රිය අනතුරකදී යකඩ කූරු කිහිපයක් බඩේ ඇනී සිටි අයිය මලෝ දෙදෙනකු ගේ ජීවිතය බේරා ගැනීමට දියතලාව සහ හල්දුම්මුල්ල රෝහල්වල වෛද්‍යවරු සමත් වූහ.
සහෝදරයන් දෙදෙනාම බසයේ තිබූ එකම යකඩ කූරුවල ඇමිණී සිටි බව හපුතලේ පොලිසිය කියයි.
කාරයක් හා බසයක් හල්දුම්මුල්ල බත්ගොඩදී අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ තිදෙනා අතර බණ්ඩාරවෙල හල්පේ ජීවන් රවීන්ද්‍ර (28) සහ නුවන් ලක්මාල් (22) වූහ.
අනතුර සැලවූ වහාම එහි පැමිණි හල්දුම්මුල්ල රෝහලේ දොස්තර එම්.එරන්දි මූලික ප්‍රතිකාර කළාය. උදරයේ ඇමිණී තිබූ යකඩ කූරුද සමග දෙදෙනා දියතලාව රෝහලට ගෙනයද්දී වෛද්‍යවරු ඇතුළු සේවකයෝ සැත්කමට සූදානම්ව සිටියහ.
වෛද්‍ය අධිකාරී ඊ.ඒ.එම්.ආර්.අමරකෝන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් එදිරිමුණි ඇතුළු වෛද්‍යවරු සැත්කමට සහාය වූහ.
රවීන්ද්‍ර ගේ උදරය පසාරු කරගෙන තිබූ යකඩ කූරු 4ක් ඉවත් කිරීමට පැයක් පමණ ගතවිය.
දෙදෙනාගේම බඩවැල්වලට 40%ක් පමණ හානි සිදුවී ඇතැයි දැනගන්නට ඇත. බ්‍රහස්පතින්දා පස්වරු 5.30 සිට පසුදා අලුයම 1 දක්වා සැත්කම් සිදුවිය. මෙම දෙදෙනාගේ ජීවිත බේරාගැනීමට හැකිවූයේ නිර්වින්දන වෛද්‍ය පී.එම්.සී.බණ්ඩාරනායක මහත්මිය,ශල්‍ය වෛද්‍ය දර්ශන අමරකෝන් , හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න ද සිල්වා, දියතලාව රෝහලේ සියලුම වෛද්‍යවරුන් හෙද හෙදියන්, හල්දුම්මුල්ල රෝහලේ වෛද්‍යවරු, හපුතලේ පොලිසිය හා ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු සහාය නිසා යැයි රෝහල් අධිකාරී අමරකෝන් මහතා පැවසීය.





![DSCN0075[120151211]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/DSCN0075120151211.jpg)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි වෛද්‍යවරුන් දෙවියන් රැක දෙන්න ඕනේ. ඔවුනට සියලු දෙවි රැකවරණ ලැබෙන්න ඕනේ. ඒ වගේම මුදලට සියල්ල අමතක කරන, තමන් ඉගෙන ගත්තේ රටේ ජනතාවගේ මුදලින් බව අමතක කරන හා වාහන පර්මිට් හා වෙනත් සැප පහසුකම් වෙනුවෙන් "මරා ගෙන මැරෙන්න" දඟලන වෛද්‍යවරුන්ටත් මේ සටහන වැදගත් වෙතයි සිතමි.(හේ)
ඔබ සියලු දෙනාටම මාගේ උත්තමාචාරය. ඔබ සියලුදෙනා ඇති විශිෂ්ඨයි (හේ)
මේ වෙලාවට දොස්තරලා දෙවිවරු වගේ පෙනෙන අයටම තමයි ඒ මිනිස්සු ආත්මාර්ථකාමී විදියට පෙනෙන්නෙත්. තමුන්ට කරනකොට හොඳයි, ඒ මිනිසුන්ට පහසුකම් ලැබෙනකොට නරකයි (නි)
ඇයි මේ කවුරුත් පොලීසියට ස්තූති කරන්නේ නැත්තේ? ඒ අය එතන හිටපු නිසා මේ වැඩේ වෛද්‍යවරුන්ට පහසුවුණා. මමත් එතන හිටියා. (නි)
කාර් පර්මිට් ඉල්ලනකොට නිදහස් අධ්‍යාපනය මතක් කරන අයට ඉගෙනගන්න කරපු වියදම හරියට ප්‍රයෝජනයට ගත්තා නම් එයාලටත් මේ වගේ දේවල් කරන්න තිබුනා. (නි)
හැමදෙයකටම කොළඹ රෝහල් සොයායන අයත් ටිකක් මේ ගැනත් සිතන්න. (නි)
මෙවැනි වෛද්‍යවරුන් දෙවියන් රැකදෙන්න ඕනෑ. ඔවුනට සියලු දෙවි රැකවරණ ලැබෙන්න ඕනැ. ඒ වගේම මුදලට සියල්ල අමතක කරන, තමන් ඉගෙනගත්තේ රටේ ජනතාවගේ මුදලින් බව අමතක කරන හා වාහන පර්මිට් හා වෙනත් සැප පහසුකම් වෙනුවෙන් "මරාගෙන මැරෙන්න" දඟලන වෛද්‍යවරුන්ටත් මේ සටහන වැදගත් වෙතැයි සිතමි (නි)
මේ ඉන්නේ මිහිපිට දෙවිවරුන්ය (නි)
දොස්තරලාට ස්තුතියි මේ ජීවිත බේරාගත්තට! (නි)
හිපොක්‍රටිස්ගේ දිවුරුම හරියටම පිළිපදින දෙවිවරු තවමත් ලංකාවේ ඉන්නවා. ඔබ සැමටම පින්! (නි)
වෛද්‍යවරු නම් දෙවියන්මය (නි)
හැමවෙලාවේම ප්‍රවේශමෙන් රිය පදවන්න (නි)
මෙන්න මෙහෙමයි වැඩ කෙරෙන්න ඕනෑ, ලොව දියුණු රටක වගේ. අහන්නත් සතුටුයි. වෛද්‍යවරු ප්‍රමුඛව සහයවුණ සැමටම පින් වගේම රට ජාතියේ ප්‍රණාමය! (නි)
වෛද්‍යවරුන්ට බැන්න අය දැන් මොකද කියන්නේ? (නි)
සියළු දෙනාට තෙරුවන් සරණයි! (නි)
කාර් පර්මිට් දුන්නට තිබෙන වැරැද්ද මොකද ජනතා සේවය කරන මේ මිනිසුන්ට .. (නි)
නොපෙනෙන දෙවියන්ට වඩා පෙනෙන දෙවියන් කොච්චර වටිනවද කියල හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි.(හේ)
වැඩ වර්ජනය දිනයේ ලෙඩ්ඩු කීදෙනෙක් අසරණවෙන්න ඇද්ද? (නි)
විජේරත්න , ඔය සැත්කම කළ වෛද්‍යවරුන් වර්ජනයේ සිටියේ නැහැ කියලා හරියටම දන්නේ කොහොමද? ඒ අයගේ ඉල්ලීම් හරිද වැරදිද කියලා ඔබ නිවැරදිව දැනුවත්ද? නිකන් රැල්ලට මිනිසුන්ට බනින්න එපා. (නි)
ඔබට ස්තූතියි වෛද්‍යතුමනි! (නි)
මේ කටයුත්තට දායකවුණ සැමට පින්! (නි)
ඔබතුමන්ලා ඇතුළු රෝගීන් දෙදෙනාටත් සියලු දෙවි රැකවරණය පතමු (නි)
ලංකාවේ බොහෝ දොස්තරලා මේ වගේ මහන්සි වෙනවා. දවල්, රෑ නොබලා. ඉතින් මේ වගේ අයට පර්මිට් දුන්නට පව් නැහැ. ලංකාවේ ඉන්න දේශපාලුවන්ට කිසි වැඩක් නොකරම සියල්ල දීලා. එහෙම එකේ මේ වගේ උත්තමයන්ට ඉල්ලන දෙයක් දෙන්න ඕනෑ (නි)
තේරුම් ගන්න. අපේ දොස්තර මහත්තුරු වෙනත් රටවලට නොයා තමන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරනවා. එහෙම වැඩකරන විශේෂඥ දොස්තර මහත්වරු නිසයි මෙහෙම අනතුරු වෙලත් මිනිස්සු තමන්ගේ ජීවිතය බේරාගන්නේ. එහෙව් දොස්තර මහත්වරුන්ට වාහන පර්මිට් එකක් විතරක් නෙමෙයි මම නම් කියන්නේ ඊටත් වඩා වැඩි දේවල් දුන්නත් පව් නැහැ කියලයි. (නි)
වෛද්‍යවරුන්ට ස්තූතියි! (නි)
ලෝකය බලාසිටින්නේ මේ වගේ දොස්තරලා දියුණු රටවලට ගන්න. මොවුන්ට හොඳට සළකන්න. (නි)
මෙම සිදුවීම සජීවිලෙස බැලීමට අවස්ථාව තිබෙනවා නව තාක්ෂනය නිසා. .ආරක්ෂිතව කඩිනමින් රෝගීන් දෙදෙනා රෝහල වෙත යැවීමට යුහුසුළු වූ හැම දෙනාටමත්, දෙදෙනාගේම ජීවිත රැකගත් වෛද්‍ය කාර්ය මණ්ඩලයටත් ප්‍රශංසනීය ප්‍රණාමය! (නි)
ශ්‍රී ලංකාවේ සියල්ය්ම පුද්ගලික ලේලන්ඩ් බස් රියදුරන් සදහා මනා විනය නීති හඳුන්වා දියයුත්තේ සුවිශේෂ පාඨමාලාවකින් පමණි. මෙම බස් රියදුරන් සඳහා විශේෂ පාසලක් තිබිය යුතුය. ඉන් පිටවන රියදුරන්ට හැර නිකම්ම නිකන් රියදුරු බරවාහන බලපතක් තිබු පමණින් මෙවැනි අති භයානක බස් පැදවීමට ඉඩ දියයුතු නැත. තවද රියදුරු බලපත්‍රයේ බරවාහන පැදවීමේ ලබා ඇති පළපුරුද්දද සටහන් කළයුතුය. එයට සාපේක්ෂව පමණක් ඒ ඒ රියදුරන් පදවන බස් රථවල, ඔවුනට රථවාහන නීතියක් අනුව සීමාවූ සහ ඔවුනගේ පළපුරුද්ද අනුව සීමාවූ වේගය බස්රථයේ පසුපස සටහන් කළයුතුය. මේ අනුව යන්නේ නම් අපගේ වටිනා ජීවිත රැසක් ඉතිරිවනු ඇත. (නි)
මේ ඉන්දියන් වාහන ගෙන්වීම නවත්වන්න ඕනෑ (නි)
පෙරේරා, නොදන්නා දේවල් කියන්න එපා. කිසිම දොස්තර කෙනෙක් වර්ජනය කියලා අමාරු ලෙඩෙක් නොබලා ඉන්නේ නැහැ. (නි)
දොස්තරලට වාහන පර්මිට් එක සහ තමන්ගේ අනෙකුත් අයිතීන් වෙනුවෙන් සටන් කරන්න සම්පුර්ණ අයිතියක් තිබෙනවා. අපේ සමහර මෝඩ මිනිස්සු ඒවා අල්ලාගෙන දොස්තරලට බොරුවට බැන්නට ඇත්තටම දොස්තරලා කියන්නේ ජීවමාන දෙවිවරු. (නි)
වෛද්‍යවරුන් වාහන පහසුකම් ඉල්ලන්නේ මේ වගේ අවස්ථා වලදී යාමටයි. නැතුව තනිකර පුද්ගලික ප්‍රයෝජනයට නෙමෙයි. (නි)
හොර දේශපාලවන්ට දෙන සහන දොස්තරලාට දෙන්න. කඳුළු එනවා මේක කියවනකොට. පඩි ලක්ෂ 5ක් දුන්නත් කමන් නැහැ දොස්තරලට. (නි)
මේ ඉන්නේ මිහිපිට ඉන්න දෙවිවරු වැනි වෛද්‍යවරු.මේ අයගේ එකම සතුට ජීවිතය ඉල්ලා අයදින අසරණයන්ට පිහිටවිමයි. ජිවිතයක් බේරාගැනීමෙන් මේ උතුම් මිනිසුන් ලබන ලෝකෝත්තර සතුට ප්‍රීතිය, අර සමහර දොස්තරලාට ඩියුටි ෆ්‍රී කාර් පර්මිට් ලැබීමෙන් ලබන තාවකාලික සතුටට වඩා කොයිතරම් ඉහළද? මිහිපිට දෙවිවරුනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා! වාසනාවන්ත අනාගතයකට මගෙනුත් සුබ පැතුම්. (නි)
ඔබයි මිහිපිට දෙවියන් (නි)
හිතවත් මිතුර, අද දින ඔබෙන් ලැබෙන ඇනුම් බැණුම් වලට මා දැන් සූදානම්ය. ඔබ මට කොපමණ වෛර කළද, අපහාස කළද අනාගතයේ යම්කිසි දිනක ඔබ මා මුණගැසුනොත් මා ඔබට ප්‍රතිකාර කිරීමට සැදී පැහැදී සිටින වෛද්‍යවරයා මිස ඔබේ තරහාකාරයකු නොවන බව සළකන්න. (නි)
අද හැම දෙයක්ම මුදලට විකිණෙන සමාජයක ඔබ සැම දෙවිවරුන්ය. ඔබ සියලු දෙනාට දෙවි රැකවරණයි! (නි)
විජේරත්න හරි (නි)
ඔවුන් කර ඇත්තේ ඔවුන්ගේ රාජකාරියයි. ඔවුනට කාර් පාර්මිට් එකක් දුන්නාට වරදක් නොවේ. එය දියයුතුයි. මෝටර් රථයක් නැතුව රාත්‍රියට බස් එකේ එන්නද කියන්නෙ? බස් තියනවද රෑට? (නි)
ලංකාවේ රාජ්‍ය සේවයේ දොස්තරලගෙන් පුද්ගලික සේවය කරන්නේ 30% වඩා අඩුවෙන්. මම ලංකාවේ 1998 - 2011 රජයේ සහ යුද හමුදාවේ සේවය කළ දොස්තර කෙනෙක්. එයින් අවුරුදු 7 ක් උතුර සහ නැගෙනහිර. මට හිමි කාර් පර්මිට් දෙකක් මම නොගත්තේ කාර් ගන්න ණය වෙන්නත් පර්මිට් විකුනන්නත් අකමැති නිසා. (බ)
මේ මිහිපිට දෙවියන්ය (නි)
බස්, ලොරි වැනි වාහන වල බඳෙහි ආරක්ෂාව හා අලංකරනය සඳහා සවිකර ඇති අමතර උපාංග ඉවත් කළයුතු සහ එසේ කිරීමට නීති ගෙන ආ යුතුය. එමගින් අනතුරු වලදී මිනිසුන්ට වන හානි අවම කරගත හැකිය. කාර් , වෑන් වැනි පොඩි වාහන කර්මාන්ත ශාලා වල නිෂ්පාදන තත්වයෙන්ම මහමඟ ධාවනය වනු දැකිය හැක. මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වනු ඇතැයි සිතමි. අනතුරින් තුවාලවූවන්ට ඉක්මන් සුවය පතමි. (නි)
කාර් පර්මිට් ඉල්ලලා දොස්තරලා වැඩවර්ජනයක හිටියා නම් ඔය දවසේ මොකද වෙන්නේ? (නි)
ඔබ සියලු දෙනාටම අපගේ උත්තමාචාරය! (නි)
අපරික්ෂාකාරීව රිය පැදවීම නිසා අනතුරට ලක්වූ මෙම තරුණයන් දෙදෙනාගේ ජීවිතවල වටිනාකම දන්නා, තම සේවාව දේවත්වයෙන් සළකන මෙම වෛද්‍ය මණ්ඩලය ඇතුළු සියලු සේවකයන්ට ජාතියේ ප්‍රණාමය! (නි)
ලංකාවේ සිදුවන අනතුරුවල හැටියට හැමදෙනාටම අනතුරකදී ප්‍රථමාධාර දියයුතු ආකාරය හා කටයුුතු කළයුතු ආකාරය පුහුණු කළයුතුයි. අනතුරක් වුණාම උදවු කරන්න එන අයට අවබෝධයක් නැතිකම නිසා අනතුරට පත්වුණ අය තවත් අනතුරුදායක තත්වයට පත්වෙනවා. මේ ගැන රජය අවධානය යොමු කළයුතුයි. අවම වශයෙන් සෑම නගරයකම වාහන අනතුරු වලදි ප්‍රථමාධාර දීම සදහා කණ්ඩායම් ඇතිකළ යුතුයි (නි)
සැත්කම් විස්කම්... මුළු රටම ඔබට බාරයි දුවේ පුතේ! (නි)
අපේ දොස්තරලා ගැන හරි ආඩම්බරයක් දැනෙනවා (නි)
කීමට වදන් නොමැත! (නි)
වන සිවුපාවුන් මැද දෙවි දේවතාවුන් ඇත කියන්නේ මෙවැනි අවස්ථා වලය. (නි)
මන්ත්‍රීවරුන්ට කාර් පර්මිට් දෙනවට වඩා දොස්තරලට අවුරුදු පහකට වතාවක් කාර් පර්මිට් එකක් දුන්නහම මොකද වෙන්නේ? (නි)
සියලු දෙනාටම දෙවි පිහිටයි! (නි)
මම හැමදාම දැකපු දෙයක් තමයි දොස්තරලා ගැන කියද්දී අපේ බදු මුදල් වලින් ඉගෙනගත්තා කියන්න කවුරුහරි ඉන්නවා. ඇත්තම කියනවා නම් ලංකාවේ ඉන්න හැම මිනිහම ගෙවන බදු මුදල් බැලුවොත් හැමෝම ඉගෙනගත් ගානට වඩා කීප ගුණයක් තම ජීවිත කාලයේ ගෙවලා ඉවරයි. එනිසා අනුන් තමන්ගේ මුදලින් ඉගෙනගත්තා වගේ කතා නොකිය ඉන්නවා නම් හොඳයි. (නි)
වෛද්‍යතුමනි, ස්වභාව ධර්මයාගේ ආශිර්වාදය ඔබටයි (නි)
මෙම පුවත කියවනවිට ඇස්වලට කඳුළු එනවා. කොච්චර උතුම් පින්කමක්ද මෙම සත්පුරුෂ පිරිස කරලා තියෙන්නේ? මෙවන් යහපත් මිනිසුන් ගැන අහන්න ලැබෙන එකත් අපේ පිනක්. (නි)
අපේ සැඟවුණු දෙවිවරු ටිකක්. (නි)
මොනතරම් භයානක අනතුරක්ද? (නි)
සංජීව,ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ ......" විජේරත්න, 99% ක්ම වෛද්‍යවරුන් මෙහි විස්තර කර ඇති අය වැනියි. මේ අයම හෙට දිනයේ "මරාගෙන මැරෙන" අය ලෙස හංවඩු ගසනු ඇත. අවාසනාවන්ත යථාර්ථය මෙයයි !!!! (නි)
මේ කටයුත්ත අගය කරන අතරම ප්‍රබෝධාට කිවයුතු යමක් තිබෙනවා. මගේ ආදරණීය අක්කා මෙවැනි වර්ජනයකදී අතරතුර දරු ගැබෙහි සංකූලතාවයකට ප්‍රතිකාර ප්‍රමාද වී මියගියා. මම මගේ පුද්ගලික අංශයේ රැකියාවෙන් රජයට බදු ගෙවන්නෙකු හැටියට අත්‍යවශ්‍ය සේවා සපයන අයගෙන් කාර්යක්ෂම සේවයක් බලාපොරොත්තු වීම වැරදියිද? වර්ජන කරමින් මඟ හරස්කර ඉල්ලීම් ඉල්ලනකොට මහජනයාගේ කෝපය සාධාරණයි. (නි)
විස්මිත සැත්කම තුළින් විස්කම් මැවූ "ජීවක" ලා ඇතුළු සහ එම සද්මෙහෙවරට අතහිත දුන් අනෙකුත් සියලු දෙනාටමද ඔවුන් මෙලොවට ජනිත කළ දෙමවුපියන්ටත් මගේ ප්‍රණාමය පළකරමි! ශල්‍යකර්මයට බඳුන්වූ අයටද ඉතා ඉක්මනින් සුව සහනය ලැබේවා! (නි)
කාර් පර්මිට් හෝ දොස්තර වර්ජන ගැනද මේක දැක්කම හිතෙන්නේ? අනතුරට පත්වූ දරු දෙදෙනාත්, ඔවුන් බේරාගත් දෙවියන් වැනි දොස්තරවරුන්ටත් මෙවැනි දුකක් කිසිදාක සිදුනොවේවා! නිරෝගී සම්පත්තිය ලැබේවා! (නි)
විශිෂ්ටයි! (නි)
විජිත්,ඔයා හරි ලස්සනට අදහස් දක්වනවා. අවුරුදු තිස් ගණනක් ප්‍රංශයේ ඉන්න ඔයාට සිංහල අමතක නොවුණ එක ගැන මට හරිම ආඩම්බරයි. ඇත්තටම ඔයා කිවුවා වගේ මේ ඉන්නේ මිහිපිට ඉන්න දෙවිවරු තමයි. (නි)
අමිත ගුණ නුවණ යුතු උතුමන් පබද, අනත වෙහෙස ලදුවත් නොමවෙති දුහද, දිගත පතල සුවඳාති සොඳ සඳුන් කඳ, සිදිත මඩිත එකලෙස පැතිරෙයි සුවඳ... වෛද්‍යතුමනි, ස්වභාව ධර්මයාගේ ආශිර්වාදය ඔබ සැමටයි. (නි)
සදුන් ගසක් සිඳිනවිට දසතෙහි සුවඳ පැතිරෙන්නා සේ උතුම් මිනිසුන්ට ගැරහුම් නින්දා අපහාස ආදී පීඩාවන් ලැබෙනවිටත් ඔවුන්ගේ ගුණ සුවඳම පැතිරෙන්නේය. (නි)
නොසැළකිළිමත්කම නිසා ඔය වගේ දේවල් නැවත සිදුවේවි. මෙය අන්තිම එක නොවෙයි (නි)
ලේය්ලන්ඩ් බස් එළවන අය හිතාගෙන යන්නේ තමන් පයිලට්ලා කියලා. ලංකාවේ දැනට පාරේ තිබෙන වාහන තදබදය නිසා වාහන පැදවීම ඉතාම අමාරුයි. 70 දශකයේදී සීටීබී රියදුරු පුහුණුව වගේ හොඳ පුහුණුවක් රියදුරන්ට අත්‍යවශ්‍යයි (නි)
මේ වගේ දොස්තරලා තමයි මිහිපිට ඉන්න දෙවිවරු. ඒ අයට පර්මිට් දුන්නට කමක් නැහැ. දේශපාලවන්ට දෙන පහසුකම් බැලුවහම දොස්තරලට දෙන පර්මිට් එක මොකක්ද ? (නි)
මෙච්චර වටිනා දොස්තරලගෙ තමයි වරප්‍රසාද කපලා, ඒ අයට මේ රට එපා කරවන්නෙ. (නි)
මෙවන් දේ දකිනවිටවත් මේ අය කරන සේවයේ වටිනාකම තේරුම්ගන්න ඕනෑ. ඔබ සැමට බොහෝ පින්. (නි)
ලංකාවේ දොස්තරලා කියන්නේ මිහිපිට ඉන්න දෙවිවරු කියලා කියන්නේ ඔවුන් අවම පහසුකම් යටතේ වුණත් විශ්මිත සැත්කම් දක්වන නිසයි. ඒ වගේම ඉවසීම/කැපවීම/බුද්ධිය ඒ සියල්ලෙන්ම අපේ දොස්තරලා ලෝකයේ අන් දොස්තරලට වඩා ඉදිරියෙන්ම සිටිනවා. මම මේ කියන්නේ අත්දැකිමෙන්මයි. (නි)
පහුගිය දවස් වල දොස්තරලාට කොච්චර බැන්නද? (නි)
වී.ගමගේ, මට හිතෙන හැටියට විජිත් නොව ඔයයි මෝඩ කතා කියන්නේ. හොඳට කියවන්න එයා මොනවාද කියලා තියෙන්නේ කියලා. අපේ රටේ ඕනෑතරම් දොස්තරලා ඉන්නවා තමන්ගේ රාජකාරිය හරියට නොකරන. (නි)
මේක ලොකු පිනක් (නි)
මම වෛද්‍යවරයෙක්. මෙහි ඇති ප්‍රතිචාර දුටුවිට හිතට පොඩි සහනයක් දැනෙනවා. අපිට ලෝකයේ ඉන්න නරකම මිනිස්සු කියලා බනින අය විතරක් ලංකාවේ ඉන්නවා වගේ පහුගිය දවස් වල දැනුනේ. ගොඩාක් වෛද්‍යවරුන් මේ වගේ තමයි. ඒක ලංකාවේ බහුතරයට නොතේරෙන එක ගැන පුදුම දුකක් දැනෙන්නේ..... (නි)
මිනිසුන්ගේ ජීවිත සමඟ බැදී තිබෙන රැකියා කරන අය (උද/; දොස්තරවරු) ගැන මිනිසුන්ගෙන් විශේෂ ගෞරවයක් ලැබෙන බව ඇත්ත, එය වැරදි ලෙස පාව්ච්චි කරන්න එපා. මේ රටේ අනිත් මිනිසුන්නුත් තමාගේ සේවය රටට ලබා දෙනවා. ඒ නිසා සෑම විටම ප්‍රශස්ති ගයන බලාපොරොත්තු නොවී තමන්ගේ රජාකාරිය කරමු.(ම)
මෙවැනි උතුම් සේවයක් කරන අයගේ වාහන පර්මිට් එක නේද නැති කරන්න යන්නේ. (නි)
මෙලොව දෙවිවරු (ම)
මේ අනතුර සිදුවූ අවස්ථාවේ උපකාර කළ සියලු දෙනා ට ස්තුතිය පුදකරනවා (ම)
මේ මිනිසුන්ට කාර් නොව හෙලිකොප්ටර් දුන්නත් මදි. (නි)
ඉතාමත් හොඳ වැඩක් (නි)
මේක ඔවුන්ගේ රාජකාරිය (නි)
අනේ! වෛද්‍යවරුන්ට විතරක් නෙමෙයි ඉංජිනේරුවරුන්ටත් පින් දෙන්න. මොකද වෛද්‍යවරු පාවිච්චි කරන උපකරණ හැදුවට (නි)
මොවුන් හොඳින් උගත් නිසා නේද මේ ජිවිත බේරාගත්තේ? ඉතින් මොවුන්ට රජයේ සැළකිලි ලැබීම සාධාරනයි නේද? (නි)
පින් සිද්ධවෙනවා. කාර්යක්ෂමව වැඩකර තිබෙනවා. (නි)
බොහොම පින් මිහිපිට දෙවිවරුනි. (නි)
ජීවිත බේරාගන්නවා කියන එක කාර් පර්මිට් දෙන්න හේතුවක් කියලා හිතන අයත් මෙතන ඉන්නවා වගේ (නි)
මෙම කටයුත්තට දායකවුණ සැමට පින්! (නි)
විජිත්, ඕනෑම දොස්තර කෙනෙක් තමන්ගේ සේවය උපරිමෙන් කරනවා. නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)
අයියා මලෝ බේරගෙන කරලා තියෙන්නේ ලොකු පිනක් ඒ පිනම ඇති.(හේ)
ජීවමාන දෙවිවරු කියන්නේ මේ වගේ දොස්තර මහත්වරුන්ටයි.(හේ)