අයවැය යෝජනා නිසියාකාරව ක්‍රියාත්මකව වනවාද නැද්ද යන්න සොයා බැලීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවැසීය.
කොතරම් අයවැය යෝජනා ඉදිරිපත් කළ ද ඒවා ක්‍රියාත්මක නොවන්නේ නම්, මුදල් වෙන් කිරීමෙන් කිසිදු ප්‍රගතියක් අත් නොවන බව ද කරුණානායක මහතා එහිදි කීය.
“අයවැය - බදු යෝජනා සහ ව්‍යාපාර කෙරෙහි බලපෑම” යන මැයෙන් ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධීකාරී ආයතනය සංවිධානය කරන සම්මන්ත්‍රණය අමතමින් මුදල් ඇමැතිවරයා එසේ කීය.
“මෙම කමිටුව සාමාජිකයන් දහයත් දොළහත් අතර පිරිසකගෙන් සමන්විතයි. අයවැය යෝජනා නිසි අයුරින් ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න සොයා බැලීම එම කමිටුවට පැවරෙන වගකීමයි. අයවැය යෝජනා ක්‍රියාත්මක වනවාද, වෙන් කරන ලද මුදල්වලින් ඒ ඒ අමාත්‍යාංශ නිසි ප්‍රතිඵල ගන්නවාද යන්න සොයා බලා ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීම ඔවුන්ගේ කාර්යභාරය වනවා. එම කමිටුව සතිපති ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දේවි‘
2017 වසර සඳහා අයවැය පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදාල ඇමතිවරුන්ගේ රාජකාරිය මොකක්ද? රටේ සල්ලි නිකරුනේ වියදම් කරනවා (නි)
මේ කමිටුවේ සාමාජිකයන්ටත් වැටුප් හෝ දීමනා ගෙවනවද? රටේ ඉතිහාසයේ පත්කළ කමිටු වලින් කිසිම ප්‍රයෝජන නැහැ. එක්කෝ කමිටු නිර්දේශ ක්‍රයාත්මක වෙන්න නැහැ. නිකන් මහජන මුදල් නාස්තිවෙනවා විතරයි. (නි)
මම මේ ගැන හොඳට හොයල බැලුව . විශේෂයෙන්ම රේගුවේ බදු සම්බන්ධව . ජනතාවගේ සාක්කුවට විදින්න පුළුවන් බදු ඉහල නංවන යෝජනා ටික නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වෙලා . හැබැයි බදු නැති කරනවා කියපු දේවල් වලින් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ එකම දෙයයි. එනම් වහාම ක්‍රියාත්මක වෙන පරිදි වතුරේ දුවන ජෙට් ස්කි වල බදු නැති කරලා . දැන් ජනතාවට තියෙන්නේ රේන් කෝට් දාගෙන මගුල් ගෙවල් වල යන්න ජෙට් ස්කි පදින්නයි . (බ)