මදුම බණ්ඩර ළමා වීරයා රජවාසල ගහලයාගේ අසිපතට නොබියව මුහුණ දී වීරයකු සේ මියයෑමෙ සිද්ධියේ දෙවැනි ශත සංවත්සරය සමරමින් මාතලේ පල්ලොපොළ ඇහැලේ පොළ රජමහා විහාරයේ දැන් උත්සවයක් පැවැත්වෙයි. මද්දුම බණ්ඩාර ළමා වීරයා මරාදැමූ වේලාවේම ළමා නාට්‍යයක්ද රඟ දැක්වීය. අමාත්‍ය ටී.බී. ඒකනායක මෙහි විශේෂ අමුත්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදීප් දන්නේ කළු සුද්දෝ ලියපු වැරදි ඉතිහාසයයි. නියම නිවැරදි ඉතිහාස සිදුවීම් සියල්ල උන් වලලා දැම්මා. (නදී)
අතීතේ ඉදන් කියවෙන අපේ ජාතික වීරයින් ගැන අපි නැවත නැවතත් අපේ දරුවන්ට මෙන් අපිද තදින් මෙනෙහි කල යුතු කාලයකි. මේ සෑම සිදුවී මක් අභ්‍යන්තරයේ අපි නොදුටු අපිට ආදර්ශයට ගැනීමට ලොකු වැදගත් දෙයක් එදා සැගවී ඇති බව නම් සත්‍යයකි. එදා ඉංග්‍රීසීන් පලිගන්න අයුරින් එසේකලත් ,අපේ රජුන් පවුල පිටින් මැරීමට අණ දුන්නත් ..ඉංග්‍රීසීන් අපේ ගැහැණු බලහත් කාරයෙන් දුෂණය කලේ නැහැ. ඒත් අද තමන්ගේ ලෙයින් දාව උපන් දරුපැටියව,සහෝදරීව, වයස් ගත මැහැල්ලව දුෂණය කරන්න තරමට අපේ පරපුර පිරිහිලා. ජාතික වීර වරුන්ව සිහිකරලා ඔවුන්ගේ ගුණ සමරන්න තරමටවත් අපිට අපේ ජාතියක් මතුවට ඉතිරි වෙයිද කියල හිතට හරිම දුකයි.(නදී)
බොහොම හොඳ ක්‍රියාවක්. දැන් ඉස්කෝලෙ යන ළමයි බොහොමයක් අපේ වීරයින් ගැන දන්නේ නැහැ,දන්නේ ජස්ටින් බිබර් ,මයිකල් ජැක්සන් ෆේස් බූක්, මොබයිල් පෝන් ගැන විතරයි. (ස)
අම්මෝ දැක්කම බය හිතෙනවා. ගහලයා නිකමටවත් දර්ශනය තාත්විකව කරන්න හිතුවානම් සුන්. මෙවැනි නාට්‍යවලට නියම ආයුධ භාවිතා නොකළ යුතු බව මගේ හැගීමයි.(නදී)
ප්‍රදීප්ව පහේ පන්තියට දැම්මා නම් හොඳයි අායෙත් ඉතිහාසය මුල ඉදන් ඉගෙන ගන්න. ඇහැලේපොල මහා අදිකාරම් සුද්දන්ට කඩේ ගියේ එතුමාගේ අර අහිංසක දරු පවුල රජතුමයි , මොල්ලිගොඩ නිලමෙයි එකතු වෙලා මර දැම්ම නිසයි. මොකද ඔය දෙන්නම ඇහෙලේපොල කුමාරිහාමිගේ ලස්සනට වහ වැටිලා හිටියේ. කුමාරිහාමිව නම්මගන්න බැරිවුන තැන අදිකාරම්ට බොරු වැරද්දක් පටවල අසරණ දරුපව්ලව මරා දැම්මා. ජුවාන් මේ දරුවා සියදිවි හානි කරගත්තේ නෑ රජ්ජුරුවෝ මේ අහිංසක ළමයට මරණ දඬුවම දුන්නා, ලොකු බණ්ඩාර බයේ ඉන්නකොට මද්දුම බණ්ඩාර මුලින්ම මරණයට කැපවුනා.(නදී)
මේ හේමන්ත කොලුවට මට තරම්වත් ඇස් පේන්නේ නැහැනේ. ඒ ලී අසිපතක කළු පාට ටිකක් ගාලා කොල්ලෝ.(නදී)
මුළු ලෝකයෙන්ම මෙවැනි වයසක (7) දරුවෙකුගෙන් මෙවැනි වීර ක්‍රියාවක් වාර්තා වී නොමැත. මද්දුම බණ්ඩාර කුමරුවන් කෙළිදෙලෙන් දුව පැන ඇවිදපු ඇහැලේපොල වලව්ව පෙන්නන මගේ පුතාවත් එක්ක යන්න ඉන්නේ.(නදී)
ඒ කාලයත් ලංකාවේ පිරිමි අනුන්ගේ ගෑනුන්ට කෑදර කමේ ඉදල තියන්නේ. (ස)
තැනක් යූ ඇල්බට් මාමේ. ඔන්න දැනුයි මට සිහි කල්පනාව ආවේ. (නදී)
ඉෂාර හරියට හරි කුමරීහාමිට පුළුවන් කමක් තිබ්බා ඔක්කොම බේරගන්න. අදිකාරමට කැමති උනානම් ඒ ඇති. ඒත් තමන්ගේ පතිවත රැකලා මැරුණත් කම් නැහැ කියා නිර්භීත වු ගැහැනියක්.(නදී)
පොඩි ළමයෙක් වුන මද්දුම බණ්ඩාර මරණයේ තරම නොදැන මරණයට එකඟ උනාට, එය වීර කමක් වන්නේ කොහොමද? ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ මෝඩ අදහස් මෙයින් මනාව පැහැදිලි වේ. (ස)
උදුල් ඔය නිකන් නිකමෙක් වගේ කතා කරන්ට එපා මෝඩ කම තිබ්බට ප්‍රදර්ශනය කරන්ට යන්ට එපා. ඔයාගේ අම්මා තාත්ත මේ රටේද ? (නදී) .
උදුල් එතකොට වීර කැප්පෙටිපොල ,පුරන් අප්පු මරණය හමුවේ දක්වපු නිර්භීත බව අනුව එතුමන්ලව වීරයින් හැටියට පිළිගන්නවද ? එතකොට පොඩි ළමයි කොන්ඩේ කපනකොට ,ලේ ගන්නකොට ,දත් සුද්දකරන්න ගෙනියනකොට අඩන්නේ ඇයි? ඕකනේ මම කියන්නේ හැමදාම සිංහලයොත් කොටස් දෙකක් ඉන්නවා විජයගේ කට්ටිය සහ රාවනගෙන් පැවත එන කට්ටිය. මේවට ප්‍රතිචාර දානකොට ඒ අයව අදුනගන්න පුළුවන්.(නදී)
උදුල් දන්නා දෙයක් ගැන කතා කරන්න. මෝඩයෙක් උනාට පෙන්නන්ට යන්ට එපා.(නදී)
පහන් ඔබගේ කියමනට මමත් එකගයි. එහෙම තමයි වෙන්න ඕනේ. අපේ අලුත් පරම්පරාවට ඕවා පෙන්නන්ට ඕනේ.(නදී)
රාජසිංහ රජ්ජුරුවෝ වැරදි වෙන්න පුළුවන්. හැබැයි සුද්දොන්ට කඩේ යන එක අනුමත කරන්න බැහැ. එහෙනම් අද කාලේ ජෙනිවා යන කට්ටිය කරන එකත් හරි. (නදී)
මේ වගේ මිනීමැරුම් දැන් ඇතැම් අයට සාමාන්‍ය දෙයක් වෙලා. (ස)
උදුල් ඔබ ඉගෙනගත්තේ ජාත්‍යන්තර පාසලකද ? වැඩිහිටියන් වත් මේ ජාතික වීරයා ගේ පුවත් කියලා දුන්නේ නැද්ද ? එහෙම නම් මම ඔබට දොස් කියන්නේ නැහැ. (ස)
මරණය කියන සංකල්පය දැන ගැනීමට වයස අවු.6ක්වත් අවශ්‍යයි. ඊට ප්‍රථම මරණය යනු කුමක්ද නොදනී.මද්දුම බණ්ඩාර මැරුනේ වයස කීයෙදිද? 6ට කලින් නම් ඔහු වීරයෙක් නොවේ. (ස)
එල් ටී ටී ඊ එකේ ළමා සොල්දාදුවෝ වීරයෝද? (ස)
ඇහෙලේපොල කියන්නේ සුද්දන්ට කඩේ ගිය කෙනෙක්. එහෙනම් ඔහුගේ පුත්‍රයා වීරයෙක් වෙන්නේ කොහොමද? (ස)
තමන්ගේ ජාතිය ආගම විවේචනය කරන කට්ටියක් ඉන්න එකම කොට්ඨාශය සිංහල බෞද්ධයෝ කියලා සමහර අදහස්වලින් පේනවා. (ස)
ළමා සොල්දාදුවෝ ඒ කව්ද? (ස)
තම ලමයින්ට සියදිවි හානිකරගැනීමට අනුබල දීම මානුසික අයිතිවාසිකමි උල්ලංගනය කිරීමක් බව මේ අැත්තන් නොදැන සිටීම පුදුමයට කරුණක්.(නදී)