මේ වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදාට පෙර ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ සියලු උසස්වීම් හා හිඟ වැටුප් ලබා දී ගැටලුව අවසන් කරන බව අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසු නමුත් මේ වන තෙක් ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ උසස්වීම් හා හිඟ වැටුප් ලබා නොදී ඔවුන් රැවටීමකට ලක්කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
2008 ජුලි 01 වැනිදා සිට වසර හයක කාලයක් විදුහල්පති සේවයේ උසස්වීම්ද, 2010 දෙසැම්බර් 31 වැනිදා සිට ගුරුවරුන්ගේ උසස්වීම්ද ලබා නොදීමෙන් 230000 කට ආසන්න ගුරුවරුන් හා විදුහල්පතිවරුන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් නව සේවා ව්‍යවස්ථාව, නව චක්‍රෙල්ඛ නිකුත් කර තිබුණද ඒවායේද ඇති ගැටලු රාශියක් විසදී නැති බවත් පොරොන්දු වූ පරිදි උසස්වීම් ලබා නොදීමට එරෙහිව නව පාසල් වාරයේ සිට සෙසු වෘත්තිය සමිතිද එක්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වන බවත් මේ සම්බන්ධයෙන් විරෝධය ලිඛිතව අධ්‍යාපන ලේකම්වරයාට මේ වන විට දැනුම් දී ඇතැයි ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘අයවැයෙන් කී සහන කෝ‘
ලංකා Wednesday, 31 December 2014 08:48 AM
ඡන්දෙන් පස්සේ හැමදේම ලැබෙයි.එතකන් ඉවසලා ඉන්න.(හේ)
සුරේන් Wednesday, 31 December 2014 10:52 AM
ගුරු සටනට ජයවේවා. අපි සටනට එනවා 8 වෙනිදට උත්තර දෙමු (බ)
ලාල් Wednesday, 31 December 2014 01:20 PM
මෛත්‍රී මැතිතුමා ඒ සියලුදේම ඉටුකරල දෙනවා. මේ මොහොතේ ඔබ තුමන්ලාගේ සහයෝගය මෛත්‍රී මැතිතුමාට ලබා දෙන්න. (ර)
ඉර්ෆාන් Wednesday, 31 December 2014 05:02 AM
කලදුටු කල වල ඉහගමු ගුරු මෑනියනි (නදී)
ප්‍රියන්ත Wednesday, 31 December 2014 05:05 AM
බලමු..බලමු..සලකා බලමු 8 වෙනිදට පස්සෙ(නදී)
ඒඩ්‍රියන්ද මෙල් Wednesday, 31 December 2014 05:19 AM
මේ මහත්තයට ළමයිනට උගන්නන්න වෙලාවක් තියෙනවද? (නදී)
මහේෂ් Wednesday, 31 December 2014 05:46 AM
මෙහෙම කිය කිය, මේ සැරෙත් එයාටම චන්දෙ දෙන්න. (නදී)
ජානක ප්‍රේමරත්න Wednesday, 31 December 2014 06:06 AM
පොඩ්ඩක් ඉවසලා ඉමු. ජනවාරි 9 පසුව සියල්ලන් ගැනම සලකා බලන බවට අපට විශ්වාසයි.(හේ)
නිලන්ත Wednesday, 31 December 2014 06:45 AM
සියල්ලන් ගැනම සලකන්නේ කවුද ? (ර)
අනුරාධ Wednesday, 31 December 2014 06:56 AM
ඡන්දේ ඉවර වුණාම ලැබෙයි.(හේ)