මෙවර අයවැයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදුන් යෝජනා ඊට ඇතුළත් කර ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
අයවැයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරුන් හා මුදල් අමාත්‍යවරයා සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවත්, එහිදී පක්ෂය විසින් අයවැයට යෝජනා රැසක් ලබාදුන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පැවති මාධ්‍ය හමුවකදීය.
අයවැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රිලනිප පාර්ලිමේන්තු නියෝජිතයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡාවක නිරත වන බව ද පෙරේරා මහතා කීවේය.
සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන්නේ මෙතුමා වස බෝතල් ගැන කතාකරන්න ඇති (නි)
මොනවා කළත් මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද නම් අඩුකරන්න එපා (නි)
අනේ ඇත්තද? එහෙනම් අපිට සහන ගොඩක් ලැබෙයි (බ)
මේගොල්ලන්ගේ න්‍යාය සහනවලට ලකුණු දාගෙන බදුවලින් ඇඟ බේර ගැනීම. සහන දෙන්නෙත් ගහන බදු වලින් දෙගොල්ලොම වරප්‍රසාද ගන්නෙත් ගහන බදුවලින්. (බ)