මෙවර අයවැයෙන් පළාත් සභා වලට සිදුව ඇති අසාධාරණය ගැන ජනපතිට දැන්වීමට සිදුවන බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය පවසයි.

“රටක් විදියට ඉදිරිපත් කරලා තියෙන අයවැය ගැන අපට ප්‍රශ්නයක් නැහැ.හැබැයි මෙවර පළාත් සභාවට මුදල් වෙන් කිරීමේදී අපිට විශාල අරියාදුවක් කරල තියෙනවා.2016 වසරට සාපේක්ෂව බස්නාහිර පළාත් සභාවේ ප්‍රතිපාදන වලින් මිලියන නවයක් පමණ කපා හැර තියෙනවා“යැයි ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුයේ බණ්ඩාරගම අරුක්ගොඩ නිවුඩාව ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අමතමිනි.