මසුන් මැරීම සඳහා මීගමු බහුදින යාත්‍රාවකින් පසුගිය නව වැනිදා ජාත්‍යන්තර මුහුදට ගොස් යාත්‍රාවේ ඇති වු දෝෂය සෙවීමට මුහුදට බැස්ස බව කියන අයියා මලෝ (17) සිට අතුරුදන්ව ඇත
රන්දිල් දෙක නම් බහුදින යාත්‍රාවෙන් ධීවරයන් පිරිසක් සමග මුහුදු ගොස් අතුරුදන්ව ඇති දෙසොහොයුරෝ මිගමුවේ සිට නාවික සැතපුම් හාරසියක් ගැඹුරු මුහුදේදී මෙසේ අතුරුදන්ව ඇති බව ධීවර දෙපාර්ථමේන්තු නිලධාරියෙකු පැවසීය.
මෙසේ අතුරුදන්ව ඇත්තේ(22)මහේෂ් වසන්ත(18)රමේෂ් සුසන්ත නම් තරුණයන් දෙදෙනෙකි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැඹුරු මුහුද කොච්චර භයානකදැයි මේ අය නොදැන සිටියාද? කණගාටුදායක පුවතක් (නි)
මට නම් හරි දුකයි මේක දකිනකොට. එක සහෝදරයෙක් වතුරට බැහැලා අතුරුදන් වුණාම අනෙක් සහෝදරයා දිවි නොතකා වතුරට බහින්න ඇති (නි)
දෙන්න එකම වගේ පෙනුම. පවු! (නි)
මේ දේ විශ්වාස කරන්න අමාරුයි. මොකද බෝට්ටුවේ එන්ජිමේ දෝෂයකට ඇයි අයියයි මල්ලියි විතරක් මුහුදට බැස්සේ කියලා. මොකද තව කට්ටිය ඉන්නවනේ. මේ ගැන හොඳට හොයන්න වෙනවා. කොහොම වුණත් කණගාටුයි තරුණ ජිවිත ගැන. (නි)
පවු අහිංසක තරුණ ජීවිත! (නි)
බෝට්ටුවේ ඉන්න අය කියන දේ විශ්වාස කරලා හරියන්නේ නැහැ . මම දන්නවා ගොඩක් බහුදින යාත්‍රාවල ගොඩබිමේදී සහ මුහුදේදී සේවකයන් අතර ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙනවා . ඒවා විසන්දගන්නේ ගොඩක් දුරට මුහුදේදී .. මෙයත් ගොඩක්දුරට එවැනිම ප්‍රශ්න විසඳ ගැනිමක ප්‍රතිපලයක් විය හැකියි . (හේ)
නාවික සැතපුම් 400 ක් කියන්නේ කිලෝමීටර් 800 කට ආසන්න දුරක් . දැන් මිනිස්සුන්ට බෝට්ටුව පිරෙන්න මාළු අල්ලගන්න මෙච්චර දුරක් යන්න සිද්දවෙලා .(බ)
මූදු රස්සාව කියන්නේ හරි භයානක රස්සාවක් . එක පැත්තකින් මූද විශ්වාස කරන්න බැහැ. තව පැත්තකින් බෝට්ටුව සහ එන්ජිම විශ්වාස කරන්න බැහැ . තව පැත්තකින් මාළු අහුවෙයිද කියල විශ්වාස කරන්න බැහැ (බ)
අතුරුදහන් වුණා කියන්නේ සිරුරු හොයා ගෙනවත් නැතිවනේ. මටත් සැකයි. (බ)
මේක විස්වාස කරන්න පුලුවන්ද . කරුණාකරලා හොඳට හොයන්න. මේ අහිංසක ජීවිත. (හේ)