රංජන් කස්තුරි
රජයේ පාසල්වලට ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණයට සිය වැඩිමල් සොයුරා වෙනුවට පෙනී සිටි බාල සොයුරකු හෝමාගම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
අම්පාර දිස්ත්‍රික්කයේ අයදුම්කරුවකු වෙනුවෙන් එම සැකකරු ප්‍රායෝගීක පරීක්ෂණයක් සඳහා ඉකුත් දා පනාගොඩ යුද හමුදා කඳවුරට පැමිණ තිබෙන අතර එහිදී නිලධාරීන්ට ඇති වූ සැකයක් මත දීර්ග ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඒ බව පොලිසියට දැනුම් දී තිබූ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
අත්අඩංගුවට පත් වන විට සැකකරු ළඟ ජාතික හැඳුනුම්පත් දෙකක් තිබී ඇත.
පාසල්වලට ක්‍රීඩා පුහුණුකරුවන් 3800ක් බඳවා ගැනීම සඳහා මේ දිනවල ප්‍රායෝගික පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයියා මලෝ කට්ටලයේ වංචාව අල්ලා ගත් නිලධාරීන්ට අපේ ආචාරය ! මේ හොරු යුගලට ජීවිතාන්තය දක්වා රජයේ කිසිම තරඟ විභාගයකට පෙනී සිටීම තහනම් කොට, විශාල දඩයකටත් සිර දඬුවමකටත් යටත් කල යුතුය. මේ දෙන්නා වැරදිලාවත් තෝරා ගත්තා නම් ඇතුල් උනාට පස්සේ, එකත් හෝදගෙන තමා පිට වෙන්නේ !!!
අයියා මොකෝ මල්ලි මොකෝ. එක හැලියේ බත් කන්නේ.
ඇප දිය නොහැකි වරදක්.