් ..මේක තනිකරම ඡන්ද ගුණ්ඩු අයවැයක් ..ඡන්දෙන් පස්සේ පුද්ගලික සේවකයාට අබ සරණයි ...(අ)
ජානක සමරසිංහ .. ජනක කියන ආදායම් මාර්ග වලින් බිස්නස් කරන්න ගිහින් නේ ඔය දිගට හරහට ගුවන්තොටුපොළේදී රේගුවෙන් අල්ලන්නේ .. ඉතින් කොහොමද මේ ලංකාවේ මිනිස්සු ආයෝජන කරන්නේ .(අ).
අයියෝ අපිව අයිත් රැවට්ටුවාවත්ද? (නදී)
@ වසන්ත ,,, ඔයා නොකා නොබී ජාතියයි ආගමයි ගැන කල්පනා කර කර ඉන්න ..අනිත් මිනිස්සු ජිවත් වෙන්න කන්න බොන්න ඕන ..(අ)
ඡන්ද ගුන්ඩු වලට මිනිස්සු ආයෙත් රැවටෙයිද ? (නදී)
ලන්කාවේ සියලු දෙනා රජයේ සේවකයොද?පුද්ගලික අංශ වල වැඩ කරන අයද? 45%ඉන්නේ එදා වේල හොයාගෙන කන මිනිස්සු. එ් අය ගැන කවුද බලන්නේ (නදී) ඔය දෙවල් තව මස 5ක් තියෙයි ඉට පස්සේ බලන්න පුලුවන් මොකද වෙන්නෙ බඩු මිලට
ඒක හොඳයි. ඒත් විශ්‍රාම යන්න ඉන්න අයට විතරනේ! අපිට තවත් පඩිය අඩුවෙයිද දන්නෙ නැහැ (නි)
රට ඉන්න අපිට මුකුත් නැද්ද?
ඇත්තටම සමබර අය වැයක්, කතාව වගේම ක‍්‍රියාවෙනුත් ඔප්පු කරන්න වැඩ පිළිවෙළක් ඔන. විශේෂයෙන් රැකියා නැති බහුතර මහජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා ක‍්‍රියාත්මක කිරිමට රජය කඩිනමි පායෝගික වැඩ පිළිවළක් සකස් කළොත් බොහෝ දෙනාගේ හිත සුව පිණිස වු අය වැයක් වෙවි.
අපේ අයට කන්නයි බොන්නයි විතරයි ඕනා. අපේ අාගම ජාතිය ගැන කාටද කැක්කුමක් තියෙන්නේ. ජාතිය ආගම ගැන හිතන නායකයෙක් අපිට නැහැ. තමන්ගේ මල්ල පුරවා ගන්න තමා ඔය කවුරුත් නැහෙන්නේ. (නදී)
රටේ දුෂණය නවත්වන වැඩ පිළිවෙලක් ඕනේ. යු එන් පී එක දිනවන එකේ තේරුමක් නැහැ. එයාල ඉන්නේ රට විකුනන්න. රජයට ඇවිල්ලත් රට විකුනන්න හද්දනේ 77 රජයේ හිටපු කට්ටිය තමයි (නදී)
කපටි අය වැයක් (නදී)
අනේ! රුපියල් පන්සීය මදි නම් කීයක්ද බලාපොරොත්තුව? 5000ක්ද? එතකොට බඩුමිල? (නි)
අමුතුවෙන් සහන දෙන්න මහන්සි වෙන්න ඕන නැහැ. වටේට වාඩි වෙලා ඔබතුමාට සත් ගුණවත් මුණ පෙන්නලා අනිත් පැත්තෙන් ජනතාවගේ බඩට ගහන අන්තේවාසිකයෝ ටික පැත්තකට කළා නම්. බෙදන්න කියල දීපු ත්‍රිපෝෂ පැකට් එකටත් විදින උදවිය ඉන්න බව ඔබතුමාගේ දැනගැනීම පිණිස මේ කියන්නේ. (නදී)
දැන්වත් අපි තේරුම්ගත යුතුයි නේද? (නි)
ජනතිපති තුමනි ඔය රුපියල් 500 ට තණ කොලවත් දැන් කාලේ ගන්න බැහර. අපි එතකොට කන්නේ රජයේ සේවකයෝ කන කටෙන් නෙමෙයිද? ඕක යෝජනා කරන්නේ නැතුව හිටියා නම් මගේ හාම් පුතා වර්ෂය අවසානයේ ඔයිට වැඩිය දෙනවා. දැන් එ්කටත් කන කොකා හැඬුවා (නදී)
විශ්‍රාමිකයින් මැරුණට කම් නැත්ද මහත්තයෝ. මොකුත් දුන්නේ නැහැ. (නදී)
වැරැද්ද ඔබේ නොවේ ජනාදිපති තුමනි ඔබ පරද්දන්න දෙවැනි බලවේගයක් තාමත් අපේ රටේ නොමැති කම. ඒ.ජා.ප ය විහිළුවක් වෙලා, ජ .ව්.පෙ පිළිගන්න ජනතාව කැමති නැහැ. මොනා උනත් රට බේරගත්ත ඔබ තුමා තව දුරටත් රට ගැනත් සිංහල ජාතිය ගැනත් හිතලා වැඩ කලොත් හොදා. මොකද අන්‍යාගමික බලවේග විතරක් නෙමෙයි මිතුරු වෙසින් සතුරු බලවේග රට ගිලින්න බලාගෙන ඔබ තුමාගේ ඔඩෝක්කුවේ ඉන්නේ. දෙයියන්ගේ නාමෙට රට ගැන වඳ වීගෙන යන සිංහල ජාතිය ගැන හිතලා වැඩ කලොත් ඔබේ නමටත් මිනිසුන් වැද පුදාවී (නදී)
ඔය අය වැයෙන් හැමෝටම සහන ලබා දුන්නා. අපි පිට රට ඉඳල විඳින දුක ගැන හිතන්න කව්රුවත් නැත්ද? අවුරුදු 28 වෙනකම් ඉගෙනගෙන පවුලත් ලංකාවේ තනි කරලා අවුරුදු 13 ක් මැද පෙරදිග. අපිට මොන සහනයක්වත් නැහැනේ. අඩුම එකේ ෆ්‍රී ටිකට් එකක් දුන්නා නම් ලංකාවට ඇවිත් පවුල බලලවත් යන්න තිබුනා. (නදී)
ලංකාවේ අපි උපතින්ම මෝඩයෝ. (අ)
දෙනවා කියල රවටපු අවස්ථා මොන තරම් තියනවද ? අවසානයේ පෞද්ගලික අංශයේ රු 500 විතරක් වැඩිවේවි (නදී)
පැහැදිලි වෙනසක් පෙන්වන අයවැයක්. මිනිසුන්ට නිකන් කන්න උගන්වන අයවැයක් එනතුරු බලාසිටි කාලය අවසන්වෙලා බව හැමෝටම තේරෙන්න ඕනෑ. සංවර්ධනය ඉලක්ක කරගත් හොඳ වැඩපිළිවෙළක් (නි)
ඉදිරියේදී රටේ පැහැදිලි වෙනසක් පෙන්වන අයවැයකි (නි)
ඔය බයියල ඔක්කොම හොරු ජනතාව මුලා කරමින් බලයේ ඉන්න තමයි හැම රැවටිමක්ම කරන්නේ. (අ)
ජය වේවා! (නි)
අර පහුගිය දවස් වල හු කියන්න ගියපු අයට මොනවද දන්නේ නැහැ විශේෂයෙන් වැඩි වෙලා තිබෙන සහන ? අපි පුද්ගලික අංශයේ හරියට වැඩ කරන පැය ගාන වැඩ කරලා මහන්සියෙන් යමක් උපයාගෙන ඉන්නේ ඔය මොන ආණ්ඩුව පත් වුනත් තමන්ගේ කොන්ද කෙලින් තියාගෙන ඉන්න බැරි බව දන්නා නිසා. (නදී)
අයවැයෙන් මිනිසුන්ට සහන දෙන එක හොඳයි, එත් එකෙන් ඇත්තටම සහනයක් ලැබෙනවනම් විතරයි වටිනාකම තියෙන්නේ, කොච්චර සහන දුන්නත් වැඩක් නැ ජීවන වියදම ඊට වැඩි ප්‍රතිශතයකින් වැඩි වෙනවනම්, මුදලේ නාමික අගයට කරන්න පුළුවන් දේවල දැන් ගොඩක් අඩුවෙලා තියෙන්නේ, ඒ ගැනත් හිතල සංවර්ධනය වැඩපිළිවලවල් ක්‍රියාත්මක කලොත් ගොඩක් හොඳයි.(අ)
වැඩිකල් නොගොස් සහනය අසහනයක් වේවි. (අ)
දෙයියෝ සාක්කි අනේ මේවා අහන්න ඇයි අපි ඉපදුනේ.(අ)
පිදුරු ,පොල් පුන්නකු සහ රට පුන්නකු මිල ඊයේ සිට අප්‍රීයෙල් දක්වා අඩු කොට ඇත. ඕනා තරම් තොග ඇත.(අ)
මේකනේ වෙලා තියෙන්නේ අපේ රටේ සම හරක් මිනිස්සු ඉන්නවා, අපි කැපුවත් කොළ, නිල්, රතු, කියාගෙන. අන්න ඒ අය ගේ මොලේ හේදුවේ නැත්නම් මේ පාරත් ඔය අය වැයේ ගුලිටික ගිලලා උදෙන්ම ගිහිල්ලා කතිරේ ගහවි. ඇත්තටම පුදුම කණගාටුවක් දැනෙන්නේ හරි හමන් විපක්ෂයක් නැති එක ගැන. (නදී)
මොකක්ද මේ කියන විශ්‍රාම වැටුප? (නි)
අපිට ඕනේ පඩි වැඩි කරන අයවැයක් නෙමෙයි බඩු මිල අඩුකරන අයවැයක්. මේක නම් තනිකරම සූදුවක් වගෙයි. (නදී)
මේ පාරත් අයවැයෙන් ලොකුම ලොකු කැරට් ගෝනියක්ම හලලා තියෙන්නේ. දැන් ඉතින් යහතින් අහුලන් කාලා ජනවාරියේ කතිරේ ගහන එක තමා කරන්නේ. තුන්වෙනි පාරත් අහුවුණා (නදී)
වසන්ත මොනවටද ඔය ජයවේවා කියා කෑ ගහන්නේ ? (නදී)
ඇත්ත වෙනවා නම් කොයි තරම් දෙයක්ද ඉතින් (දී)
කියනකොට එහෙමයි කරන කොට මෙහෙමයි . ජනවාරි 8 මතක තියාගන්න. වෙනස ළග ළගම එනවා. (නදී)
ජනාධිපතිතුමනි ඔබතුමාට සදා ජය පතමි (දී)
එතකොට විදේශ ගතවී ඉන්න ශ්‍රමිකයන්ට මොකුත් නැද්ද? රටවිරුවන්ට මොකද වෙන්නේ ? (නදී)
විදේශගත ශ්‍රමිකයන්ට මොකුත්ම නැද්ද ? (නදී)
හපොයි අපි ඉවරයි (නදී)
අපේ රටේ මෝඩ මිනිස්සු තුන්වෙනි පාරත් රැවටෙනවා බලන්න දෙයක් නැහැ. අපේ රටේ සාක්ෂරතාව 95%ක් වුනාට මොලයක් පාවිච්චි කරලා හරියට කතිරේ ගහන්න දන්නා මිනිස්සු නැහැ. ඒ වගේ මෝඩයෝ ඉන්නකන් මේ ආණ්ඩුවට දිනන්න පුළුවන්. (නදී)
අපිට ඔය සහන දීල තිබෙන්නේ නයට අරන්. විදේශීය නය බිලියන 251, දේශීය නය බිලියන 270 ක්. සහන දීපු අයගේ සාක්කුවේ නොවෙයි යන්නේ අපේ සාක්කුවෙන්. අර දීපු මෝටර් බයිසිකල් වලටත් අපි ගෙවපල්ලකෝ. (නදී)
මේවා මේ විදිහටම වෙනවද ? (නදී)
හා හා මොකුත් කියන්න එපා යුද්ධෙ දිනුවනේ (නදී)
රටේ නැති විවරණ බලාපොරොත්තු මිනිසුන්ට දිලා ලොකු අය මඩිය තරකර ගන්නවා (නදී)
රට විරුවන්ට තමා ඔය රියලැටි වැඩසටහනක් දීල තියෙන්නේ රටවිරු ස්ටාර් කියල මදිද බඩගින්නේ සින්දු කියපල්ලා හාම් පුත්තු ගහද්දී මරද්දී සින්දුකියපල්ලා. (ස)
මෝඩයන්ට අයවැයෙන් තුට්ටු දෙකක් දීලා බෙල්ලට තොන්ඩුව අයෙමත් දැම්මා.... දැන් තියෙන්නේ හරක් පැටව් වගේ ජනවාරියේ ගිහින් අයෙමත් කතිරේ ගහන්න.... අනේ මන්ද කවදාක මේ රටේ මනුස්සයන්ට අලයක් තරම්වත් මොලයක් ඒවිද? (ස)
මධුරංග අපේ රටේ ඉන්නේ වැඩි හරියක් රෑ වැටුන වලේ දවාලුත් වැටෙන මිනිස්සු නේ! එකයි. (ස)
විදේශ ගත ශ්‍රමිකයන් ගැන හිතන්නෙම නැතිද? වෙනසක් බලාගෙනම හිටියේ ...අපිට අපි ගැනම දුකයි. (ස)
මේ අයවැයෙන් අත්‍යවශ්‍ය කොච්චර දේවල් මග හැරිලා තියෙනවද. මේක මැතිවරණයක් ඉලක්ක කරගෙන හදපු හදිසි අයවැයක් බවයි පේන්නෙ. ඔය කියපු සහන දෙන්න යන්නෙ ණයට අරගෙන. ආපහු ඒ ණය ගෙවන්නෙ කවුද ජනතාවමයි. රටේ ජනතාව ණය කාරයො කිරීම නොවෙයි පාලකයෝ කළ යුත්තෙ ඔවුන්ට ස්වයංව ජීවත්වීමට හැකි පරිසරයක් රට තුළ ඇති කිරිමයි කළ යුත්තේ. ගමේ මිනිස්සු ගැනත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඔවුන් හැමදාම අසරණයි. ඔවුන් කෑවද බීවද කියලවත් හොයන්න කෙනෙක් නෑ. ඉල්ලීම් නෑ විරෝධතා නෑ. ඔහේ පාඩුවේ ඉන්නවා.(නදී)
රජයෙ අය විතර ද කන්නෙ.(අ)
මේ පාර අයවැය මගින් ජනතාවට දෙනවා කියන සහන දෙන්න තව කොච්චරක් ලෝකේ රටවලින් ණය ගන්න වෙයිද කියල මට නම් හිතා ගන්නවත් බැහැ. මොකද පාරක්, පාලමක් හදා ගන්නත් මුදල් ගන්නේ ණයට. මම කියන්නේ මේකේ සහන වැඩියි කියලයි. මොකද මේ වෙනකොට අපේ රටේ එක පුද්ගලයෙක් රුපියල් ලක්ෂ තුනක් විතර ලෝකෙට ණය යි කියනවා. මෙම සහන දෙන්න පුළුවන් නම් හොඳයි. බැරි උනොත් නම් අර කිව්වත් වගේ " මේකත් බයියෙක්ගේ වැඩක් "කියල තමයි කියන්න වෙන්නේ. (නදී)
මදුරංග ඒ.ජා.පෙ ට කතිරේ ගහන ඔයයි ඔයාගේ පක්ෂේ අයයි විතරි බුද්දිමත්? 2005 රට ගිවිසුමකින් බෙදපු වෙලෙත් අලියට කතිරේ ගහපු ඔයාල මාර බුද්දිමත් නේද? (අ)
පර්මිට් එකට බදු රහිත වාහන ගෙනල්ලා විකුණා ගන්න අවසර දීල තිබෙන්නේ මන්ත්‍රීලට පමණයි. මාසේ පඩිය රියාල් 600 රුපියල් නම් 20000 යි. ඉතින් ඕකෙන් කොහොමද වාහන ගේන්නේ කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න. විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඔබලා වෙනුවෙන් හදල නැහැ. තිබුනත් විශ්‍රාම ගන්න ඔබ එයට දායක විය යුතුයි (නදී)
විදේශ ගත ශ්‍රමිකයන් ගැන මීට වැඩිය හිතන්න ඕනේ. මොකද රටට කොච්චරක් නම් විදේශ විනිමය එනවද ? රටට,මේ ගැන පැහැදිලි වෙනසක් අතිරේක යෝජනාවක් හරි දැම්මොත් හොඳයි නේද. (නදී)
"වසන්ත මොනවටද ඔය ජයවේවා කියා කෑ ගහන්නේ " නයට අරන් සහන දෙනවට (නදී)
ඔය මොන අයවැය ආවත් වැඩක් නැහැ ඔය තමුන්නාන්සේගේ වටේට ඉන්න ආවතේව කාරයෝ ගහන ගැහිල්ල නතර කලේ නැත්නම් (නදී)
ඊයේ සිරස සටන වැඩ සටහනේදී ආණ්ඩුවේ ඇමැතිලාගේ නම් රෙදි ගැලවුනා. ඒ වගේම තමයි රජයේ සේවකයන්ගේ ඇත්ත පඩි වැඩිවීම කීයකින්ද කියලත් දැනගත්තා. ඇයි මාද්‍ය අහන ප්‍රශ්න වලට පිළිතුරු දීගන්න බැරුව ඇමතිලාට කේන්ති ගිහින් සත්තු වගේ හැසිරෙන්නේ. නමුත් ගිය සතියේ බන්දුල ඇමතිගේ ඇති භාෂාව හැසිරවීමේ ඇති ප්‍රාගුන්‍යතාවය නිසා හොදින් හැසිරුණ බවත් කිව යුතුයි. (නදී)
ඇයි මහින්දට බැරි මුලික වැටුප 2200 වැඩි කරන්න, ජීවන වියදම් දීමනාව ඕන වෙලාවක අඩු කරලා දාන්න පුළුවන්. මේක හොඳයි එදා වේල ටුවර් මිනිස්සුන්ට. (ස)
බඩු මිල අඩුකලෙත් නැහැ. පඩි වැඩිකලෙත් නැහැ. මේක අැස්බැන්දුමක්. ඔබ බඩුමිල අඩුකලා නම් ඔබ බලයට එනවිට තිබු මිලට වඩා අඩුකළ එකක් කියන්න. නැතිනම් එදා වැටුපයි අද වටුපෙත් එදා බඩු මිලයි අද බඩුමිලයි අතර වෙනස කියන්න ඔබ ජනතාවට බොරු කියනවා. ඔබ යුද්දය ඉවර කල නායකයා ඒ ගෞරවය ඔබට තියෙනවා (නදී)
අනේ මංදා කීවට කොහොම වෙයිද කියලා. (අ)
RS 500 කින් මොනවා කරන්නද? රජයේ සේවකයෝන්ටයි අපිටයි එකම විදිහට සැලකුවොත් හොද නැද්ද? (අ)
අනේ මන්දා මට පේන විදිහට ගසා කෑම නෙවේ මොකක් නතර කලත් අපේ මිනිස්සු ඉල්ලන දේවල් නම් දෙන්න බැහැ සක්කරයා ආවත්. (නදී)
විදේශ රැකියා කරන ලක්ෂ ගණනක් ගැන හිතලවත් නැති බවයි මෙම අය වැයෙන් හොඳට පැහැදිලි වෙන්නේ. ආසියාවේ අනිත් රටවලට වගේ අපේ රටෙත් විදේශ රැකියා කරන අයට ඡන්ද අයිතිය ලබා දිය යුතුය. එවිට අය වැයෙන් සහන ලැබේවි. ජනපති තුමනි අපටත් ඡන්ද අයිතිය ලබාදෙන්න. (නදී)
අනේ මන්ද ප්‍රනීත් මිනිස්සු කවදත් කැමති සිනි බෝල වලට නේ. මේ අයට කියන්න පුළුවන් ළමා වැඩිහිටියෝ කියල. (නදී)
අපි පිටරටවල අවුරුදු ගානක් වැඩ කරන අය ඉතින් අපි මිට වඩා සහන බලාපොරොත්තු උනා. අඩුම තරමේ මේ සහන දෙකවත් තිබ්බා නම් , 01. ගුවන්තොටුපොළ තීරු බදු සහනය ඇමරිකානු ඩොලර් 1750.00 සිට 5000.00 දක්වා වත් වැඩි කරානම් 02. අපි පාවිච්චි කල වාහනය බදු රහිතව මෙරටට ගෙන්වා ගැනීමට (නදී)
අනේ ජනපති තුමනි, මහා පොළ වැඩි නොකර සියලුම සරසවි වල සත්‍යග්‍රහ වේදිකා හදා කුලියට දීමෙන් අපේ අතේ සල්ලි ඉතුරු වේ. පාරේ තදබද නැවතී විභාග නොකර හැමදාම වේදිකා උඩ උපහාස කරන්න පුළුවන්. ගිනි තැබීමෙන් වන පරිසර හානියද වැලක් වේ, එළිමහන් වේදිකා සැදීමට පරිතෝශිතයක් අපට අයවැයෙන් ලබා නොදීම අසාධාරණයි. ලෝකයේ දියුණු රටවල මේ වැනි වේදිකා සරසවිවලම හදා තියේලු. අපේ රටෙත් පටන් ගනිමු. (නදී)
විදේශගත ශ්‍රමිකයන්ට මොකුත්ම නැද්ද ?අපිට අපි ගැනම දුකයි. හැමදාම රට ඉන්න වේවි වගේ (නදී)
"මාධව 2014-10-24 13:37:03" මාධව, 2005 ගිවිසුම් අත්සන් කලේ කාගෙ ආණ්ඩුවද, ජනාධිපති කවුද? (නදී)
"මෙරට සෑම පුරවැසියෙකුම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ජංගම වෛද්‍ය සායන ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක් 2015 අය වැයෙන් වෙන් කිරීමට යෝජනා කරන ලදී." රටේ ජන ගහනය මිලියන 20 කට මිලියන 500ක් , 500/20=25, ඒ කියන්නේ එක් අයෙකුට වසරකට රුපියල් 25ක්. මේකෙන් මොනම පරීක්ෂණයක් වත් කරන්න නම් බැහැ. ඕනෙනම් "කටුව තියල උන බලන්න", "බර කිරන්න" එහෙමනම් පුලුවන් වෙයි. (නදී)
අපි ගැන අපිට දුකයි මහින්ද මහත්තයා. අපට හැමදාම පිට රට දුක් විදින්න තමයි වෙන්නේ (නදී)
ජනපති මාමා මේ පාරත් අපිව රවට්ටන්න ද යන්නේ ? (නදී)
මේක ඇත්තටම අය වැයක් නෙවෙයි දීමනා රැසක් පමණි. මා දන්නා හැටියට අය වැයක් යනු ආදායම එන හැටි සහ එය වැය කරන හැටි දැක්විය යුතුයි. මෙහි ඇති දීමනා දෙන්නේ 2015 ජනවාරි මාසේ සිටයි. ඒ වෙනකොට මේ ආණ්ඩුවම තිබුනොත් ජනාධිපති මාරු නොවී මාස 2-3 පමණ කාලයක් නම් දිය හැකි වෙයි. නමුත් ආණ්ඩුව වෙනස් උවහොත් අලුතෙන් පත්වෙන ආණ්ඩුවට දෙවියන්ගේම පිහිටයි. එහෙම වුනොත් මේ අයම පෙළපාලි යයි අපි දීපු ඒවා කැපුවා අපිට දෙන්න පුළුවන් කියලා. මේක මර උගුලක් ජනාධිපතිවරණයේදී ඡන්දෙ දීලත් බැහැ නොදීත් බැහැ. දීල තියෙන දීමනා නම් හොඳටම ඇති දෙන්නේ කොහොමද කියල සඳහන් කරලා නැති එකයි ප්‍රශ්ණය. එහෙම උනොත් අපිට තවත් රටකට නය වෙන්න නම් සිද්ද වෙයි අනිවාර්යෙන්ම. (නදී)
විදේශ ගත ශ්‍රමිකයන්ට වාහනයක් ගෙන්වන්න පුළුවන් දැන් ආණ්ඩ විශ්‍රාම වැටුපක් ලැබෙනවා අයවැයෙන් හැමෝටම සහන දුන්නා (අ)
කෝ මේ රට විරුවෝ අන්න ඔයාලට වාහන බලපතර දෙනවලු එවපු මුදලින් 60% දැන් ඉතින් හොඳ අය වැය නේද මල්ලිලා (අ)
රටේ සියලු දෙනාම වෛද්‍ය පරීකෂණයකට ලක් කරන්න මිලියන 500 ක් වෙන් කරලා තියෙනවා. රටේ ජනතාව මිලියන 2 ක් ඉන්නවා. එහෙම බලනකොට එක්කෙනෙකුට රුපියල් 25.00 ක මුදලක් වෙන් වෙනවා. රජයේ රෝහල් වල දැනුත් රෝගීන් පරීක්ෂා කරන්නේ නොමිලේ වෙනකොට මොකටද ඔය රුපියල් 25.00 ගානේ වෙන් කලේ කියල මට හිතා ගන්න බැහැ. ඇත්තටම මොකටද? ඇරත් මොකට කලබල වෙනවද මේවා යෝජනා විතරනේ නේද? (නදී)
මදුරංගගේ අදහස අනුමත කරමි. අපේ රටේ සාක්ෂරතාව 95% කියලා එතුමා සඳහන් කරලා තියෙනවා. මම හිතුවේ 0.5% කියා. අැයි අපේ රටේ මිනිස්සු හැසිරෙන විදියට අනේ මිනිසුනේ තව දුරටත් ඡන්ද ගුණ්ඩු වලට අසු නොවී තමන්ගේ ඡන්දෙ හරියට පාවිච්චි කරන්න බය වෙන්න එපා. (නදී)
මධුරංගගේ කථාව සහතික ඇත්ත. අපේ රටේ ඉන්න අය මොළෙන් වැඩ ගත්තා නම් මෙලහකට අපිත් මිනිස්සු. මේ ඡන්ද අයවැයක් නෙ දීල තියෙන්නෙ. දැන් ඉතිං ඔක්කොම අමතකයි. හිටු කියලා ඡන්දෙ ඉල්ලයි. අපේ ළමා බබ්බු ටිකත් ඔහේ දෙයි (අ)
පැහැදිලි වෙනසක් පෙන්වන හොද අයවැයක් (අ)
මදුරංග,1936 ඉඳල මේ වනවිට 5 වැනි පරම්පරාවත් ඔය කතිරේ ගහනවා ඔබේ නියායට අනුව එදා සිටම අපේ රටේ හිටියෙත් ඉන්නෙත් අලයක් තරම්වත් මොලයක් නැති හරක් පැටවූ . අමතක කරන්න එපා ඔබත් මමත් එම ගොඩේ. (අ)
මදුරංග ඔයා විසින්ම ඔයාගේ මෝඩකම ප්‍රසිද්ද කරගන්නවා. ඔයා අල ගෙඩියක් නොවේ අබ ඇටයක් තරන්වත් මොලයක් නැති මෝඩයෙකි (නදී)
අපේ රටේ බහුතරයකගේ දේශපාලන දැනීමට ගැලෙපෙන අය වැය තව කොපමණ කල් දකින්න ලැබේවිද? (අ)
මේ කෙමෙන්ට් දාන බොහෝ අය නිකම් ඉදන් කන්න ඉන්නවා වගේ.මොන අයවැයක් ආවත් අපට ප්‍රශ්නයක් නැත්තේ අපි මහන්සි වෙලා හම්ඹ කරගන්න නිසා. (අ)
අපේ රටේ මිනිස්සුන්ට මේ පාරවත් විඥානය පහල වේවා.(අ)
විදෙස්ගත ශ්‍රරමිකයොත් වර්ජනයක් කරලා එක මස 2 ක් ලංකාවට සල්ලි එව්වේ නැත්නම් ලංකාව සුනේ සුන් ආණ්ඩුව දුවන්නේ තනිකර අපි එවන මුදල් වලින් (අ)
දැන්නම් ජම්බු.. වගේ හිනාවක් නේද මහින්ද මහත්තය දමන්නේ.. (අ)
මගේ මී මුත්තා රජයේ සේවකයෙකි. ඔහු එතරම් දුක් වින්දේ නැත. මගේ මුත්තා රජයේ සේවකයෙකි. ඔහු තරමක් දුක් වින්දේය. මගේ තාත්තා රජයේ සේවකයෙකි. ඔහු දුක් වින්දේය. මම රජයේ සේවකයෙකි මම නොවිදිනා දුක් විදින්නේය. මම මගේ පුතා රජයේ සේවකයෙක් නොකරමි. මෙම අසාධාරණයට වගකිව යුත්තෛා් කව්ද? (නදී)
රජයේ අයගේ විතර වෙන්න ඇති කන්නේ අපි ඔටුවෝ වෙන්න ඇති අපි මහන්සි වෙනවා රජයේ අය වගේ පිනට එන්නේ නෑ
අපි මහන්සි වෙලා වැඩ කරොත් අපේ බඩ පුරවගන්න පුළුවන්,අපි පිස්සු කෙලින්නේ නැතිව ඉතිරි කරොත් ඉදිරියේදී යමක් කරගන්න පුළුවන්. අය-වැය නිධානයක් කියල හිතුවොත් සොරි තමා. හැබැයි වාහන පෙර්මිට් කතාවනම් මසුරන් වටිනවා කියල හිතෙනවා. මේ කතාව අහන්න මන් සෑහෙන කාලයක් පෙරුම් පිරුවා.ජයවේවා හැමෝටම. (බ)
විදුලි බල මංඩලයේ කොන්තරාත් පදනම මත (මෑන්පවර්)අයපත්කරුවන් ඇතූලු සියලු සේවකයන්ට දුන් සහනය මෙකක්ද? වහල් සේවය අවසන් කරන්නේ කවදාද? (අ)
අර්ජුන රණවන, මචං එ්ක ඇත්ත. අපිටත් වෙනසක් තමයි ඕනේ. (නදී)
අපේ රටෙි මිනිස්සු බලන් ඉන්නෙ නිකං කන්න. තමන්ගේ ආදායම මදි නම් කාටවත් බැන බැන ඉන්නෙ නැතිව තමන්ගේම කියලා තවත් ආයෝජන මාර්ගයක් හෝ ව්‍යාපාරයක් පටන් ගන්න බැරි ඇයි? මේ රටෙි හොද ආයෝජන මාර්ග ඕන තරම් තියනවානෙ. ටිකක් හිතුවොත් පුළුවන්. (නදී)
රට විරුවන්ගෙන් එයාලට ඡන්දෙ වැටෙන්නේ නැහැනේ. ඒ උනාට කට අැරගෙන බලාගෙන ඉන්නෙත් මේ පැත්තම තමයි. (නදී)
මේකේ දුන්න සියලුම සහන දාලා නැහැ. එහෙම දැම්මා නම් කව්රුත් කෑ ගහන්නේ නැහැ. (නදී)
කොහොමද අය වැය හිගය පුරවන්නේ චීනෙන් ණය අරගෙනද ?(අ)