රණවිරුවන් සුරකිමේ දස ලක්ෂයේ පෙත්සමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද ඔහුගේ සොයුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද කොළඹ කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ දී අද (08) අත්සන් කළහ.
මෙම පෙත්සම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට බාර දීමට නියමිතය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූපය - ඒඑෆ්පී






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දන ඕස්ට්‍රේලියාවේ ඉදල කියන්නේ එල්ටීටීඊ කාරයින්ව මරපු හමුදාව හිරේට යවන්න කියලා මහත්තයෝ මට පෙන්නේ (බ)
ඉස්සර මේ වගේ නිදහසේ පෙත්සමක්වත් අත්සන් කරන්න පුළුවන් කමක් තිබුණාද?අත්සන් කරලා එද්දී දඩ බල්ලෝ පස්සෙන් ඇවිත් වාහනය අනතුරට පත් කරලා හෝ සුදු වැන් එවල විනාශම කරලා දානවා. ඒ අතින් දැන් මොන තරම් සුන්දරද? (බ)
කාලයක් මේ රටේ මිනිස්සු වාහනයක ටයර් එකක් පිපිරුවත් පන ගැහි ගැහි හිස් ලු ලු අතේ දිව්වා. එක කටකතාවකට පාසලේ ගේට්ටුව ළඟට ඇදිවත පිටින් දුවල ළමයි අරන් ගෙදර දිවුවේ පණ එපා කියල. ඊට ටික කලකට පෙර ටයර් සෑයවල දහස් ගණන් තරුණයෝ පිළිස්සුනා. එන්න ඒ කාලයේ හිටපු නායකයෝ දැන් අයෙත් බලය අරන් නැවත වීරයෝ වෙලා . ඒ කාලේ පන ගැහි ගැහි දුවපු ඡන්දදායකයෝ දැන් රා බීපු මීයෝ වගේ විරයෝවෙලා මහින්දට ගෝඨාභයට අභියෝගත් කරනවා. මේවා දැකල හිනාත් යනවා. (බ)
5 වැනි ෆොටෝ එක දැක්කම දුකත් හිතෙනවා.රණවිරුවන් ඉස්සරහට දාල වෙනත් අය නිදහස් වෙන්න හදනවා.මිනිසුනේ හසු වෙන්න එපා.(බ)
අයියා මල්ලි වාගේ අයියා මල්ලී... (නි)
දෙවියනේ කියල අපේ ජාතික වීරයෙක් වන ජෙනේරල් ෆොන්සේකා හෙට අනිද්දා මන්ත්‍රී කෙනෙක් වෙලා,ඉන් පස්සේ ඇමති කෙනෙක් වුන දවසට මගේ සිහිනය සාර්ථකව නිම වෙනවා. එ්ත් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කාපු කම්බා හොරුන්ට නම් සැප පහසු නින්දක් ලැබෙන්නේ නැහැ. (බ)
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිටයි ඔහුගේ සොයුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටයි තිබුනේත් අනික් අය වගේ යුද්ධය විකුණාගෙන කන්න. යුද්ධය නිමකරලා අහන බැනුම් පෙනෙනවද? ගුණමකුවන් ඉන්න රටක අනාගතයේ එන්න ඉන්න නායකයින්ට හොඳ පාඩම්. (නි)
ත්‍රස්තවාදින්ට අවි නැව් පිටින් එවපු ත්‍රස්ත නායකයන්ට, හෙලිකොප්ටර් දුන්න/බුදු සැප දුන්න,ඇමතිකම් දුන්නු යුගය ජනවාරි 8 වෙනිදා අපි අවසන් කළා (බ)
සිව්පාවොත් මෙතුමන්ලට ගරුකරනවා. (බ)
ඉතිහාසයේ ඉදන්ම සිදු වූයේ රට දියුණුවේගෙන එනවිට විදේශීය කුමන්ත්‍රණවලට හසු වී රට විනාශ වීමය. නැත්නම් මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන්දිනයේ පිරිතට කරඩුව වැඩම වූයේ මෛත්‍රීපාල මහතාගේ හිසේ තබා ගෙනය. දැන් ජන්මාන්තර වෛරකාරයන් වී ඇත්තේ වෙන හේතුවක් නිසා නොව මොවුන් විදේශීය කුමන්ත්‍රණවලට හසු වී ඇති නිසාය (බ)
මේ දේවල් උපුල් දන්නේ කොහොමද? (නි)
භද්‍රානි, සරත් ෆොන්සේකා මහත්මයාගේ ජීවිතයෙන් ශ්‍රී ලාංකික සමාජය ඉගෙනගත යුතු පාඩම් බොහොමයි. මුළු ලංකාවම ආදරය කළ සමහරු මෙතුමාගෙන් මහා දරුණු විදිහට පළිගත්තා. රණවිරුවෙකුගේ විශ්‍රාම වැටුපත් අහිමි කළාටත් වැඩිය තව පළිගැනීමක් තියනවද? ඒ පළිගැනීම් හමුවේ ජනතාව ඔවුනට ආදරය කරනවා වෙනුවට ශාප කරන්න පටන් ගත්තා. මෙතුමා වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නය කොතරම් නම් ඉල්ලීම් කළාද? බලයෙන් වල්මත්වූවන්ට ඒ කිසිවක් වැටහුනේ නැහැ. අද යම් කෙනෙකුට කිසියම් ව්‍යසනයක් සිදුවී ඇත්නම් ඒ කිසිවක් නිසා නොව මේ ෆොන්සේකා මහත්මයාට කළ අපරාධයේ ප්‍රතිඵලයි. එදා ඒ පළිගැනීම් අසීරුවෙන් විදදරාගත් ලාංකික සමාජය අද එයට හුරුවී හමාරයි. දේශපාලනය මොකක් වුවත් ලෝක යථාර්ථය හා ධර්මතාව මෙයයි. දේශපාලනය පසෙක තබා ධර්මය තේරුම් ගැනීමට උත්සහ කරමු (නි)
චන්දන ඕස්ට්‍රේලියා, මට ඔබේ අදහස සහ ප්‍රශ්නය තේරුණා. (නි)
මේ පහලම පින්තුරයේ ඉන්න කණාටු වූ බල්ලා සංකේතවත් කරන්නේ කුමක්දැයි වැටහේද?(කෞ)
ලංකාදීපයට පිංසිද්ද වෙන්න රටේ ඇතිවන දේ අපට මාධ්ය මගින් දැනගන්න සලසනවා වගේම, යහපාලනයට පිංසිද්ද වෙන්න ඒ ඒ ලිපි වලට ලියන අපගේ අදහස් පලවීම රටේක ඇති නිදහස බව සිතනි. ඉස්සර අපගේ අදහස් මෙසේ පලකලේනම්, ඔවුන්ගේ පවුල් පිටින්හෝ ඔහුව, කපා කොටා ලිනුමිරිස් කර පොලවයට ආරක්ෂවට තබන බව, සියලම අදහස් පළකරන්නන් ගේ මතකය නැවත අලුත් කරගත හොත් හොදය.(කෞ)
ප්‍රධාන රණවිරුවා කිව්වේ සුදු කොඩි කාරය ද ? ඇත්තටම වැරදියි . නමුත් අද බුරුතු පිටින්ම දාන්නේ ඡන්ද පොරොන්දු ඉෂ්ඨ කරන්න. (බ)
මේ දෙන්නට වැඩිකල් එලියේ ඉන්න බෙරිවෙයි ගහල තියෙන ගෙහිලිවලට එක නිසි මේ බොරුදෙවල් කරන්නේ(කෞ)
මේ රටේ කළගුණ අමතකවන කුහක මිනිසුන් වෙනුවෙන් යුද්ධය අවසන් කළ මහින්දයි වැරදි. (නි)
රණවිරුවන්ට දක්ෂ ලෙස සහ උපක්‍රමශීලීව සටන් කිරීමට නායකත්වය දුන් එඩිතර ගෝඨාභය මැතිදුන්ට අපගේ ප්‍රණාමය. කිසිදිනක් දිනන්න බැහැ කියපු යුද්දය දිනෙව්වා. ඔබල නිසා අද අපි හිස කෙලින් තියාගෙන පිටරවල පවා ජීවත් වෙනවා.(ම)
මහින්ද මහත්තයෝ කුරුණෑගල ඇවිත් ඔය කට්ටියත් එක්ක අපේ ගොයම් ටික කපල දෙන්න. රටට වැඩක් කරන්න . හාමුදුරුවරුන්ට වෙන වැඩක් නැතිනම් . අපේ ගම්වල වැසීගෙන යන පන්සල් ටික ආරක්ෂා කරලා දෙන්න .(කෞ)
කොච්චර හැගීම් බර අවස්ථාවක්ද?(හේ)
අපි මොනවා ලිව්වත්, මේ වනවිට ලංකාවේ බොහෝ දෙනා බලාගෙන ඉන්නේ පළාත් පාලන ජන්දය එනකම්. මේවා දන්නා නිසා තමයි ජන්දය කල් දාන්නේ. (ම)
මට හිතෙන්නේ අපි බෙදිලා මහින්ද වාදීන් සහ විරුද්ද වාදීන් කියල. කවදද අපි එක විදිහට හිතන්නේ තව සැහෙන කලක්. (අ)
කඩේ ගිහින් පළපුරුදු ඩුබායි කෙනෙකුත් ඉන්නේ... (නි)
මොකද අන්තිම පින්තුරේ බල්ලෙක් ඉන්නේ..අද මහරජතුමා සහ යුව රජතුමලටත් ..රජ කුමාරවරුන්ටත් අත්වෙලා තියෙන ඉරණම සංකේතවත් කරන්න ද? අද සෙට් එකම බලු වෙලා නේද? (අ)
රට බේරාගත් නායකයෝ ඔබයි. ජයවේවා! බල්ලන් බිරුවට කඳු පහත් වෙන්නේ නැත. (නි)
සිංහලයින්ට කොහොමත් ඉක්මණින් මුල අමතක වෙනවනේ (නි)
රණවිරුවෝ දැන් කාණු සුද්ද කරන්නේ නැහැ. එළවළු විකුණන්නේ නැහැ (නි)
රෙක්ස්, පළමුව සිංහල හෝඩිය ඉගෙනගන්න. (නි)
දැනට වසරකට ඉස්සෙල්ල ලංකාව දකුණු ආසියාවේ ශිඝ්‍රයෙන් වර්ධනය වුණ ආර්ථිකය. එයට බයවුණු සතුරු රටවල් අපේ රටේ ඉන්න ද්‍රෝහියෝ සෙට් එක සමඟ එකතුවෙලා අපිව නැවත කොන්ද පන නැති රටක් කළා. (ම)
බලය තිබෙනකොට ලෝවැඩ සඟරාව, ධම්මපදය, පන්සිය පනස් ජාතකය වගේ පොතපතවත් කියවලා තිබුනා නම් අද මෙහෙම දඟලන්න වෙන්නේ නැහැ (නි)
ආනන්ද දොඩන්ගොඩ, පැරිස් ගිහිල්ලත් කඩේ යාම නැවැත්තුවේ නැද්ද? (නි)
බොහොම හොඳයි (නි)
අර විදෙස් බලවේග වලට සම්බන්ධ එක්කෙනා මෙතන නැත්තේ මොකද? (නි)
ඕක අත්සන්කළා කියලා අපි මොනවා කරන්නද බාහිර ලෝකයට..? ඇමෙරිකාවට අපේ රණවිරුවෝ අල්ලගන්න ඕනෑ නම් ඒ අය එනවා. අල්ලාගෙන යනවා. එච්චරයි. ඔය අත්සන් ඒ අයට වැදගත් නැහැ. (නි)
දරුවන්ට තියෙන ආදරය නිසා මව වෙන බස් රථයක සහ පියා තව බස් එකක ගිය යුගය අවසන් කල රණ විරුවා සදා අමරණීයයි. ගම්වල උපන් දක්ෂ කොල්ලෝ නිසා අද නගර වල ඉන්න මිනිස්සු සාමය බුක්ති විඳිනවා. (රේ)
හරි හරි එතකොට එක දවසක්වත් යුද්දෙට නොගිය යෝෂිත රණවිරැවා! යුද්ධය මෙහෙයවපු ෆොන්සේකා ද්‍රෝහියා. කිරිඅප්පට බල්ලෝ බුරපි. (අ)
මෙයාලගේ පැවැත්මට මිනිස්සු මුලාකිරීමේ වැඩපිළිවෙල තවමත් එසේමයි. (නි)
ඔබ දෙදෙනා අපිට ශක්තියක් (නි)
ලලිත් සිල්වා, ඔබ යු ටුයුබ් දේශපාලනයක් කතාකරන බව පේනවා. ඔබට දෙන්න තියන මගේ පිළිතුර උපුල් ලස්සනට මෙතන ලියලා තියනවා. එය කියවලා බලන්න (නි)
හැම එකටම විදේශ කුමන්ත්‍රණ (අ)
දැන් එයාල එක්ක තමයි ඉන්න වෙලා තියෙන්නේ නේද ? අනේ පව්? (බ)
නිවට ද්‍රෝහීන්ට මේ රට ත්‍රස්තවාදයෙන් බේරා ගත් යුග පුරුෂයන් සහ රණවිරුවන්ව අමතක වුණාට රටට ආදරය කරන කෙලෙහි ගුණ දත් සියලු දෙනා මේ යුග පුරුෂයන් සහ රණ විරුවන් සමග ඉන්නවා. (අ)
ගොඩක් පිරිසක් අදහස් පල කරන්නේ අඩු තරමේ මෙයාගේ කතාව වත් අහන්නේ නැතිව... ඔය කියන තරමට හොරකම් කරලා තියෙනවා නම් මෙයලටත් පුළුවනි නේ මිතුරු රටකට ගිහින් හොරකම් කරපු සල්ලි වියදම් කරලා සැනසීමේ ඉන්න...ලංකාවේ මිනිස්සු මැරිලා ඉපදිලා වගේ..යුද්දයක් තිබුණු බවක් මතක වත් නැහැ.. ත්‍රස්තවාදීන් දැන් හදුන්වන්නේ දෙමල සිරකරුවෝ විදිහට නැත්නම් දේශපාලන සිරකරුවෝ විදිහට.. කොළඹ බෝම්බ දාපු කොටින්ව මරල දාපු එකද අපේ හමුදාව කරපු වරද? එකට දඩුවම් දෙන්නද ඔය කියන කුමාරයෝ ලංකවට එන්නේ.. එකට ඉඩ දෙන්න ඕන කියලද සමහරු මෙතන අදහස් දාන්නේ? එහෙම අදහස් දාන අය මව් කිරි බීලද හැදුනේ? රට ජාතිය බෙර ගත්ත මේ මිනිස්සු දෙන්න නොවෙන්න අපිට යාපනේ කියන්නේ ඉතිහාස පාඩමක් විතක් වෙන්න තිබුන... ඔයගොල්ලෝ තව අවුරුදු 10ක් 15ක් යද්දී මේක තේරුම් ගන්න එක අනිවාර්යි ..එත් එතකොට පරක්කු වැඩි...එදාට අපරාදේ අපි මෙහෙම කලේ කියන්න වෙයි. (අ)
සත්‍යපාල , ඩුබායි තිලක්ට අපි අනුකම්පා කරමු. මෙයාගේ රෝගී තත්වයට අනුකම්පා කරමු (නි)
ඔය සුරක්ෂිත කරන්න ඕනි කියන රණ විරුවන්ගේ නම් ටික දෙන්න බැරිද? දන්න විදිහට නම් කිසිම රණ විරුවෙකුගේ සුරක්ෂිතභාවය නැති වෙලා නැහැ (අ)
ඔබ තුමන්ලාට ගහන්න මඩ මදිලු ඒ නිසා ඉන්දියාවෙන් ගෙන්න යනවලු (අ)
ෆොන්සේකා කියන නියම රණවිරුවා කිසිම චෝදනාවක් නැතුව කුදලාගෙන ගිහින් හිරේට දාපු දවස්වල මෙහෙම වෙන්න වෙයි කියලා කීයටවත් හිතන්න නැතුව ඇති. (නි)
මේ කට්ටිය අත්සන් කරලා පුවත්පත් වලින් පින්තූර පෙන්නුවාට, කාටද ඕවා බාරදෙන්නේ? කවුද ඕවා බාරගන්නේ? (නි)
සිරිසේන මහත්තයා ඕවා ගණන් ගන්නේ නැහැ. ඒ රූකඩේ කොටි ඩයස්පෝරාවට සහ ඇමෙරිකන් බලපෑමට අහුවෙලා ඉවරයි.(හේ)
මහත්වරුනි රටේ නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වියයුතුයි. පොලිස් නිලධාරීන්ට, හමුදා නිලධාරීන්ට, විපක්ෂ දේශපාලකයන්ට පමණක් නොව ආණ්ඩු පක්ෂ දේශපාලකයන්ටද වරදක් කර ඇත්නම් දඬුවම් දියයුතුයි. කිසිම කෙනෙකු කිසිම හේතුවක් නිසා නීතියට ඉහළින් නොසිටිය යුතුයි (හේ)
ලුතිනන් යෝෂිත මොන යුද්දෙද කළේ? 77 සැරයක් රටනම් ගිහින් තියෙනවා. (බ)
දැන් අලුත් සෙල්ලමක් පටන් ගන්න හදන්නේ.(හේ)
ඉන්ද්‍රජිත්.ඔබේ කටේ මසුරන් දාන්න වටිනා කතාවක්. (බ)
විදේස ගත අපිත් ආවානම් අපිත් අත්සන් කරන්නම්.(හේ)
කාගෙන්ද ආරක්ෂාව ඕන. වැරදි කළාම ඔහොම තමයි. අනෙක තමන් දීපු අණ එහෙම නේද. (හේ)
දැන් ලෝකන්න්ගේ පාද ළඟ වැටෙන්නේ සත්තු වගෙයි (බ)
ෆොන්සේකා විතරද, නාවික හමුදාපති ගුවන් හමුදාපති ඒගොල්ලෝ වීරයෝ නොවේද (බ)
දැන් යනවිදිහට රණවිරුවන් ආරක්ෂා වුනොත් තමයි ගොඩක් අය ආරක්ෂා වෙන්නේ.(හේ)
රණවිරුවන් රැක ගැනීම ත්‍රස්තවාදය පිටුදකින සියලු දෙනාගේ යුතුකමයි.(හේ)
සමහර අදහස් ගැන දුකයි.... (නි)
මේ අයිය මල්ලිලා තමයි රට අපට බේරා දුන්නේ අනික් අය ලැහැස්ති වුනේ කොටසක් දෙන්න. (බ)
කවුරු මොන නමකින් ලිව්වත් , කොහොම අදහස් දැම්මත් , ෆොන්සේකා සබැ යුද විරුවෙකි ඒ ගැන විවාදයක නැහැ ,(කෞ)
චන්දනලට ජීවත් වෙන්න ඔස්ට්‍රේලියාව තියෙන නිසා ලංකාවට මොකක් උනත් එයාලට ප්‍රශ්නයක් නැහැ.. එත් චන්දන මතක තියාගන්න ප්ලේන් එකෙන් බැහැල ගෙදරට යන්නවත් එයාෙර්පෝට් එකට යන්නවත් බැරි කාලයක් තිබුන බව. ඔබ හිතයි ඒවා පහුගිය දේවල් කියල.. කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. (කෞ)
රණවිරුවන් හැමදාම විකුනන් කෑවා මගේ පියාත් රණවිරුවෙක් දෑනුත් තමුන්ගේ වාසිය තකා විකුනන් කනවා මහ විරුවව පෝරකේට දෑක්කුවේ කාලෙකට කලින් රණවිරුවන්ට ආදරේ නිසා වෙන්න ඈති (බ)
මේක හොද වැඩක්. හැබයි ඇත්ත රණවිරුවෝ උතුරේ යුද්ධ කරද්දී, දකුණේ මැරකම්, හොරකම් කරපු හමුදාවේ කට්ටිය බේරගන්න දගලන්න එපා. (බ)
මහින්දලා යුද්ධය වවාගෙන කෑවේ නැත. එසේ කළා නම් තවම යුද්ධය ඉවර නැත. හොරා කෑවා නම් තවම යුද්ධය ඉවර නැත. යුද්ධය වවාගෙන කෑවේ අනිත් අය. දැන් මහින්දලාට හොරු කියනවා. බොරු කියලා ඡන්දෙ ගත්තා. දැන් බොරු අතේ පත්තුවෙලා. (නි)
මෙතුමන්ලගේ නායකත්යව යටතේ අපට සාමය ලබාදුන් රණවිරුන්ව ආරක්ෂා කිරීම අපගේ පරම යුතුකමයි. (අ)
බොහෝ අදහස් ගැන දුකයි. කුහක බව දෝරේ ගලයි. (නි)
චන්දන - ඕස්ට්‍රේලියා, සිංහල බෞද්ධ සියලු දෙනා ගුණමකුවෝ නොවෙයි. මෙතන ලියන මොහොමඩ්ට මහින්දව වටිනවා. එහෙත් සමහර සිංහලයින්ට වටින්නේ නැත. (නි)
සමහරුන්ට මේ රටේ යුද්දයක් තිබුනාද කියා අමතක වී ඇත (බ)
තමුන්ට අයිති නැති ඇෆ්ගනිස්ථානයේ ඉන්දගෙන ඇමරිකන් සොල්දාදුවෝ මගුල් ගෙවල්වල යන අසරණ මිනිස්සු පවා මරනවා. ඒ අයට ජාත්‍යන්තර උසාවි නැහැ. (අ)
සාගර, ඔබේ කීම රත්‍රන්. මම අනෙක් ඒවා කියෙව්වේ නැහැ. අතීතය අමතක කළ අය ඉන්න රටක ඉපදුනේ මොන කරුමයකටද මන්දා? හුඟදෙනෙක් අපේ රට කනවා. ඔය විදේශවල ඉන්න තමන්ගේ අය වෙනුවෙන් දුක්වෙන අයට ලංකාවට එන්න කිවුවොත් ඒ අය එයිද? (නි)
කාගෙන් මොකකින් ආරක්ෂා කරගන්නද කියල අපට පැහැදිලි කරනවද? (බ)
ඔබයි රටේ අනාගතය! (නි)
ඉන්ද්‍රජිත්: බල්ලන්ටත් කාලගුණ දන්නවනේ. (අ)
රණවිරුවන් රැක ගැනීම ත්‍රස්තවාදය පිටුදකින සියලු දෙනාගේ යුතුකමයි.මෙය ජනාධිපතිතුමාට පමණක් නොව හුසේන් තුමාටත් පිටපතක් ලබා දෙන්න ලෝකය දෙමල ජනතාව ගැන පමණක් සොයා බලා තීන්දු තීරණ ගැනීම වලකාලීමට කටයුතු කළ යුතුය මන්ද උතුරු නැගෙනහිර ජීවත් උයේ දමිල ජනතාව පමණක් නොව සිංහල හා මුස්ලිම් ජනතාවද 1983 වසර වනතුරු ජීවත් උ බවත් කොටින්ගෙන් සිදු උ අනේකවිද හිංසා හා ගාතන නිසා ඔඋන් එම ප්‍රදෙස අතහැර වෙනත් පළාත් වලට ජීවිත ආරක්ෂාව පතා පිටමන් වූ බවද සියලුම ලෝකවාසීන් හොදින් අවබෝද කරගත යුතුය (බ)
හොර පොල් ලක්ෂයේ නාඩගම පිචන්ම වෙලා ඉවර වෙනකොට දැන් රණවිරුවන් ගැන දුකක් ඇති වෙලා අලුත් නාඩගමක් නටන්න පටන් අරගෙන.ඔය නටන්න හදන්නේ අලුත් පදයකට නටන නාඩගමක්.රණවිරුවනි රැවටෙන්න එපා. (අ)
ඒ කාලේ නොපෙනුන වැරදි දැන් පෙනිලා දඬුවම් දෙනවා. මේ කාලේ නොපෙනෙන වැරදි තව පක්ෂයක් ආවහම පේනවා. ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ දේශපාලන බලය අනුව. එක්කෙනෙකුට තව නීතියක්, ඒ වැරැද්දම කරපු තව කෙනෙකුට තව නීතියක්. සමහරු පක්ෂය මාරුවුණාම වැරදිවලින් නිදහස්. අපිට වුණත් නඩුවක් වැටුනහම නීතිඥයාට පගාව කොච්චර නම් දෙන්න ඕනෑද? ඇත්ත කියන්න බය වෙන්න ඕනෑ නැහැ. ඇත්ත තිත්තයි. ඒත් ඇත්තයි. (නි)
ඉන්දියාවට ඕන විදියට බටහිර රටවල් මේ රටට හිරිහැර කරනවා. ඒ අයට අප යුද්ධය දිනීම දරා ගන්න බැරුව ඉන්නේ. (අ)
රණවිරුවන් රැක ගැනීම අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ, එය රටේ සියලුදෙනාම පිළිගත් කාරණයකි. (ම)
කුමාර් (ගල්ෆ්).අද ඔය කලදසාව ලැබුවට ඉස්සර මෙයාලගේ "සුළග වැදිලා" ගිය අයත් ගොඩේ ගොඩ.අපේ පැත්තේම ඉන්නවා කිසිම උගත් කමකුත් නැතිව හන්දි ගානේ චර්ටර් වේවි හිටපු,රාජපක්ෂ "හුළඟ වැදිලා" සුපිරි නිවාසම 2-3 නික් ,කෝටි ගණන් වටිනා වාහන තියන් ඉන්න කෝටිප්‍රතියෝ වුණ පිරිසක්. (අ)
මේක රණවිරුවන් ගේ නම විකුණා නැතිවූ බලය නැවත ලබාගැනීමට උත්සහ කිරීම (හේ)
චන්දන, ගුවන්තොටුපලට කොටි ගහනවිට ඔයා හිටියේ ඔස්ට්‍රේලියාවේද? අපගේ වීරයන් බේරාගැනීම අපගේ යුතුකුමයි. (අ)
ෆොන්සේකා මහතා තමයි කිව්වේ සුදු කොඩි කතාව. එතුමා දේශපාලනයෙන් අයින්වෙලා ගෙදර හිටියනම් එතුමන්ට මීට වැඩිය හොඳ ගරුසර. (අ)
චන්දන ඕස්ට්‍රේලියාව, ඔබ පොල් කටුවක් තුළද මෙපමණ කලක් ජීවත්වුණේ? (නි)
පෙත්සම් අත්සන් කරන්න ඕන නැහැ. ලංකාවේ ප්‍රධාන පුරවැසියා විදියට ජනාධිපති දැනගන්න ඕන අපේ රට, අපේ සිංහල ජනතාව රැකුණේ කවුරු නිසාද කියන එක.(හේ)
එතකොට යෝෂිත රණවිරුවෙක් ද ? එයා එක දවසක් යුද පෙරමුණට ගිහින් තියෙනවා ද ?? මහජන මුදල් කෝටි ගානක් නිරපරාදේ එයාට පුහුණු වෙන්න වියදම් කරලා.. වැඩි කාලයක් එයා හිටියේ පිටරටවල නේද (බ)
ඔබතුමන්ලා රටට වාසනාවන්! (නි)
අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි (නි)
තිලක් ඩුබායි: මේ රටේ රණ විරුවන්ට යුද්ධය දිනන්න අවශ්‍ය වෙලා තිබුනේ හරි නායකත්වය පමණයි. (අ)
ශාන් හොද කමෙන්ට් එකක් .....(බ)
ඉස්සර රණවිරුවන්ගේ කැප වීම නිසා තමයි අපිට රටක් ඉතිරි වුනේ.ඔවුන් ඒ වෙනුවෙන් ජීවිතය පුජා කලා.විශාල පිරිසක් සදා කාලිකව අසරණ වුන.එත් මේ රණවිරුවන් ඉදිරියට දාගෙන අසරණ මිනිසුන්ගේ මහජන මුදල් ගසා කාපු කම්බා හොරු නිදහස් වෙන්න ඉඩ දෙන්න එපා.(කෞ)
සමහර අදහස් දැක්කහම ඇත්තටම දුකයි මහින්ද මහතා යුද්ධය අවසන් කළ එක ගැන (නි)
යුද්ධය දිනන්න බැරිවුනේ හමුදාවේ බැරිකම නිසා නොව නිසි දේශපාලන නායකත්වයක් ගෙන එම තිරණය ක්‍රියාත්මක කරන්නට නොහැකියාව බව නොතේරුනාට රටේ දැනුමක් ඇති හැම දැනසිටි දෙයක්. විදේශ රටකින් එක දුරකථන ඇමතුමක් ලැබුන ගමන් සටන නවතා කදවුරට ගෙන්වපු දේශපාලකයෝ නිසා රටට වුන විනාශය අපමණයි. (ර)
අපි වෙනුවෙන් පෙරට එන්න! (නි)
ජයවේවා! (නි)
මෙය ඉතා අගනා කීුයාවක්.(කෞ)
අදහස් දමා තිබෙන සුළු පිරිසක් "තද කළු සුද්දන් යැයි හැඟේ". (නි)
හැබැට දැන් රෝහිතත් රණවිරුවෙක්ලුනේ. (බ)
කොපමණ දූෂිත වුණාත් කීවත් රාජපක්ෂලා රට දියුණු කළා. උතුර සහ නැගෙනහිරටත් හොඳ සංවර්ධනයක් ලබා දුන්නා. අනිත් ආපු දවසේ ඉඳල කියවනවා. පිටරට අයට ඕන විදියට ගේම් ගහනවා. (අ)
අපි සැමදෙනාම රණවිරුවන් රැකගත යුතුයි . නමුත් රණවිරු නමට මුව වෙලා පාලකයන්ගේ හැම හොර මැර ජඩ කම් කළ කුලී හේවායන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි හා ඔවුන්ගේ හාමුපුතුන්ද දඩුවම් ලැබිය යුතුයි.(බ)
රටට හොඳක් වෙන ඕනෑම දෙයකට අපි සහය වෙනවා (නි)
ලක්ෂ දහයක් නෙමෙයි..මුළු ලංකාවේම මිනිස්සු ඕක අත්සන් කලත් ..හිටපු මහරජ ගේ පුත් කුමාරවරු සහ සහෝදරයෝ මහජන මුදල් ගසා කාපු බව ඉතාමත් පැහැදිලියි .. ඕක " දිට්ට දැම්ම වේදනී කර්ම " ... කරපු පව් මෙලොවදීම පල දීම ..... (අ)
දැන් ඉතින් කට්ටියට ඉතුරුවෙලා තියෙන්නේ එල්ලෙන්න ජාති වාදී හා ආගම වාදී වැලේ විතරයි , ඒකට දැන් හමුදාවත් ගාවගන්නවා ජනතාවගේ අනුකම්පාව ලබන්න. (අ)
දහම් මෝඩකම ගැන නම් කතා කරන්න එපා ඔයාගේ අදහස් දැක්කම මුළු ලංකාවම දන්නවා ඔයාගේ කෙරුවාව මේ දුෂිතයන්ට රෙදි නැතුව කඩේ යාම කියලා.එත් ඔය කියන මල්ලි උතුරේ සටන් අවිලෙනකොට පැදුරටත් නොකියා පැනල ගිය බයගුල්ලෙක්.නියම රණවිරුවෝ තමයි මේ ගොල්ල එකතුවෙලා හිරේට දැක්කුවේ.පස්සේ ඇවිල්ල පොත් ලියව ගත්තට.ඕක තමයි තිත්ත ඇත්ත(අ)
දැන් කවුද කිව්වේ රණ විරුවන්ට සලකන්නේ නැහැ කියල? රණවිරුවන් ව නොසලකා ඉන්නේ කවුද? දැන් අධිකරණය ඉදිරියේ තියෙන්නේ රණවිරුවන්ට නොසලකන ප්‍රශ්නයක්ද? මේගොල්ලෝ බබ්බුද නැතිනම් අපිව බබ්බු කරන්න හදනවද? (අ)
තිලක් ඩුබායි මහතා හැමදාම රාජපක්ෂලාට විරුද්ධව කියන්නෙම කෝටි ගණන් ගහපු අය කියලා. නමුත් අද වෙනකම් කවුරුවත් ඒවා හරියට ඔප්පු කරලා නැහැ. එතකොට මේ අය බලයට ආපු ගමන් ගහපු මහා බැංකු මුදල් මංකොල්ලය ගැන මොනවද කියන්නේ. (කෞ)
"මහ පෙත්සමට මල්ලී අත්සන් කරයි : අයියා බලා සිටියි" වෙන මොනවා කරන්නද ඉතින් කරපු දේවලින් බේරෙන්න නම්! (අ)
රණවිරුවන්ට නියම නායකත්වය දුන්නේ ගෝට කියල අමුතූ වෙන් කියන්න ඔන නැහැ. රණවිරුවෝ පාවල දුන්නේ පොන්සේකා කියල හැ මෝම දන්නවා. (කෞ)
සාගර, ඔයාගේ දැනුමේ තරම ඔයා පළකර ඇති අදහසින්ම තේරුම් ගන්න පුළුවන්. කිසිම රටක් හොරෙකුට මිනීමරුවෙකුට ආරක්ෂාව දෙන්නේ නැහැ. ඔවුන්ව පරීක්ෂණ සඳහා අදාළ රටට බාරදෙනවා. අවශ්‍ය නම් වෙන රටක සැඟවී සිටිය හැකියි. (නි)
දී කිරට බළල්ලුත් සාක්කි , රණවිරුවෝ කියන සැබෑම රණවිරුවෝ බය වෙන්න ඕන නැහැ , රණමරුවෝ තම බය වෙන්න ඕන , කොහොමටත් දැන් ඔය අස්සන් කරන උදවිය අවලංගු කාසි වගේ (අ)
ජයවේවා මහින්ද මැතිඳුනි! (නි)
මට නම් දමන්න කමෙන්ට් එකක් ඉතිරිවෙලා නැහැ මෙතන.එත් මට කියයුතුම දෙයක් තියෙනවා "දැන්වත් මර නින්දෙන් නගිටපියව්" කියල තමයි.(කෞ)
ලලිත් සිල්වා, ඔබගේ දැනුමේ හැටියට සුදු කොඩි කතාව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙනවද? ඔයා එම කතාව දන්නේ කොහොමද? (නි)
තිලක්-ඩුබායි නමින් නොනිදා ලියන කෙනාගේ පවුලේ උදවිය 1990 ගණන්වල එජාප ආණ්ඩුවෙන් කල ගසාකෑම්, කල අපරාධ,ලබාගත් අසාධාරණ උසස්වීම් දන්නෝ දනිති.ඒ ගැන මුහුණු පොතෙන් ලගදීම හෙළි කරන්නට මා සුදානම්.මෙයා මේ බෙරිහන් දෙන්නේ ඒවාගේ රස මතක ඇති නිසා. එකල ලබාගත් සුරසැප වෙනුවෙන්. අවසානයේ රැකියාව අහිමිව රටෙන් පලාගොස් දැන් සිංහ නාද පවත්වයි. සිංහ හම පොරවාගත් වුර්ඛයා ලගදීම හෙළිවූ විට නිහඩවෙනු ඇති.(කෞ)
ඕකත් හරියට `ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ`වැඩක් (අ)
ඉන්දික: දැන් ඉන්න අය කරන හැම ක්‍රියාවකින්ම පෙනෙන්නේ සුළු ජාතීන්ට ආයාචනය කිරීම බව ඔයාට වැටහෙන්නේ නැද්ද ? (කෞ)
ශාන්ගේ අදහසට මමත් එකඟයි. (නි)
සජිත් ඔබ කියන අතීතය ඩුබායි වල ඉන්න සමහරු මිනිස්සු දන්නේ නැහැ. (ර)
නිමල් ලලිත්, ඔයාලා වගේ හිතන අය දියුණු උසස් සමාජයට ලැජ්ජාවක්. යුද්ධය වෙනුවෙන් අවිය අතට ගත්තහම මරපන් නැත්නම් මැරියන් යන න්‍යාය අනුගමනය කළයුතු බව මොන පොතේද සටහන්ව තියෙන්නේ? (නි)
සරත් පොන්සේකා රණවිරුවෙක් නොවේද (අ)
සමාවෙන්න ඕන දැන් නැති නිසයි අහන්නේ ගොඩක් පිරිසක් අදහස් පල කර තිබුණත් මේ සම්බඳව කිසිම කෙනෙක් ලියලත් නෑ. මෙතන අයියයි මල්ලියි ඉදගෙන ඉන්න තැන ෆොටෝ එකේ ඉන්න අනෙක් කෙනා කවුද.? පක්ෂෙ හිටපු කෙනෙක්ද ? අලුත් පක්ෂෙ කෙනෙක්ද ? අලුත් පක්ෂෙ නම් මේ අයව ගන්නවද ? ෆොටෝ එක දැකල මට ඇති වුණ ප්‍රස්නේ ඒ . (අ)
ජාතියක් වෙනුවෙන් විනාශයට නොයා යුතු යම් දහමක් වෙත් නම් ඒ බුද්ධාගමයි. සතා සීපාවාගේ පැවැත්ම පවා එක සේ සලකන බුදු දහමේ සාරයම, ජන්ම වර්ගීකරණයක් වන ජාතිය ප‍්‍රතික්ෂේප කිරීමකි. ජාතිය ප‍්‍රතික්ෂේප කරන ආගමක්, ජාතිවාදය ඊටත් වඩා ප‍්‍රතික්ෂේප කරයි. එසේ තිබියදීත්, දේශපාලනය වෙනුවෙන් ජාතියක්, ආගමක් විනාශ මුඛයට ඇද දමමින් සිටින රටක් ඇත්නම් ඒ ශ‍්‍රී ලංකාවයි.රටක් වටිනා රණවිරුවන්ගේ නාමයෙන් රටක වැඩි පිරිසක් ප්‍රතික්ෂේප කර පන්න දැමු දේශපාලන නොකරන මෙන් අපි ඔබලාගෙන් ඉල්ලා සිටිමු (අ)
අසාද්, රණවිරුවන් නිසා තමයි ඔයත් ආරක්ෂා වුණේ. දැන් අමතකද? (අ)
අය්යයි මල්ලිගේයි පෙත්සම අත්සන් කරන්න බල්ලොත් ආවද ?නියමයි . කවුද හිතුවේ මෙහෙම වෙයි කියල නේද ?.තව ඉවර නැහැ .ඉස්සරහට පෙත්සම් අත්සන් කර කර තමයි ඉන්න වෙන්නේ .එදාට ඔය පෙත්සම් මේසය දෙහිවල සත්තු වත්ත ඉස්සරහින් තියා ගන්න .එතකොට එකේ ඇතුලේ ඉන්න අයගෙනුත් අත්සනක් ගන්න පුළුවන් වේවි . (අ)
ඉස්සරත් අයියා බලා ඉන්නකොට තමයි මල්ලිලා සේරම සෙල්ලම් දැම්මේ ඉතින් මේකත් ඒවායින් එකක් තමයි. (අ)
ඔබතුමාලා යුද්දය දිනවා දුන්නා. මම එයින් අදහස් කොරන්නේ නැහැ ඔබ දූෂණ වලින් තොර සන්තු වරයෙක් කියල. (කෞ)
අපට නිදහස දුන්න ඔවුන් රැක ගැනීම අපේ යුතුකමක් ඇත්තටම සමහරක් අය රටේ යුද්ධයක් තිබුණද කියන මතක නෑ. කුණු මාලු කෑල්ලක් අහක දනවා (අ)
ජනතාවගේ සල්ලි කොල්ල කාලා දැන් සුදනෝ වෙන්න හදන හොර තක්කඩි රැල වහාම නීතිය ඉදිරියට ගෙන එනු කියලා අපිත් පෙත්සමක් අත්සන් කල යුතුයි. (අ)
මහත්වරුනේ රටේ නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වියයුතුයි. පොලිස් නිලධාරීන්ට, හමුදා නිලධාරීන්ට, විපක්ෂ දේශපාලකයන්ට පමණක් නොව ආණ්ඩු පක්ෂ දේශපාලකයන්ටද වරදක් කර ඇත්නම් දඬුවම් දියයුතුයි. කිසිම කෙනෙකු කිසිම හේතුවක් නිසා නීතියට ඉහළින් නොසිටිය යුතුයි (අ)
උපාලි,ඔබ කවුරුත් දන්නා සත්‍ය ලියල තිබෙනවා. (අ)
උපාලි ඔය කොයි රණවිරුවත් හිටියා මුල්ලකට වෙලා කවුරු වත් ගණන් ගත්තේ නැහැ , ගොඨාභය ඇවිත් තමා සරත් ෆොන්සේකා ගත්තේ ( බල්ලන ශ්‍රී ලංකා ආමි වෙබ් එක කියවලා ) , සරත් ෆොන්සේකා රණවිරුවෙක් නොවේ , රණ විරු සෙන්පතියෙක් හැබැයි පරාජිත් දේශපාලකයන්ගේ ලනු කාල , පාවා දෙන්නන්ගේ ගොඩට වැටුනා . සුදු කොඩි කතාව කියලා තමා නායකත්වය දුන් යුද්ද හමුදාව පාවා දුන්නේ එක නිසා තමයි බල තන්හාව ඉහට ගහලා . නමුත් රට වෙනුවෙන් ඇස මස් ලේ දුන් රණ විරුවෝ බොරු චෝදනා දාගෙන් දැන් ගෙඩියට ගෙන යන ඒවාට උල්පන්දම් දෙන්න එපා මොන නමකින් අදහස් දැම්මත් , සමහරු කෙලින්ම ලස්සන සිංහල නම් වලින් තස්තවාදය වෙනුවෙන් පෙනී සිටිනවා (අ)
ඔය හොරා කෑවා හොරා කෑවා කියන උදවිය හොර කෑ ප්‍රමාණය ඉල්ලාගෙන රට බේරාදුන්නට ගානක් ගෙවලා නිදහස් වෙන්න (නි)
සමහරුන්ට කොරහේ කිඹුල්ලෝ පෙන්නලා / දැකල හොඳට පුරුදුයිනේ . සැබෑ රණවිරුවන්ට සැමදා ජනතාව ආදරය, ගෞරවය සහ වගකීම තියෙනවා, නමුත් වැරිදි කරුවන්ට නිසි දඬුවම් ලැබෙන එක කාටවත් වලක් වන්න පුලුවන්ද? (අ)
අපිත් එනවා ඔය වැඩේට උදවු කරන්න (නි)
රණවිරුවෝ රකින්න කවුරුවත් කලබල වෙන්න ඕනෑ නැහැ. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතා රණවිරුවෝ ගැන බලාගනිවී. (නි)
සරත් ෆොන්සේකා යනු යුද විරුවකි , මේ යුද ජයග්‍රහණයේ අංක 3 , නමුත් එතුමා පසු කාලය මේ රට බෙදන්න උත්සහ කරන කල්ලියට වැටුන බව දන්නෝ දනිති , ඒ වගේම එතුමා ගේ සුදු කොඩි කතාව නිසා අපි අදත් හිර වෙලා . එකනැලියගොඩ නම් කියන්න ඕනේ නැහැ , යුද හමුදාව රසායනික අවි පාවිච්චි කළා කියා මුළු ලෝකෙටම අපේ හමුදාව බොරු කියා පාවා දුන්න , සන්ද්‍යා කියන කාන්තාව එය සතයක් බව යු ටුබ් එකේ කියපු කතාව අදත් මේ දැනුත් බලන්න පුළුවන් . ශ්‍රී ලංකා හමුදාව බිත්තියට ම හිර කළා . මේවා නොදන්නා උදවිය හොදින් සොයා බලා අදහස් දාන්න (අ)
රණවිරුවන් අත්අඩංගුවට ගන්නවා කියලා ජනතාව අතර යම්කිසි ජාතිවාදී හැඟීමක් උත්සන්න කිරීමේ ක‍්‍රියාදාමයක් මේ වනවිට ඇතිවී තිබෙනවා. එහි ඒකායන පරමාර්ථය වෙන්නේ එක්නැලිගොඩ සම්බන්ධයෙන් විධිමත් ආකාරයෙන් සිදුකරගෙන යන පරීක්ෂණ කඩාකප්පල් කරමින් යටපත් කිරීමයි. රණවිරුවන් නිරායුධ අහිංසක පුරවැසියන් මරන්නේ නැහැ. එවැනි අපරාධ කරන අයව රණවිරුවන් ලෙසට හඳුන්වනවා නම් ජාතියක් හැටියට අපි කම්පා විය යුතුයි.මේ ඝාතනය සඳහා අණ දුන් පුද්ගලයා කවුද කියලා හමුදා බුද්ධි අංශයට මේ වනවිට අනාවරණය වී තිබෙනවා. මේ පුද්ගලයාව ආරක්ෂා කිරීමේ සාපරාධී ප‍්‍රයත්නයක් රට තුළ ක‍්‍රියාත්මක වෙනවා. එහි ඉතාම සෝචනීය තත්ත්වය වෙන්නේ ප‍්‍රාණඝාතයෙන් වළකින්න කියලා මිනිසුන්ට උදේ හවා බණ දේශනා කරන භික්ෂූන් වහන්සේලා මිනීමරුවන් ආරක්ෂා කරන්නට පෙරමුණ ගෙන තිබීමයි. එය ඉතාම අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. ශීලාචාර රටක් කරා ගමන් කරනවා නම් නීතියේ ආධිපත්‍යය තහවුරු වෙන්නට ඕනෑ. සෑම මනුෂ්‍යයකුටම අවශ්‍ය කරන ජිවත්වීමේ නිදහස තහවුරු වෙන්නට ඕනෑ. මේ වගේ ක‍්‍රියාදාමයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න එපා කියලා මතයක් ගොඩනඟනවා නම් එය අවාසනාවන්ත තත්ත්වයක්. (අ)
රණවිරුවන් රැක ගැනීම ත්‍රස්තවාදය පිටුදකින සියලු දෙනාගේ යුතුකමයි.එත් ඔවුන් පිට දමා දේශපාලනය කිරීම ඉතාම පහත් ක්‍රියාවකි (අ)
උපාලි, ඔයා කොච්චර මෝඩද කියල හිතල බලන්න. මල්ලි ආරක්ෂක ලේකම් , නිකම්ම නෙමෙයි උසස් හමුදා නිලධාරියෙක් ලෙස උතුරේ සටන් බිමේ හිටපු කෙනෙක් වෙනවයි කියන එක මේ රටේ වාසනාවට වෙච්ච දෙයක්. මතකද අර එකෙක් ඒ කාලේ අධ්‍යක්ෂක ලේකම් වෙලා හිටිය තමිල් සෙල්වම්ට මචන් කියා කියා.(බ)
යෝශිට අත්අඩංගුවට ගත්තට පස්සෙ ද එතොකොට සියලු දෙන රණවිරුවෝ වුණේ. 2009 මේ කට්ටිය නෙමේද අත්සන් කලේ ජිනීවා සමුළුවේ පරීක්ෂණ කරන්න කියල. මොකද මේ අත්සන් අවුරුද්දකට පෙර නොකළේ . රහස පුතාව කෙසේ හෝ ගැලව ගනිමි මුලික අරමුණ. නැතිව කිසිම දෙයක් නොවේ, අපේ ජනතාව ඕනෑම දෙයකට අත්සන් ගහනවා. මොකද එක විලාසිතාවක් වෙලා.සටන මෙහෙයපු සරත් ෆොන්සේකාව ඇතුලට දැම්මේ රණ විරුවෙන් නොවෙන නිසාද.මේවා හොඳයි කොන්ඩේ බැඳපු චීනුන්ට. කල දුටු තැන වල ඉහගන්නෝ .(අ)
රණවිරුවන්ට සලකන හැටි ඔක්කොටම වඩා හොඳින් දන්නේ ෆීල්ඩ් මාර්ෂල් තුමයි. ඒ නිසා අහක ඉන්න අය, යුද මුදල් අවභාවිතා කළා කියලා චෝදනා ඇති අය, ගිරිතලේ නිලධාරින් ලවා අපරාධ කළා යැයි චෝදනා ලබා ඔවුනුත් පවුල් පිටින් ඒවාට ගාවාගත් අය පැත්තකට වෙලා හිටියනම් හොඳයි සිතාසිය වරෙන්තුව එන තුරු. (බ)
මහින්දට බනින ගොඩක් අයගේ පවුල්වල කිසිම කෙනෙක් ත්‍රිවිධ හමුදාවට සම්බන්ධවෙලා හිටියේ නැහැ. රටක් ගැන ජාතියක් ගැන කැක්කුමක් නැති තමුන් ගැනම විතරක් හිතන අතපය හතර රැකගෙන ඇඳවල් යට හිටපු අය ගැන අපි දන්නවා. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. අඩුපාඩු හොයනවා. එක්කෝ පළිගන්නවා. රටකට මොකටද මෙහෙම අය? (නි)
අපි සන්තෝෂෙන් ඉන්නේ - දුක ශෝකය නැහැ දන්නේ - අයියා මල්ලි වාගේ අයියා මල්ලි (නි)
සැබෑ රණවිරුවව අැදගෙන ගිහින් හිරකරපු මේ කට්ටිය කොහොමද රණවිරුවන් රැකගන්නේ, මේවා කරන්න මතක් වුණේ පුතා හිරේ ගියාට පසුව නේද. (බ)
රණවිරුවන් කියන්නෙ හරියට යුද්දෙ කරපු අය.. මිනිස්සු උස්සගෙන ගිහින් මරපු අයට ඉතින් දෙවි පිහිට තමයි..අනික කොහෙද තියෙන්නෙ අපේ රණවිරුවන්ට කේස් දානවා කියලා..ඈයි මේ බොරු ෂෝ දාන්නෙ..? (බ)
සියලුම ලාංකිකයින් අද නිදහසේ සිටින්නේ රණ විරුවන්ට පින් සිද්ධ වෙන්නයි . (හේ)
කවුද හිතුවේ මේ තත්ත්වයට වැටෙයි කියලා.(හේ)
අරුම පුදුම වැඩ.(හේ)
මෙහෙම ගියොත් ඉදිරියේදී බිහිවෙන කිසිම නායකයෙක් රටට වැඩක් කරන එකක් නැහැ. කවුද කැමති කට කැඩිච්ච කතා අහන්න. (නි)
රණවිරුවන් රැක ගැනීම ත්‍රස්තවාදය පිටුදකින සියලු දෙනාගේ යුතුකමයි, මේ මුවාවෙන් දේසපාලන වාසි පතා පමණක් ක්‍රියාකිරීම වැරදි. (අ)
බල්ලෙක් අයියා සහ මල්ලිගේ කකුල් දෙක ගාවට වෙලා ඉන්නේ , ඔතන ඉන්න මිනිසුන්ට වඩා බල්ලා ඔවුන්ට හිතෙති නිසා වන්න ඕනේ (අ)
රණවිරුවන් ආරක්ෂා කරන්න කව්රුවත් පෙත්සන් ගහනකන් බලා ඉන්න උවමනාවක් නැහැ . සියලුම ශ්‍රී ලාංකිකයින් රණවිරුවන්ව ආරක්ෂා කරනවා . මේ ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ මේගොල්ලන්ගේ උවමනාවට අපරාධ කරපු අපරාධකාරයින්වයි . (අ)
දශ ලක්ෂයේ පෙත්සමත් අර පොල් ලක්ෂයේ වැඩේ වගේ නරක් කරගන්න එපා. (අ)
නීතියෙන් බේරෙන්න මොන ගැලවිජ්ජාවල් කළත්, කළ අපරාධ හා සොරකම්, මහාපරිමාණ වංචා දුෂණයන්ට කවදා හෝ දඬුවම් ලැබිය යුතුමයි. මේ සඳහා යුක්තිගරුක මිනිසුන් ඒකාරාශී විය යුතුයි. (නි)
දැන් රණවිරුවන්ට මොනද අනේ වෙන්න යන්නේ ? පැහැදිලි නැහැනේ. හැබැයි ඉතින් මේ පස්සේ ඉන්න අය ඔක්කොම එෆ් සී අයි ඩී යට යන්න ඉන්න කට්ටිය නේද. එෆ් සී අයි ඩී යට යාමයි රණවිරුවන් රැකිල්ලයි එකට සම්බන්ද වෙන්නේ කොහොමද? අපිට කියල දෙන්නකෝ (අ)
මෙයාල රණවිරුවන් සුරකිමේ මුවාවෙන් එයාල සුරකෙන්නද කොහෙද හදන්නේ, ෆොන්සේකා මහතා හිරේ දාන කොට කොහෙද දන්නේ නැහැ හිටියේ.රණවිරුවන් ඉදිරියට දාල බලය ගන්න නටන තවත් සන්නියක් තමයි. (අ)
රණවිරුවෝ කියන්නේ රට බේරාගන්න සැබෑවටම උරදුන් අපේ දරුවන් මිසක් අපරාධකාරයන් නොවෙයි. සැබෑ රණවිරුවෙකු වූ සරත් ෆොන්සේකාට මේ අයියලා මල්ලිලා සළකපු හැටි ගැන අපි නොදන්නවාද? මේ ගොල්ලෝ කරන වැඩේ මොකක්ද කියලා හරියටම පෙන්වාදෙන 6 වැනි පින්තූරය ගත් ඡායාරූප ශිල්පියාට මගේ ප්‍රණාමය! එක කෙනෙක් නිදි. එක් කෙනෙක් දුරකතනයේ. "අනිත් එක්කෙනා" හිතනවා ඇති එයාට අපහාස කරනවා කියලා. (නි)
රවිරුවෝ නම් බයවෙලා නැහැ, හැබැයි යුද්දේ කිය කිය සුද්දෙ දාපු අය මොකද මේ තරම් මේ ගැන සැලකිලිමත් වෙන්නේ. (අ)
මෙහෙ සමහරුන්ගේ අදහස් දුටුවාම මට කියන්න තියෙන්නේ ,අපේ අද වෙනුවෙන්, ජිවිත් ඇස් ,ඉස් මස්,ලේ පුජා කල රණවිරුවනි දෙසපාලනයට ගැතිව අදහස් දක්වන අයට පමණක් නොව ඔබලාව සදකල් මතක නොකරන, වචනයකින් හෝ ගෞරය දක්වන අපටද සමාවන්න යනුවෙනි, යුද්දය වෙනුවෙන් අවිය අතට ගත්තාම මරපන් නැත්නම් මැරියන් යන න්‍යාය අනුගමනය කල යුතු බව සමහර යුද්දය ගැන නොදන්නා අමනයන් දන්නේ නැත. (අ)
ත්‍රිවිධ හමුදාවල හිටපු අයත් දැනට ඉන්න අයත් ඉදිරි කාලයේ බැඳෙන අයත් ඔක්කොම රණ විරුවන් ලෙස සලකා ඔවුන් මොන අපරාධ කලත් ඒවාගෙන් නිදහස් කල යුතුයි කියලාද කියන්නේ? (අ)
මේගොල්ලෝ හැමදාමත් කලේ කාලෙන් කාලෙට කගේ හරි කරපිටින් උඩට ආපු එකනේ , (හේ)
ප්‍රනාන්දු පැරිස්, ඔබ අදහස් කරන දේ පැහැදිලි නැහැනෙ. ඔයාට දෙන්න තිබෙන කෙටි පිළිතුර නම් මම පොල් කටුවක් තුළ නෙමෙයි මෙපමණ කලක් ජීවත්වුණේ කියන එකයි. මම හිතෙනවා ඔබ එම පිළිතුරෙන් සැහීමකට පත්වෙයි කියලා (නි)
හොඳ ප්‍රවණතාවයක් (නි)
ජෝති, ඔයාලා රණවිරුවන් කාගෙන් බේරාගන්නද ඔය දඟලන්නේ? එක පාරක් මහින්දව විදුලි පුටුවෙන් බේරාගන්න ඕනෑ කියලත් ඔය වගේම දැඟලුවා නේද? දැන් ඒ විදුලි පුටුව කෝ? (නි)
අනගාරික ධර්මපාලතුමාගේත් අවසන් ඉල්ලීම වූයේ මිනියවත් ලංකාවට ගෙන යන්න එපා කියලා. එච්චරම හොඳ ජාතියක් මෙහේ ජීවත් වන නිසා වෙන්න ඇති. කොච්චර සල්ලි තිබුණත් උතුරෙන් ඉඩම් කැබැල්ලක් අපට මිලදී ගත හැකිද කියා සොයා බලන්න. උතුරු පළාතට වෙනම ඉඩම් නීතියක් ඇති බව ඔබලා දන්නවාද දන්නේ නැහැ. ඒවයි වෙනස් කළ යුත්තේ. (අ)
රට බේරාගත් සෑම රණවිරුවෙකුටම මුළු ජාතියම ණය ගැතියි.රණවිරුවා කියා රටක නීතියට පිටින් ගොස් හැම අලුගුත්තේරු වැඩ කිරීමට එය බලපත්‍රයක් නොවෙයි .(හේ)
චන්දන ඕස්ට්‍රේලියා, හොඳ ප්‍රශ්නයක්. දැන් ඔය ඩුබායි වලට රට සල්ලි කෝටි ගණන්, රත්තරන් ඔරලෝසු, හෙලිකොප්ටර්, සුදු අශ්වයෝ, ලැම්බෝගිනි කාර් ඔප්පු කළාද? ඊයේ පෙරේදා ඒ. එස්. පී. ලියනගේගේ නාන තටාකයේ වැලි අරන් දැම්මා. තාජුඩීන්ගේ මිනිය ගොඩ දැම්මා දෙස් විදෙස් මාධ්‍ය ඉදිරියේ. මොකද වුණේ? (නි).
හරිහමන් නීතියක් රීතියක් තිබෙන රටක නම් මේ බහුතරය ඉන්න ඕනෑ "මහගෙදර".(හේ)
තවම බලය ගැන අදහස ඇතෑරිලා නෑ වගේ.(හේ)
සල්ගාදු මොකද දන්නවද බල්ලා ඉන්නේ? ලංකාවේ සමහර මිනිස්සුන්ට වඩා කල ගුණ දන්නා නිසා, ඒ කාලේ බෝම්බ පුපුරනකොට වලිගෙ කකුල් දෙක අස්සේ ගහගෙන දුවපු සමහර මිනිස්සු දැන් රාජපක්ෂ නමට ගරහනවා. පාරක් පාරක් ගානේ සිංහල කොල්ලන්ව මරපු ආණ්ඩුවේ අය දැන් අගමැති වෙලා සුද්දන්වන්ත වෙලා. අනේ රටකට ගිය කලක් (අ)
සංහිඳියාවක් ඇතිවෙනවාට බහුතරයක් විරුද්ධ නැහැ. (නි)
ඔබතුමන්ලා රණවිරුවන් බේරා ගැනීමට ගන්නා උත්සාහයට අපගේ ප්‍රණාමය මෙහි අදහස් දාන සමහර කුහක මිනිසුන්ට මෙතුමන්ලා අපේරට අවරුදු 30 ක යුද්දයකින් අපේ රට බේරාගත් අය කියා පිලිගන්නවත් නිහතමානී නැත (අ)
නිල්මිණි, කළගුණ අපිත් දන්නවා ..එක හින්ද තමයි එම් ආර් 85 න් ලක්ෂයක් ඡන්ද ගත්තේ .. එත් ජනවරම රජ වෙන්න දුන්න වරමක් කියල හිතාගෙන ..මහරජ සහ යුවරජවරුත්, රාජකුමාර වරුත් රටේ මහජන මුදල් අපහරණය කලේ .. ඒක හින්ද තමයි අද මෙයාලට මෙහෙම වුණේ. (අ)
මොනවා කිව්වත් කෙරුවත්. මේ රට ලංකාව කවදාවත් අපිට ඕන විදියට මේ රටේ දේවල් වෙන්නේ නැහැ බලන්න (අ)
රාජපක්ෂවරුන්ගේ ඉදිරි පැවැත්මට බලය අවශ්‍යයි.දැනට කෙරීගෙන යන පරීක්ෂණ වලට මුහුණ දෙන්න බලය අවශ්‍යයි. (ම)
කොටි ත්‍රස්තවාදය බිහිවන්නේ කවදාද? එය පෝෂණය වුණේ කවදාද? එය අවසාන කළේ කවදාද? සැබෑ සංහිඳියාව තේරුම්ගන්නේ කවදාද ? (බ)
ලලිත් සිල්වා, ඔබ සුදු කොඩි කතාවක් ගැන කියලා තිබුන නිසයි මම ඇසුවේ ඔබගේ දැනුමේ හැටියට සුදු කොඩි කතාව කියන්නේ මොකක්ද කියලා? ඔබ මගෙන් ඔය ප්‍රශ්න අහන්නේ මොකද කියලා තේරෙන්නේ නැහැ. ඕවාට පිළිතුරු ඔයා මගේ ඉහළ අදහස් කියෙවුවා නම් තේරෙන්න ඕනෑ (නි)
චන්දන - ඕස්ට්‍රේලියා, රට බේරාගත් රණවරුවන් බිල්ලට දී කොටි ත්‍රස්තයන් එළියට දාන අයගෙන් රට බේරාගැනීමට. (නි)
යහපාලනය තිබෙනතුරු රණවිරුවන්ගේ ආරක්ෂාව සහතිකයි (නි)
රණවිරුවන් යුධ අධිකරණයට ගෙනියනවා කියලා කවුද කිව්වේ? මේවා ජනතාව මුලා කරන්න, නැවත ජාතිවාදය අවුස්සන්න, ඒ මතින් බලයට එන්න කරන වැඩ. 62 ලක්ෂයක් ජනතාව ඔය කතා අනුමත නොකරන බව විශ්වාසයි. (නි)
මහින්ද තමා අපේ රජතුමා (බ)
අලුත් කලාවක් ඉගනගත්ත මන් රට අල්ලන්න ඕන නම් . නිකම් ඉන්න එපා කොහොම කොහොම හරි ගහපන් ගහපන් පෙස්සං .(බ)
මෙහි පළවී ඇති ප්‍රතිචාර අතරින් "උපුල්" මහතාගේ ප්‍රකාශය ඉතා වැදගත් කොට සැළකිය හැකිය. දේශපාලන හිඟන්නන් පසුපස නොයන බුද්ධිමත් ජනතාව ඒ මහතාගේ අදහස අගය කරනවා ඇත. (බ)
වර්තමානයේ රණවිරුවෝ ගැන කතාකරන අයගේ නියම ස්වරූපය දැක ගැනීමට මෙසේ අපේ අදහස් දක්වමු. අතීතයේ පළාත් සභා මැතිවරණයකදී ක්‍රියාන්විතයට සහභාගි වුණ ඇත්තම රණවිරුවන් ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරය සඳහා රණවිරු යන විශේෂණ පදය නමට මුලින් යොදන ලදී. එම රණවිරුවන් මුදල් වියදම් නොකර ජනප්‍රිය දේශපාලන චරිත වලට වඩා මනාප ගන්නා ලදී. එයින් පසුව පැවති මැතිවරණ වලට රණවිරු විශේෂණ පදය පාවිච්චි කිරීම තහනම් කරන ලදී. අදද රණවිරුවන්ට මුවාවී මේ කරන්නේ තමුන්ට නැතිවුණ යසස් නැවත ලබාගැනීමේ කූට උපක්‍රමයකි. ආබාධිත රණවිරුවන්ට ඔවුන්ගේ විශ්‍රාම වැටුප සකසා ගැනීමට අධිකරණ වල රස්තියාදුවීමට සිදු වූ අවස්ථා බොහෝය (නි)
ප්‍රභාකරනුත් කිවුවනේ සිංහලයින්ට මතක සතියයි දෙකයි කියලා (නි)
අපේ අත්සනත් දෙන්න පුළුවන්.(හේ)
රණවිරු පිහිටෙන් තමනුත් රැකෙන්නද හදන්නේ? (නි)
ඔබ තුමන්ලා නිසා තමයි අපි අද මේ විදියට ඉන්නේ.(හේ)
ඉන්ද්‍රජීත් කුමාර ඔය විදියට මේ අයට අපහස කිරීම විශාල ගුණමකු කමක් ඔයාලා අද නිදහසේ ජීවත් වෙන්නේ මෙයා නිසා කියලා අමතක කරන්න හොඳ නැහැ (ම)
ප්‍රධාන රණවිරුවා හිරේ දානකොට මෙයාලා කොහෙද හිටියේ? (නි)
අභයාරාමයට උසාවියෙන් තහනමක් වැටුනට පස්සේ .. අලුත් පන්සලක් හොයාගෙන තියෙන්නේ...(බ)
ඇත්තටම සත්‍යපාල, මේ මිනිස්සුන්ට නම් අතීතය අමතකවෙලා වගේ. මම මගේ ගමේ ගෙදරට යන පාරේ කනත්තක් තියනවා . මට මතක හැටියට එතැන හමුදා සෙබළුන්ගේ සොහොන් කොත් ගනනාවක් තියනවා ගමේ දරුවන්ගේ. ඒවා දකින මවු පියන්ට කිච්චර දුකක් ඇත්ද ? මගේ ලගම ග්තියෙකුත් මලා. අදටත් ඒ අම්ම ඉන්නේ දුකෙන් . හැබැයි 2009 මයි වලින් පස්සේ ඒවා හැදුවේ නැහැ. එක අමතක වෙලා තමයි ඔය දුෂ්ට කතා ලියන්නේ. (බ)
බමුණු ආරච්චි රට බේරාගත් රණවරුවන් බිල්ලට දෙන්න කාටද? දන්නේ නැති හින්ද අහන්නේ? නිධානයක් ගන්නද? නැත්නම් කලින් මහින්දව විදුලි පුටුවෙන් බේර ගත්ත වගේ බේර ගන්නද ? (බ)
බමුණු ආරච්චි, මහින්දව විදුලි පුටුවෙන් බේරගන්න ඕන නැත්ද දැන්? (බ)
යුද්දය ඉවර වෙලා මම ලංකාවට ඇවිත් කොළඹ යනකොට මෙන්න රණවිරුවන් කානු සුද්ද කරනවා.තව පැත්තක බේරේ වැව අසල බස් නැවතුම් පොළ ළඟ කරන ඉදි කිරීමට මෙන්න කානු කපනවා,තවත් තැනක එළවලු කිරනවා......රටේ හතර දික් බාගයේ ඉදි කළ රජ මන්දිර වල මකුළු දැල් කඩනවා,තණකොළ කපනවා .ඔය ෆොටෝ එකේ ඉන්න දෙපලට එදා මේ රණවිරුවන් "පිචන් රැකියා" වලට යොදවන්න ලැජ්ජාවක් කියල දෙයක් තිබුනේ නැද්ද? (බ)
යුද්දය දිනපු ජාතික විරයව හිරේ දාල සෙරෙප්පු දෙකක් නැතිව,ජම්පරයක් අන්දවල,පිළිණු වුන බත් බෙලෙක් පිගානේ කන්න සලස් වනකොට ඔය "රණවිරු" ආදරේ කොහෙද තිබුනේ?ඒ අසාධාරණය වෙනුවෙන් ඉදිරියට ආපු මාදුරුවවේ සෝභිත හාමුදුරුවන් සංවිධානය කරපු අධිෂ්ථාන පුජාවට යද්දී එය කඩා කාප්පල් කරන්න උන් වහන්සේව රිය අනතුරක් කළා.මේවා සත්‍ය සිදු වීම්.අපි මැරිලා ඉපදුනේ නැහැ. (බ)