ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගිය 24 වැනිදා ගෙනා අයවැයට සංශෝධන දෙකක් අගමැති දි. මු. ජයරත්න මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව 2015 වසරේ සමස්ත වියදම රුපියල් කෝටි තිස්පන්දහස් හයසියයකින් වැඩිකිරීම සහ ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි හතළිස්හතර දහසකින් වැඩිකිරීම එම සංශෝධනයන්ට ඇතුළත් වී තිබිණි.
ඒ අනුව මෙවර අයවැය ලේඛනයේ සඳහන් අයවැය හිඟයට වඩා රුපියල් කෝටි තිස්පන් දහස් හයසියයකින් අයවැය හිඟය ඉහළ යනු ඇත.
මෙවර අයවැය වාර්තාවේ සමස්ත වියදම ලෙස සටහන් වී තිබුණේ රුපියල් කෝටි එක් ලක්ෂ අසූ එක් දහස් දෙසීය විසි නවයකි. එහෙත් මෙම සංශෝධනය අනුව 2015 වසරේ වියදම රුපියල් කෝටි දෙලක්ෂ දහසය දහස් අටසිය විසිනවයක් වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් 24 වැනිදා ඉදිරිපත් කළ අයවැය වාර්තාවේ ණය ගැනීමේ සීමාව ලෙස දක්වා තිබුණේ රුපියල් කෝටි එක්ලක්ෂ තිස් හතර දහසකි.
එම ණය ගැනීමේ සීමාව නව සංශෝධනය අනුව රුපියල් කෝටි එක් ලක්ෂ හැත්තෑ අට දහසකි.
මේ අනුව රජයේ වියදම 2015දී රුපියල් කෝටි තිස්පන්දහස් හයසියයකින්ද, ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි හතළිස් හතර දහසකින්ද ඉහළ යන අතර 2015 අයවැය හිඟය රුපියල් කෝටි 35600කින් ඉහළ ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ණය කන්ද ගැන මිනිසුන්ට අවබෝධයක් නැහැ.හොඳ වෙලාවට ලංකාවේ බහුතරයට ආර්ථික විද්‍යාව බැහැ. අයවැය කියන්නේ මොකද්ද කියලවත් දන්නෙ නැති එක හොඳයි. ඒත් මේවා කොහොම ගෙවන්නද? (නි)
මේ වචන වල තේරුම දන්නා කෙනක්වත් කියලා දෙන්නකෝ.(හේ)
මේ කියන දේවල් වල තේරුම දන්නා කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්නකෝ (නි)
මේවා අපි එච්චර දුරට හිතන්න යන්න ඕනෑ නැහැ (නි)
බන්දුල, ඔයාලා වගේ තේරුමක් නැතුව කඩේයන අය ඔය පටිය බෙල්ලට දාලා තදකර ගත්තා නම් රටට යහපතක් වේවි. (නි)
සහන නම් එයි ඉදිරියට. පස්සේ ඉතින් පටි ඩබල් කරලා තදට බැඳගෙන දුක් විඳින්න වෙයිද දන්නෙ නැහැ ආයෙමත් (නි)
කොහොමද අපේ "බජට්" එක? (නි)
ඕක තමය් හර්ෂ මහත්තය කෑ ගහගෙන කියුවේ . එදා ඉදිරිපත් කරපු එක බොරු එකක් කියලා (අ)
අපේ රටට දළදාහිමි සරණයි ! (අ)
උපදේශකයෝ , විද්වත්තු උතුරන්න ඉන්න මේ රජයේ හරියට අය වැයක් සැලසුම් කරන්න එකෙක් නෑ .......... පිස්සු ....(අ)
වාසනා 2014-11-04 17:11:03, අමල් 2014-11-05 00:54:07 වගේ අය තමයි මේ රටේ වැඩිපුර ඉන්නේ. මම එහෙමෙ කියන්නේ අපහාස කරන්නනම් නෙවෙයි. තමන් නොදන්නා බව කියන්න ඔවුන් අවංක සහ එඩිතර වුනා. සමහර අය අදහස් පල කරන්නේ කිසිදෙයක් නොදැන, සියල්ල දන්නා අය වගේ. මේක සුළුවෙන් තැකිය හැකි කාරනාවක් නොවේ, අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදීම විපක්ෂයේ මංත්‍රීවරු කියූ කතා සැබෑවක් බවයි මෙයින් පෙනී යන්නේ. (අ)
මේකනම් මාරම ආණ්ඩුවක් නේද (අ)
කොටි 35,000 ක මිස්ටකේ එකක්, තව කවර කතාද ? (අ)
රුපියල් පනහේ රීලෝර්ඩ් දාගෙන වෙලේ මාළු අල්ලගෙන කන හොරෙන් පොල් කඩගෙන කන අට පාස් ගමේ බයියන්ට මේවා තේරේනවා මදි. (අ)
බන්දුල පෙරේරා කියන විදිහට දියුණු වෙන්න නම් තව පරම් පරා 5 ක් වත් ගියාට පස්සෙයි.(අ)
රසික්- කටාර්/බන්දුල පෙරේරා ගංවතුරෙන් පීඩාවට පත් මිනිසුන්ට පරිප්පු සමග බත් දෙන්න කොටි ගණනින් යන්නේ නැහැ නේද ? (අ)
කොටි ප්‍රකෝටි ගැන ගමේ බයියන්ට කොහේ තේරෙනවද ?රසික්- කටාර් නමින් දාන මනුස්සයටවත් තේරෙන්නේ නැති කොට? (අ)
ඔය වැදගත් වාර්තා කාරිය හදන්න අඩු ගානේ සාමාන්‍ය පෙළ ගණිතය පාස් කෙනෙක්වත් දම්මල බලමුද ? දැනට ඔය වැඩේ කෙරෙන්නේ අට පාස් අයගේ අතින් වගේ .(අ)
රසික් - කටාර් කියන කෙනා වාඩි වෙලා ඉන්නේ මොලේ උඩද කොහෙද මේ වගේ අය ඉන්න කල් අපේ රටට හරි යයිද? ඔය කටාර් වලට වෙලාම ඉන්න මෙහෙ එන්න එපා.හැබැයි කියන්න වෙන්නේ කොහොමද ගමේ බයියෝ ලංකාවේම ගොන්නුන්ගේ කනින් රිංගපුහැටි කියලා විතරයි.ඊයේ අගමැති තුමා පාර්ලිමේන්තුවේදී කතා කරපු හැටි දැක්කානම් ඒ අපේ රටේ දෙවෙනි පුරවැසියද කියලා හිතෙනවා. එ්කට මොකුත් කියන්න බෑ. අනික් ප්‍රධානියො ඊට අන්තයි. (අ)
අද අධ්‍යාපනයට වෙලා තිබෙන කල දසාව ගැන හිතනකොට කෝටි 35600 ක හිගය ගැන කවර කතාද? (අ)
ඇමති මණ්ඩලේ අඩුකරලා වැඩ කරන්නකෝ ජනාදිපති වියදම අඩු කරන්න එ්කයි මේ ප්‍රශ්නය (අ)
දැන් එතකොට මෙතන ලියපු උදවියගෙන් ඔය අටමගලේ ගැන කාටද ගමගේ තේරිලා තියෙන්නේ . ? (අ)
අද ණයට කාල හෙට පොලිය ගෙවල අනිද්දට මැරිලා යං. තව ණය අරගෙන ලොකු බිල්ඩින් ගහමු. කාපට් පාරවල් වල ලම්බෝගිනි පදිමු.(අ)
ඔය "අය වැය" හැදුවේ මොන ජාතියේ බයිය කෙනෙක්ද ?(අ)
මේදේශප්‍රේමීන්ට කෝටි ප්‍රකෝටි කියන්නේ හරියට "කජු ඇට කොස් ඇට" වගේ.(අ)
මේක බොරුවක් දන්නැත්නම් කටවහන් ඉදපන් කියනවනේ , මේකයි කතාව ණය සීමාවල් හදන්නේ අපිට ගෙවන්න පුලුවන් විදියට බලල ,මේ අනිවාර්යෙන් ගන්න ණය නොවේ, මේ ණය වීම 78 ජේ ආර් උන්නේහෙගෙන් පටන් අරන් එන එකක අන්තිම සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුවෙන් එංගලංතෙටත් කෝටි 5 ක් ණය අපි දුන්නා, ඩී. එස්. සේනානායක කෝටි 2ක් ණය දුන්නා ,බණ්ඩාර නායක මහත්තය කොටි 11 දුන්නා ජාතීන්ගේ සංවිධානයට ,එත් 78 දී අපි ලෝකෙට ණය වෙන්න ගත්තා, හැබැයි දැන යන ක්‍රමය අවුරුදු 40ක් ගියොත් අායෙත් අපි පෙර තත්වෙටම එනවා, හැමෝම ලංකාවේ වැවෙන දේවල් කන්න නැව එනකන් කට බලියන් ඉන්න එපා ,මොනාහරි නෑවේ දාල යවන්න හදන්න ගෙදරදී ,ලොකු කර්මාන්තම ඕනි නෑ ,පොඩියට පටන් ගන්න. අපි නැගිටිමු ජාතියක් විදියට දෙන ඕනි කෙනෙක්ට ණයක් ගන්ට පුළුවන් ඇප නැතිවත් ,එවන් ප්‍රයෝජන ගන්න ,නිකන් අනුන්ට ඇගිලි දිගු නොකර තමන්ගේ කොටස කරන්න. (අ)
ඔක්කොටම කලින් ණය වෙලා හරි ඡන්දෙ දිනන්න ඕනේ ඊට පස්සේ පුළුවන් ණය ගෙවන එක ගැන කතා කරන්න .(හේ)
සුනාමිය වෙලාවේදී අපේ වත්තේ කට්ටිය එකතු වෙලා අසරණ වුණ මිනිසුන්ට මස් මාළු සමග බඩ කට පිරෙන්න බත් මුල් 500 ක් අවතැන් වුන කදවුරක්ව තිබුණ පල්ලියට ගිහින් දුන්න.එතකොට මගේ පඩිය රුපියල් 20,000.කෝටි ප්‍රකෝටි ගණනින් ණය ගන්නවා එත් අර ගංවතුරෙන් අසරණ වුණ මිනිසුන්ට පරිප්පු සමග බත් දෙනවා මුළු ලෝකෙම දැක්ක.(අ)
තිලක් ඩුබායිමහතා, මෙතන පොඩි පටලැවිල්ලක් වෙලා වගේ පේන්නේ. මම හිතන්නේ රසික -කටාර් ඔය ප්‍රතිචාර ලියලා තියෙන්නේ පකිස්තානෙන්, නාය ගිය කොස්ලන්දට දීපු ආධාර ගැන. වැරදීමකින් ඒක එවලා තියෙන්නේ මේ පුවත අස්සට. මට පේන්නේ ඒක මුලින්ම දකින කොට ඔක්කොටම වැරදි වැටහීමක් එනවා. (අ)
අපිට තමයි බඩේ පාර වදින්නේ.(හේ)
අනේ ඔහේ නැගපු දෙන්.පහු වෙලා වත් බහින්නේ නැතා.(හේ)
ඉතාමත් අගය කල යුතු දෙයකි.ඒ මන්ද යත් මෙම අවස්ථාවේ පවා එම රටේ හරියට යුදමය ප්‍රශ්න සහ ගංවතුරෙන් සෑහෙන්න මැරුණා, එසේ තිබියදී පවා කොස්ලන්ද ට ආධාර දීම ඉතාමත් අගය කොට සලකමි.(හේ)
ණය වෙලා යුද්දේ කරන කාලේ සමහරුන්ට ඒ ණය හොදයි.ඇමරිකාවේත් උපදින්න ඉන්න ළමයි ණය වෙලා තියෙන්නෙ.ඒ වුනාට එහේට යන්න ගිහින් පුරවැසිභාවය ගන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා.ගිහිල්ලා ඒවා ගෙවන්න වෙන්න ඇති.ඇස් දෙකටම පේන්න රටේ පහසුකම් වැඩි වෙද්දි ජනතාවගේ ජීවන තත්වය වැඩි වෙද්දි මිනිස්සු විපක්‍ෂය කියන විධියට ණය ගෙවන හැටි හිත හිතා දුක්වෙන්නෙ නැහැ.බයියොන්ට අපහාස කර කර හැමදාම විපක්‍ෂෙය් ම ඉන්න තමයි නිවට ටොයියොන්ට සිද්ද වෙන්නෙ.තම තමන්ගේ ආණ්ඩු කාලේ ගෙදරින් ගෙනල්ලා කරා කියලා හිතාගෙන ඇත්තෙ.පිටරටින් ණය අරගෙන සල්ලි ආයුධ කොටියට පුජා කරපු ජිල් ටොයියො නේ ඉන්නෙ.(අ)
අපිට අපේ දරුවන් සමග ජිවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ කාට අයිති රටකද කියල දුකත් හිතෙනවා.(අ)
ඇත්තම නේන්නම් . මෙතන පොඩි ලැටපීමක් වෙලා තමයි. රසික කටාර් කොස්ලන්දට යවපු ප්‍රතිචාරය වායුගෝලයේ කැලඹීම නිසා අයවැය පිළිබද පුවත අස්සට සැපත් වෙලා . මමත් බැලුවා අනිත් පුවත මේ දැන් රුවනි ලියපු නිසා. (අ)
නිශාන්ත ල වගේ අයට හැමදාම සිද්ධ වෙන්නේ බයියන් සහ ටොයියන් සන්සන්ධනය කර කර කෙකර ගගා ඉන්න. (අ)
නිශාන්ත/බන්දුල පෙරේරා, ඔය කෝටි ප්‍රකෝටි ගණනින් ණය ගන්නේ අපිට කන්න අඳින්න දෙන්න නම් නෙමෙයි. යුද්ධය කාලේදී දිරාම් එකක් රුපියල් 28 යි.අද වෙනකොට රුපියල් 35.56යි. රුපියලේ අගය පහළට ගිහින්.තව ඉදිරියට මේ විදියට ගියොත් දිරාම් එකක් රුපියල් 70-80 වට නඟීවි.ඊට සාපේක්ෂව බඩු මිලත් අහස උසට නඟීවි. (නි)
බලන්නකෝ තව ටික කාලයකින් බඩු මිලට වෙන දේ.ඔන්න උදෙන්ම ගිහින් පෝළිමේ ඉඳලා කතිරය ගහලා ලංකාවේ හතර දෙනෙකුට ජීවත්වෙන්න රුපියල් 45,000 ක් මදි කියලා අපිට කුණු කුණු ගාන්න එපා. (නි)
රුකී, ඔය නිශාන්ත කියන්නේ අර මල්ලක් උස්සගෙන කඩේ යන බන්දුල පෙරේරානේ (නි)
මේකටද මේ අයවැය කියන්නේ? (නි)
සමාවෙන්න ගණන් වැරදුනා නම් (නි)
පුදන කොටම කාපි යකා. (ර)
ෂා නියමයිනේ! ඉතිහාසයේ කවමදාවත් එච්චර නැඟලා නැහැනේ. හරි සන්තෝෂයි. ඡන්දෙ දෙන අයට තවත් සතුටු ඇති (නි)
රජයේ පාසල් වල චීන භාෂාව ඉගැන්වීමේ වැඩපිළිවෙළක් අරඹා අයවැයෙන් තව රුපියල් කෝටි 1000ක් විතර වෙන්කළොත් හොඳයි. (නි)
නිශාන්ත, ඔයාට වැරදිලා. කවුද කොටින්ට සල්ලි ආයුධ දුන්නේ? (නි)
අය වැය ගැන නම් මම නම් මොකුත් කියන්නේ නැහැ (දී)
ලංකාදීපයට පින් සිද්ද වෙන්න ගංවතුරෙන් අසරණ වුණ මිනිසුන්ට පරිප්පු සමග බත් දෙනවා මුළු ලෝකෙම දැක්ක..(බ).
මේ මොනවායින් වුණත් අන්තිමට වන්දි ගෙවන්න වෙන්නේ දුප්පත් අපිටම තමයි (නි)
අපි ණයගන්න බයවෙන්න ඕනෑ නැහැ. ගෙවන්න බැරි ණය බොල්ණය කියලා අපිට උගන්නලා තියෙන්නේ මොකටද? (නි)
අනේ අපිට නම් මේවා තේරෙන්නෙ නැහැ (නි)
මෙම පුවත කියවීමෙන් පසු පහත සඳහන් පැනයන් හිතට ආවා. 1.මෙය ඇත්තෙන්ම නොදැන සිදුවීමක්ද? 2.නො එසේනම් දැන දැන සිදුවූ වරදක්ද? 3. එසේත් නොමැතිනම් මුදල් අමාත්‍යංශයේ ආර්ථික ඝාතකයන්ගේ (අර කව්ද ඇමැත්තෙක් කියූ පරිදි ) උප්පරවැට්ටියක්ද? කෙසේ වෙතත් මෙයනම් බරපතල වරදක් කියල තමයි අපේ ටිකිරි ම ටිකිරි මොළයට දැනෙන්නේ. කඩි මුඩියේ අය වැය හදපු නිසා කියා ඇඟ පත බේර ගන්න පුළුවන්ද? අනේ මන්දා???. අපිට මොනරු සහිත නෝට්ටු දැක්ක වාගේ සිංහයෝ සහිත 10,000 හේ නෝට්ටුත් නුදුරේදීම දකින්න ලැබෙයි වගේ?(බ)
ජයවේවා! (නි)
මොනවාහරි කරලා පිටරටකට පැනගන්න ඇත්නම්... (නි)
රසික්- කටාර්, හිඟය කියන වචනයේ තේරුමවත් දන්නේ නැද්ද? (නි)
සමහරු "ණය දෙනවනේ" කියලා හරි ආඩම්බරයෙන් කියනවා. පරම්පරා කීයක් ගෙවන්නද? (නි)
බන්දුල පෙරේරා, කොහොමද අයවැය? (නි)
රසික කටාර්,මම හිතන්නේ ඔබතුමා ගණන් පටලවාගෙන. නැත්තම් යන්නේ කොහෙද, මල්ලේ පොල් කිව්ව කතාව වගේ. අනේ මන්දා. අර කිව්වා වගේ වහගුලියේ සීනිබෝලයක් කරලා වගේ අයවැය කතාව. (නි)
ඔය කියන සංශෝධන දෙකත් අදාළ තැන් වලටම ඉදිරිපත් කළා නම් නේද හොඳ ? කොහොම වුණත් රටේ දළ වාර්ෂික ආදායම, ගත් ණය සහ පොළිය ගෙවන්නත් මදිවී තිබෙන තත්වයකදී ආශ්චර්යය ඉක්මනටම බලාගත හැකියි. (නි)
අපෙන්ම අරන් අපිටම දෙනවා කියලයි මට නම් දැනෙන්නේ. අයියෝ සල්ලි! (නි)
විලි ලැජ්ජාවක් කියල එකක් තියෙනවා නම් හෙට ඉඳල ගෙදරින් එලියට බහින එකක් නෑ.(හේ)
බන්දුල/නිශාන්තට ජයවේවා !!! (නි)
ලංකාවේ මිනිස්සු කවදාද සැපවින්ඳේ? (නි)
උපදින්න ඉන්න දරුවා පටන් ලෝකෙට ණයකාරයො වෙලයි උපදින්නෙ. නමුත් බලන්නකෝ අපේ ඇමති වරුන්ගේ පම්පෝරි, විහිලු කතා! එවැනි දේවලින් නම් අඩුවක් නැහැ නේද ? නැව ගිලුනත් අපේ මිනිසුන්ට බෑන් චූන් (නි)
ඒ පාර එතුමාත් අයවැය ගැන අදහස් පළකරලාද? (නි)
තව ණය ගනිමින් මෙවැනි ආයෝජන කරන මෙන් රජයෙන් ඉල්ලා සිටිනවා. අපි රට දියුණුවෙන තෙක් පටි තදකරගෙන ටිකක් ඉවසීමෙන් ඉන්න පුරුදු වෙමු. (නි)
ඔය මොනවා නැතත් අපිට නම් කමක් නැහැ (නි)
මොනවද මේ හිඟය කියන්නේ? ණය ගන්න පුළුවන්නේ. (නි)
නායයාමට නියමිත ප්‍රදේශ හඳුනාගෙන වෙනත් ප්‍රදේශවල පදිංචි කිරීමේ කටයුතු නොකළ බවට ඇතැම් පිරිස් චෝදනා කරන්නට යෙදුනා.නමුත් අපි තේරුම්ගත යුතුයි මෙවැනි කටයුතු සඳහා මුදල් වැයවන බව. මේ වගේ විශාල ණය බරක් තියාගෙන ඒ වගේ කටයුතු වලට අමුතුවෙන් මුදල් වෙන්කිරීමට බැහැ නේද? බොරුවට කරුණු කාරනා නොදැන දොස් කියන්න එපා. (නි)
මේක පුදුමාකාර අයවැය හිඟයක්නේ! අපිට නම් හිතාගන්නවත් බැහැ (නි)
අපි මුලින්ම ඔයටික කිවේ මේක සීනිබෝල අය වැයක් කියල කට්ටිය ලොකුවට කැගැහුවට මේකේ ඇතුල ගැන හරි අවබෝදයක් තිබුණේ නැහැ තම තමන්ට ලැබෙන විදිය තමයි හිතුවේ කොහොම උනත් ලංකාව විශාල ණය උගුලක පටලවල දේසපාලන වාසි ගන්න බලන්නේ මේ වගේ අභාග්‍ය සම්පන්න කාලයක් කවමදාවත් ඇවිල්ල නැහැ.(දිල්)
ඒ කියන්නේ 24 වනදා ඉදිරිපත් කළ අයවැය වාර්තාව පදනමක් නැති එකක් කියලද? (නි)
පුළුවන් තරම් ණය ගන්න. අපි ඉන්නවා ඒවා ගෙවන්න (නි)
තවමත් මේ ගණන් ටික හරියට හදාගන්න බැරිවෙලාද? (නි)
බන්දුලට චීන භාෂාවත් ඉගෙනගත්තොත් අනාගතයක් තියේවි (නි)
කවුරු කවුරුත් බුද්දීමත්ව තේරුම් ගන්න රටට වෙලා තිබෙන වින්නැහිය. බොරුවට පන්පොරි ගැහුවට ඔය ගණන් ටිකවත් හදාගන්න බැහැ.(හේ)
අනේ මන්දා! අර උසස්පෙළ ප්‍රශ්න පත්‍ර එක්කම එන සංශෝධන ටික තමයි මට නම් මතක්වෙන්නේ. (නි)
ඒකතමයි. මටත් මේවා ගැන තේරුමක් නැහැ (නි)
ඊළඟ වතාවේ අයවැය වාර්තාව හැදිල්ලත් එතුමාටම භාරදුන්නා නම් ඉවරයි. (නි)
බන්දුලට නම් නුල් පොටකවත් ලැජ්ජාවක් නැද්ද කොහෙද? (නි)
අතිගරු ජනාධිපතිතුමාගේ දුරදර්ශි වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් ලෙස අද ලෝකයේ රටවල් කිසිදු බියකින් සැකයකින් තොරව අපිට ණය ලබාදෙනවා. මම හිත්තන්නේ නැහැ දකුණු ආසියාවේ වෙනත් කිසිදු රටකට අපිට වගේ විශාල ණය ප්‍රමාණයක් ලැබිලා ඇති කියලා. අද බැංකුවකට ණයක් ගන්න ගියත් ලක්ෂ 15 ක් ණය ගන්න කොච්චර අමාරුද? අද මුළු ලංකාවේ සියලු දෙනාටම මේ වගේ විශාල ණය මුදලක් ලැබිලා තියෙන්නේ අපිට හම්බ කරන්න පුළුවන් කියලා ණයදෙන රටවල් විශ්වාස කරන නිසා වෙන්න ඇති (නි)
ණය ගත්තට නම් කමක් නැහැ, ගෙවන්න පුලුවන් නම් (නි)
අනේ අපිට මේවා ගැන එච්චර තේරෙන්නෙ නැහැ. අපි දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න අය (නි)