යාල වන සතුන් බැලීමට යන සංචාරකයන් හා ඔවුන් රැගෙන යන වාහන පිළිපැදිය යුතු කොන්දේසි රැසක් හඳුන්වා දී ඇතැයි වනෝද්‍යාන භාරකරු අසංක ගුණවර්ධන මහතා කියයි.
වාහනයක් කිලෝමීටර 25ට වඩා වේගයෙන් ධාවනය නොකිරීම, විවිධ ශබ්ද හා මහ හඬින් නලා ශබ්ද නොකිරීම, පොලිතින්, ප්ලාස්ටික් හා බෝතග වැනි අපද්‍රව්‍ය කැලයට නොදැමීම , වාහනය හොඳ ධාවන තත්ත්වයෙන් තීබීම හා එහි ලියැවිලි වාහනයේ ම තබා ගැනීම ඒ අතර වේ.
මෙම කොන්දේසි කඩ කරන අයට එරෙහිව ක්‍රියා කරන බව ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එටකොට මේ වගේ සරල නීතිවත් මීට කලින් තිබුනේ නැද්ද. මේ නීති මීට අවුරුදු ගණනාවකට කලිනුයි දාන්ඩ තිබුනේ. කැලේ නීතියි මිනිස් නීතියි වහාම වෙනස් කළ යුතුයි (බ)
ගිනි අවි ගෙනියන්න පුළුවන් වගෙයි මේ ක්‍රමයට (බ)
ඇත්ත වශයෙන්ම මෙවැනි ක්‍රියාකාරකම් පිළිබඳව අධ්‍යනයක් කර නීති සම්පාදනය කළ යුතුය. උදාහරණයක් වශයෙන් හමුදාවේ මිතුරන් සිටින පිටරැටියන් ලංකාවට ගිය විට කොටි පාලනයට නතුව තිබු ප්‍රදේශ නැරඹුමට යාමේදී අසීමිත ලෙස හමුදාවේ සම්පත් අපයෝජනය කරනවා. මේවා රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිතා කිරීමය. විගණන අධීක්ෂණ නිලධාරීන් (ඔඩිට් මහත්තුරු) මේවා ගැන බැලිය යුතුය. (බ)
යාල ගැන පමණක් නොසිතා අනෙකුත් වනෝද්‍යාන වල ධාවනය කරන ජීප්රථ වලටත් ප්‍රමිතියක් ඇති කළයුතුයි. (නි)
ඔය යාලේ බොහෝ ජීප් රථ ,ලෑන්ඩ් රෝවර් වල රෝද හතර ම බළ (4වීල් ඩ්රයිව්) ගන්වනය ගලවලා තිබෙන්නේ ඉන්ධන වියදම අඩුකරගන්න. දැනට තිබෙන නීති පවා පිළිපදින්නේ නැතුව වගෙයි.වාහනයේ යන නියාමක නිලධාරියාට තාක්ෂණ පහසුකම් මදි පණිවිඩ හුවමාරු ,(වෝකි ටෝකි) උපකරනයක්වත් දී නැහැ .දෙපාර්තමේන්තුව එයින් විශාල ආදායම් ලබනවා වුනත් .නරඹන්නන්ට පහසුකම් ද මදි.විදේශීය සංචාරකයන් සංවරව වනසතුන් නරඹද්දී අපේ බොහෝ දේශීය සංචාරකයන් ගේ අවිනීත හැසිරීම නම් හොඳ මදි ..සාමාන්‍යයෙන් වර්තමාන මිනිසා යන යන තැන අපද්‍රව්‍ය එකතු වෙනවානේ.ඒවා නිසි පරිදි ක්‍රමවත්ව බැහැර කිරීමට යාල බලධාරීන් පියවර ගත යුතුයිනේ.පිටිගල මිලානෝ කියපු කතාවත් හරි. (බ)