(අංජුල මහික වීරරත්න)

 ඉදිරි අයවැය යෝජනා සඳහා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා මාලාවක් ලබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම යෝජනා මාලාව සැකසීම සඳහා පොදුජන පෙරමුණ සමග සන්ධානගත අනෙකුත් පක්ෂ වල අදහස් ද ලබා ගන්නා බව මන්ත්‍රීවරයා කීය.

අඩුම තරමින් තවත් අවුරුද්දක්වත් සමෘද්ධිය ලබාදිය යුතු බවට යෝජනා කරන බව කී මන්ත්‍රීවරයා අස්වැසුම කඩිමුඩියේ ක්‍රියාත්මක කිරීම නිසා යම්  අසාධාරණයක්  හා පීඩාවට පත් පිරිසක් සිටින බව පැවසීය. රන්න ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.