කෝට්ටේගොඩ නාඹටුන්නේ සහෝදරයින් දෙදෙනකු කපාකොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. පියාගේ හත් අවුරුද්දේ දානයට සූදානම් වෙමින් සිටියදී දුරකතන ඇමතුමක් දී පාරට ගෙන්වා ගෙන මෙම අවරාධය සිදුකර ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් නිල සුනඛයකුගේ සහායෙන් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතා එකක් හරි නරක ආරංචි. විධායක ජනපතිධුරය නිසා තමයි එල්ලුම් ගහ ක්‍රයාත්මක කරන්න බැරි. වත්මන් ආණ්ඩුක්‍රම විවස්ථාවෙන් අධිකරණයෙන් මරණ දඬුවම නියම කලත්, විධායකයා තමයි තීරණය කරන්නේ ක්‍රයාත්මක කරන්න. නමුත් අධිකරණයෙන් මරණ දඬුවම නියම කලත්, විධායක බලතලින් නිදහස් වෙච්ච පිරිසකුත් අපේ රටේ ඉන්නවා. එනිසා තමයි මේ විධායක බලතල අහෝසිකලයුතුයි(අ).
ගල් ගසා පෝරනුවලට පණපිටින් දමන හා අහින්සක තිරිසනුන් දනහිස මත තබා මරණ ලොවක නසාර්ලාට නොපෙනීම කථා නොකිරීම තිරය පිටුපස රගණ ජවනිකාවකි.පොදුවේ මිනිසුන් සහ සතුන් මැරීම හොද නැත.(හේ)
රටේ නීතිය හරි හැටි ක්‍රියාත්මක වෙනවා නම් මේ අපරාධ වෙනවා අඩුයි.(හේ)
මරණ දඬුවම පිළිබඳව අධිකරණයේ තීරණය අවසාන තීරණයයි කියලා නීතිය වෙනස් කරන්න. විධායක ජනාධිපති මරණ දඬුවම නියමවුවන් සම්බන්ධව වගකීමෙන් නිදහස් කරන්න. මේවා ඔක්කොම වචන හරඹ.(හේ)
හරි නීතයක් තිබ්බානම් මේ වගේ වැරැදි වෙනවා අඩුයිනේ.(හේ)
ඇයි මේ තරම් මේ සමාජය කුහක.(හේ)
එල්ලුම් ගහ නීති ගත කරන්න ඕනි රජය මිස වෙන කවුරුත් නෙමේ .කියන්නේ නම් නිදහස් රට කියලා දැන් යුද්දේ නෑ ඕනි තැනක යන්න පුළුවන් කියලා (හේ).
එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ කළ මතවිමසුමකදී රටේ ජනතාව 88%ක් එල්ලුම් ගස නැවත ස්ථාපනය කිරීමට පක්ෂව මත පළකළා. ඇයි එය අදටත් හමස් පෙට්ටියේ තියාගෙන ඉන්නේ? (නි)
මහින්ද චින්තනය සමග පාරවල් ගොඩනැගිලි සංවර්දනය උනාට මිනිස් සිත දියුණු වී නොමැත (නදී)
ආර්තික අපහසුතාවය නිසාත් මිනීමැරුම් වැඩි වෙන්න එක හේතුවක් වෙන්න පුළුවන් ..මොකද ආර්තික අපහසුතා නිසා ඇති වෙන මානසික පීඩනයේ බලපෑම අනිත් සුළු ප්‍රශ්න නිසා ඇතිවෙන පීඩනය සමග එකතුවී එම සුලු ප්‍රශ්නයට විසුදුම විදිහට එක්කෝ මිනි මැරුම නැත්නම් දිවි නසාගැනීමට පොළඹවන්න පුලවන් !! (අ)
ම්ලේච්ච අදහස් ඇති පළිගැනීමේ චේතනාවෙන් පිරුණු බුද්ධිමත් නැති නීතිය හරි හැටි නොදන්නා අයවලුන් තමා නිතරම එල්ලුම් ගස නීති ගත කරන්න කියා ඉල්ලා සිටින්නේ! කෙනෙකු වැරදිකරු හෝ නිවැරදිකරු කරන්නේ දක්ෂ නීතිඥ මහතායි. එය නිවැරදි තීරණයක්ද? මෙය නීති ගත කළහොත් නඩු කියාගන්න මුදල් නැති අසරණ අහිංසක නිවැරදි මිනිසුන් කීදෙනෙක් නම් නිකරුනේ එල්ලුම් ගසට බිලිවෙයිද? දැනටමත් නිවැරදි මිනිසුන් කීදෙනෙක් නම් හිරේ ඉන්නවද? හොඳම නිදසුන තමඊ රිෂානා! අන්න ඒ සමාජයට නම් එල්ලුම් ගස ගෙලපෙනවා! මේ ජීවත් වෙන අවරුදු 50 වැනි කෙටි කාලය තුල ඔබලාගේ සිත් මෛත්‍රීයෙන් පුරවගන්න උත්සහ කරන්න! ඔබට කිසිම අවැඩක් නොවෙයි යනු මගේ විශ්වාසයි. (අ)
නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති රටක අපරාධ වැඩිවෙන එක වලක්වන්න බැහැ. ඒ නිසා හමයි විධායක ජනාධිපති ධුරය නැති කරලා (විධායක ජනාධිපතිවරයාට විරුද්ධව අධිකරණයේ නඩු පවරන්න බැරි. උසාවියෙන් වැරදි කරුවන් වන පුද්ගලයන්ට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට තිබෙන හැකියාව නතර කිරීමට ) 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංසෝදනය මෙරට තුල ක්‍රියාත්මක කිරීම වැදගත්. (නදී)
ඕනෙම රටක නීතිය ක්‍රියාත්මක වන්නේ වැරදි කරුවන්ට දඬුවම් දෙන්න. ඒ නිසා ඕනෙම දඬුවමකට බිය විය යුත්තේ වැරදි කරුවන්. ඒ බැවින් එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිකෙනෙකු බිය විය යුතු නැහැ. එය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව තමා බිය විය යුත්තේ. (නදී)
බල්ලෝ බළල්ලු ගානට අද මිනිස්සු මරන්නේ හා මැරෙන්නේ.හේතුවක් දන්නේ නැති වුනත් මේවගේ දේවල් අනුමත කරන්න බැහැ කොහොමටත්.(හේ)
මේ වගේ වැරදි කරන අයට උපරිම දඩුවම් දෙනවා.(හේ)
නීතිය ක්‍රියාත්මක විය යුත්තේ සමාජ අනුව නොව වරදේ ස්වාභය අනුව. (හේ)
නාමල්,එතකොට මේ අපරාද කරන අය හොද බුද්ධිමත් අහිංසක මෛත්‍රී සහගත අයද?රිෂානා වගේ අය බොහොම විරලයි,ඒ සිද්ධිය හා ලංකාවේ වෙන අපරාධ ගොඩක් පරස් පර විරෝදියි. නීතිඥ මහතාගේ දක්සකම් නෙවි මේ කියන්නේ රටේ නීතිය මීට වඩා තදින් ක්‍රියාත්මක වෙන්නේනම් අපරාධ අඩුයි.,ඒ නිසා තමා සෞදියේ වගේ නූගත් මිනිස්සු වැඩි රටක ආගමික බලයෙන් නීතියේ බලයෙන් මිනිසුන් හික්මිලා ඉන්නේ.අපේ රටේ අපරාධ වලට නිදහස වැඩි ඕනෑතරම් මිනීමැරුම් ඔප්පුවෙලා තියනවා සැකයකින් තොරව,අන්න එවැනි දෙන්නෙක් එල්ලුවනම් අනිත් අය ඒවා කරන්න කලින් දෙපාරක් හිතනවා.එතකොට නියම සමාජයක් බිහිවෙන්නේ,ප්‍රබාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක්.උෟට සාමෙන් වැඩක් ඌට,තේරුනෙත් නෑ,ත්‍රස්තවාදෙන්ම සැලකුවම තමා අද අපිට මෙහෙම ඉන්න පුලුවන් වුණේ,ඔය මෛත්‍රිය උගන්වන අයත් දැන් පාර්ලිමේන්තුවට වෙලා පොරකනවා මිස එයාලගෙන් වියයුතු දේ කරන් නෑනේ.තම තමුන් අනිත් අය ගැන මෛත්‍රියෙන් හිතන්නේ කීයෙන් කී දෙනාද,එහෙම වෙනවනම් හොදා,එත් එ්ක නොතේරෙන අයට???(අ)
මොන දේ බෙදා ගන්න බැරිවද මේ මැරෙන්නේ.(හේ)
ඔය විධායක ජනපතිධුරය නැති කරන්න දගලන උදවියට රටේ අපරාද වලට අවශ්‍ය කරන එල්ලුම් ගහ ගැන හිතන්න බැරිද?(හේ)
අපරාධ කාරයෝ නැවත නො ඉපදෙන්න ඕනේ, හොඳ මිනිස්සු නැවත ඉපදෙන්න ඕනේ, (අ)
අපේ රටේ මේවගේ අපරාධ හැමදාමත් අසන්නට ලැබෙනවා. අපිත් ඒවා කියවලා තවත් එක පුවතක් ලෙස සලකා නිහඬව ඉන්නවා. නමුත් දෙමාපියන්ට හා ඥාතීන්ට තමා ඒ ජීවිතවල වටිනාකම්. ක්‍රෝධය,වෛරය නිසා මිනීමරන කොටසක්, මුදල් ලබාගෙන මිනීමරන තව කොටසක් මේ සියල්ල සිදුවන්නේ මෙරටේ නීතියක් නැති නිසා. මිනී මාරුව දින 14කින් එලියට. නැවතත් තව ජීවිතයක් බිලිඅරන් නැවතත් ඇතුලට, නැවතත් එලියට මේක තම සිදුවන්නේ. එකෙක් දෙන්නෙක් එල්ලලා මරුවානම් ඒ අපරාධ කරුවාට සම්පූර්ණයෙන් තිත. ඒ වගේම වෙනත් අපරාධ කරුවන්ටත් අදාළ දඬුවම එවිට මේ අයටත් තේරේවි මරණයේ බිය හා අනුන්ගේ වේදනාව. මෝඩ මිනිසුන් ඉදිරිපත් කරන මෝඩ තර්ක නිසාත්, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිමින් මරණ දඬුවමට බාධා කරන නිලධාරීන් මරණකරුගේ අයතිවාසිකම් ගැන එය කතා නොකරන්නේ? ඒ අයගේ ස්වාමියා, සහෝදරයා, දුව හෝ පුතා මේ වගේ ඉරණමකට මුහුණ දුන්නනම් ඒ අයටත් ඒ වේදනාව දැනේවි. ලංකාවේ මිනිස්සු ගොඩක් අවාසනාවන්තයි. (හේ)
තිරිසනා ලෝකේ ඉපදී, මිනීමරුවන් සොයදෙයි ලගදී , (හේ)
මේ ප්‍රතිචාර දැක්කම "ඇම්ඩන් ගේ මැක්කා " කතාව මතක් වෙනවා. ඉදිරියට කෙනෙක් අසනීප උනත් කියාවි විධායකය නිසා අසනීප වුණු බව. (හේ)
මීනි මැරුම් දැන් ලංකාවේ වැඩියි.(හේ)
ආගමික නායකයිනුත් රට හදන වැඩේට බැහැලා.මිනිස්සුන්ගේ හිත් අයාලේ ගිහින් දුෂණය වෙලා,විනාශ වෙලා.තණ්හාව,ආශාව,රාගය,මිනිස්සුන්ගේ හිත් වල රජ කරන්න පටන් අරන්. අපේ රට හදන්න යන්න දඟලන සියලුම ආගමික නායකයින්ගෙන් ඉල්ලන්නේ මිනිස්සුන්ගේ හිත් හදන්න ආගමික වැඩසටහන් රට පුර ක්‍රියාත්මක කරන්න. සියලුම ආගම නායකයින්ගේ ඉල්ලන්නේ. (හේ)
එල්ලුම්ගහ අනිවාර්ය කළ යුතුයි (දිල්)
එල්ලුම් ගහ නැවත ගෙනාවොත් ඉස්සෙල්ලාම එල්ලන්න වෙන්නේ රටේ පක්ෂ විපක්ෂ ලොකු ලොක්කෝ ටික නේ. ඉතින් කව්ද ඕක ගෙන්න කැමති වෙන්නේ.?(අ)
පම්පෝරි ගහන දකුණේ වීරයන්ගේ තවත් වික්‍රමයක් ද? (අ)
එල්ලුම් ගහ ගේන්නම ඕන මේ වන අපරාධ අඩුකරන්න. හැමදාම කොහේ හරි මිනීමැරුමක්. අපරාධ වැඩිවෙනවා මිසක් අඩුවීමක්නම් දකින්නට නැහැ ශ්‍රිලංකාවෙ. (අ)
දීපාල්ගේ අදහසට මමත් එකගයි. ඔය පොදු විපක්ෂයේ යෝජනාවලියට එල්ලුම් ගහත් අනිවාර්ය කලොත් ඔවුන්ගේ ජය තවත් ඉහලට ,,,,,,,,(අ)
ඔය පැති ගැන කියලා වැඩක් නැහැ අපි නොදන්නා දකුණද?(හේ)
පොඩි දේටත් මිනී මරාගන්නේ ඇයි.(හේ)